අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ට වේදනා නාශක තොගයක් යවා ඇති බවට ෙහළි ෙවයි

ISIS_TRAIL_OF_TERROR_16x9_992

ඉන්දියානු සමාගමක් විසින් ශ්‍රී ලංකාව හරහා ලිබියාවේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ට ට්‍රැමඩෝල් වේදනා නාශක පෙති තොගයක් යවා ඇති බවට විදෙස් පුවත් සේවා අනාවරණය කර තිබේ.

ඉතාලියානු පොලීසිය විසින් තම බාරයට ගෙන ඇති එම වේදනා නාශක පෙති, ප්‍රමාණයෙන් මිලියන 37ක් බව හා එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 75ක් බව  PTI පුවත් සේවය උපුටා දක්වයි.

වෙළෙඳ වාසි ලබාගැනීම සඳහා හෝ අයි.එස් සටන්කාමීන්ගේ ප්‍රයෝජනය සඳහා  මෙම පෙති ගෙන්වන්නට ඇතැයි ඉතාලි පොලීසිය සඳහන් කර තිබේ.

ඉන්දියානු ෆාමර්සූටිකල් සමාගමක් විසින් මෙම වේදනා නාශක පෙති තොගය අ.ඩොලර් මිලියන 250,000ට අලෙවි කර ඇති බවත්, ඩුබායි කේන්ද්‍ර කරගත් ආනයනකරුවෙකු විසින් මෙම පෙති තොගය ඇනවුම් කර ඇති බවත් අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාව හරහා මෙම වේදනා නාශක පෙති තොගය ගෙන්ව‍ා ඇති බවත්, ශ්‍රී ලංකාවේදී මෙම තොගයට අදාළ නිල ලියකියවිලි අතුරුදහන් කෙරෙන බවත්, ඉතාලි පොලීසිය විසින් අත්අඩංගුවට පත්වනවිට මේවා බ්ලැන්කට් සහ සැම්පු තොගයක් ලෙස නම්කර තිබුණු බවත් PTI පුවත් සේවය වැඩිදුරටත් කියා සිටියි.