බැසිල්ට සිතාසි

basil-rajapaksa

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහි චෝදනා සම්බන්ධ සාක්ෂි විභාගය නොවැම්බර් මස 08 වනදා සිට සිදු කිරීමට තීරණය කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේ එදිනට අධීකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසයි.

චෝදනා 07ක් යටතේ නීතිපතිවරයා විසින් අදාළ පැමිණිල්ල ගොණු කර තිබුණි.

දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කිත්සිරි රණවක, හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි සහ අර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුන් ද චූදිතයින් අතර වෙයි.