2015 ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයේ ප්‍රමඛත්වය

HRC_GENEVA

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වයෙහිලා සැලකිය යුතු බව ශ්‍රී ලංකා රජය පිළිගෙන තිබේ.

යුරෝපා සංගමය හා ශ්‍රී ලංකා රජය එක්ව ප්‍රකාශයට පත්කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වෙයි.

යුරෝපා සංගමය යටතේ නීතිය, සාමය හා මානව හිමිකම් පිිළිබඳ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයින් ලෙස  ශ්‍රී ලංකා රජය-යුරෝපා සංගමය ඒකාබද්ධ කොමිසමේ මාර්තු 13-14 යන දෙදින පැවති දෙවන රැස්වීමෙන් අනතුරුව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත.

2015 වසරේ දී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වු යෝජනාවේ සදහන් කරුණු ක‍්‍රියාත්මක කිරීමට මේ වන තෙක් කාලය හිමි වු අතර එහි ඇතුළත් යෝජනා ක‍්‍රියාත්මක කිරීම සදහා මාස 12 ක කාලයක් හිම ව තිබේ.

මෙහිදී දෙපාර්ශවයම දේශීය හා ගෝලීය වශයෙන් මානව හිමිකම් ප‍්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම හා ඔවුන් කැපවීම තහවුරු කළ යුතු අතර මානව හිමිකම් සාර්ථක ලෙස ක‍්‍රියාත්මක කිරීමට ද සහයෝගයෙන් යුතුව කටයුතු කළ යුතු බව අවධාරණය කර තිබේ.
එමෙන්ම ලබා ඇති ප‍්‍රගතිය අදහස් ප‍්‍රකාශ කිරීම හා මාධ්‍ය නිදහස පවත්වා ගෙන යෑම තුළින් සිවිල් සමාජය ශක්තිමත් කිරීම හා ස්ත‍්‍රී හා ළමා අයිතිවාසිකම් සුුරැුකීම හා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබද කතා කිරීම යන ආදී කරුණුවල ඇති වැදගත්කම පිළිබදව ද මෙහිදී අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.
එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ‍්‍රී ලංකාවේ කළ සංචාරය මෙන්ම 2015 යෝජනාවේ ඇතැම් කරුණු ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකාව සමත්වීම පිළිබදව පැසසීමට ලක් කරමින් මෙම යෝජනා සැසිවාරයට ඉදිරිපත් කර තිබේ.