අපිත් මහ පාරේ ගත්තා නම් පාර පුරාවට සෙනඟ පෙන්නන්න තිබුණා – නාමල්

namal-rajapaksha-new-2

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතින් වැරැද්දක් සිදුවූයේ නම් ඒ පිට්ටනියක් තෝරා ගැනීම බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දිනය පැවැත්වූ බොරැල්ල කැම්බල් පිටියේ ඇතුළේ සිටියාට වඩා හතර පස් ගුණයක් එළියේ සිටි බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඊයේ (01) දින පැවැත්වූ මැයි දින රැළි අතරින් සාර්ථකම මැයි දින රැළිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පැවැත්වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.