සුපිරි සිපිරි ගෙදරට යමු

1-A

රුපියල් මිලියන 4996 ක්  මුදලක් වැය කරමින් අක්කර 58 ක භූමි ප්‍රමාණයක්‌ තුළ ඉදිකෙරෙන අඟුණුකොලපැලැස්සේ ඉදිවන අලුත් බන්ධනාගාරය ගැන රට පුරා කසු කුසුවක් ඇති වී තිබෙන නිසාම අපිත් ඒ ගැන විපරම් කළා.

2014 මැයි 16දා වන දා තමයි මේ සුපිරි සිපිරි ගෙදර තැනීම ආරම්භ වෙලා තියෙන්නෙ.  රැඳවියන් 2000 කට පමණ  ඉඩ පහසුකම් මේ බන්ධනාගාරයේ තිබෙනවලු.

3 (5)8

ඒ විතරක් නෙවෙයි,වර්තා වෙන විදියට  වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක්‌, කර්මාන්ත සඳහා වෙනම ගොඩනැඟිල්ලක්‌, නිලධාරීන් සඳහා නිලනිවාස 140 ක්‌ සහ තනිකඩ නිලනිවාස වැනි පහසුකම්වලිනුත් මේ බන්ධනාගාරය සන්නද්ධයි.  රැඳවියන්ගේ අවශ්‍යතා සඳහා මීටර් 4000 ක ධාවනපථයක්‌, මීටර් 25 කින් යුත් පුළුල් නාන තටාකයක්‌ද මෙහි ඉදිකර ඇති බවත් වැඩිදුර ආරංචිමාර්ග සනාථ කර තිබෙනවා.

92A