අද සිට ඖෂධ මිල පහළට

tablat

ඖෂධ කාණ්ඩ 60ක මිල 16% කින් අඩු කරමින් පසුගිය 15 වනදා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනය අද (26) සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව යම් ඖෂධ නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු හෝ බලයලත් ඕනෑම පාර්ශවකරුවෙකු ගැසට් නිවේදනය මඟින් දක්වා ඇති සංශෝධිත මිල ගණන් යටතේ පමණක් අදාළ ඖෂධ අලෙවි කිරීම සිදුකළ යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.