සංචාරකයින් රට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා…..

News Iamges.00_00_00_09.Still3149

මෙරටට පැමිණෙන සංචාරකයින් රට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණය 2030 වසර වනවිට සැලකිය යුතු මට්ටමින් ඉහළ නංවා ගැනීමට සැලසුම් සකස් කරමින් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.

ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ වියදම් කිරීමේ සාමාන්‍ය ඩොලර් 148ක් බවය.

කළුතර දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට අදාළව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (14) පැවැති සාකච්ඡාවකදී සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“අපි බලයට පත්වුණාට පස්සේ අපි Study එකක් කළා. විශේෂයෙන් කොවිඩ්වලින් පස්සේ සංචාරකයින්ගේ හැසිරීම පිළිබඳව. ඒ අයගේ වැය කිරීම් පිළිබඳව.”

“සාමාන්‍යයක් විදියට ගත්තොත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙක් ඩොලර් 148ක් තමයි වියදම් කරන්නේ. ඒක 2018 -2019 ඩොලර් 171ක තිබුණේ.” 

“අපි 2030 වෙනකොට මෙන්න මේ සාමාන්‍ය වියදම එහෙම නැත්නම් සංචාරකයෙක් කරන වියදම වැඩි කරගැනීම තමයි අපේ ඉලක්කය. ඒ හරහා තමයි ආර්ථික දායකත්වය අපිට වැඩි කරගන්න පුළුවන්.”

“එහෙම වැඩි කරන්න නම් අපේ සංචාරක අත්දැකීම අපි දියුණු කරන්න ඕනේ. මේක ඉබේ වෙන එකක් නෙමෙයි. සැලසුමකට අනුව කරන්න ඕන දෙයක්.”