ඉන්දියන් සාගර සියවසේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි – නාමල්ගෙන් ඇරයුමක්….

News Iamges.00_00_00_09.Still3153

“ඉන්දියන් සාගර සියවස” ලෙස හැඳින්වෙන නව ගෝලීය යුගයේ ප්‍රධාන ආර්ථික හා උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

සිංගප්පූරුවේ පැවති ගෝලීය පෙරදිග ආර්ථික සහයෝගිතා සමුළුව අමතමින් ඔහු සඳහන් කළේ, ඉන්දියන් සාගර කලාපය ඉදිරි දශකයේ පමණක් නොව, ආර්ථික හා උපායමාර්ගික බලපෑමෙන් ලෝකය හැඩගස්වන සුවිශේෂී සියවසකට පිවිසෙමින් සිටින බවයි.

මිල්කන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ සභාපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු ඇමෙරිකානු නියෝජිත කර්ටිස් එස්. චින් මහතා සමඟ පැවති සංවාදයකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ, ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව සම්බන්ධ කරන විශ්වාසනීය ආර්ථික හා උපායමාර්ගික පාලමක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම තමන්ගේ දැක්ම බවයි.

නවෝත්පාදනය, සහයෝගීතාව සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින් තරුණ පරපුරට වැඩි අවස්ථා නිර්මාණය කිරීම සහ ගෝලීය ආර්ථිකය තුළ ප්‍රමුඛ භූමිකාවක් ඉටු කිරීමට මීළඟ පරම්පරාව සූදානම් කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

“ඉන්දියන් සාගරය සියවස් ගණනාවක් පුරා විවිධ ශිෂ්ටාචාර එකිනෙක සම්බන්ධ කළා. දැන් එය අනාගතය සම්බන්ධ කරන කේන්ද්‍රස්ථානයක් විය යුතුයි,” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.