ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් යන දූපත්වල ක්‍රියාත්මක වෙමින් පවතින දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති (Hybrid Renewable Energy System – HRES) ව්‍යාපෘති කේන්ද්‍ර කරගත් දූපත්, හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ජනධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත.
බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (15) පැවති අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම උපදෙස් ලබාදී තිබේ.
බලශක්ති අමාත්‍යාංශය විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය, මේ වසරේ අවසන් කළ හැකි ව්‍යාපෘති සහ ඉදිරි වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
එමෙන්ම ජයිකා ආධාර යටතේ ආරම්භ කර පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමග නවතා දමන ලද, බලශක්ති ව්‍යාපෘති යළි ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුකර ඇත. මෙහිදී 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
දැනට ක්‍රියාත්මක වන කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දෙවන භූගත විදුලි සම්ප්‍රේෂණ මාර්ගය (220 kV), සාම්පුර් – කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය, නව හබරණ – කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය – CEATP, පාදුක්ක 220kV ජාල උපපොළ (GSS) STATCOM ස්ථාපනය කිරීම, වහල මත සවිකරන සූර්ය බලශක්ති එකතු කිරීමේ සහ අතථ්‍ය ශුද්ධ මිනුම් ව්‍යාපෘතිය (Virtual Net Metering Project) ඇතුළු දැනට ක්‍රියාත්මක සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

