2026දී ආර්ථික වර්ධනය ගැන පුරෝකථනයක්…..

News Iamges.00_00_00_05.Still2282

2025 වසරේදී ශ්‍රී ලංකාව අත්කරගත් ආර්ථික වර්ධන වේගයට වඩා පහළ අගයක් 2026 වසරේදී වාර්තා විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

අද (22) පැවති “BIG FOCUS” වැඩසටහනේදී ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ, සංචාරක පැමිණීම 30%කින් පමණ පහළ ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, කාලගුණික හා දේශගුණික බලපෑම් හේතුවෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයද පීඩාවට පත්ව ඇති බවය.

එමෙන්ම කාර්මික අංශයේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ අපනයන ක්ෂේත්‍රයට ඇතිව ඇති බාධා හේතුවෙන්, සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් දුර්වල වීමේ අවදානමක් පවතින බවද ඔහු අවධාරණය කළේය.

ගෝලීය ආර්ථික තත්ත්වයද මෙයට බලපාන බව පෙන්වා දුන් මහාචාර්යවරයා, International Monetary Fund (IMF) විසින් ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන පහළ දමා ඇති බව සඳහන් කළේය.

ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීම ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන දෙකම බලපාන අතර, ඉන්ධන, පොහොර සහ ඉලෙක්ට්‍රොනික උපාංග වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධ සැපයුම් ජාල බිඳවැටීම්ද ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

“2025 වසරේදී අත්කරගත් ආර්ථික වර්ධන වේගයට වාඩා පහළ අගයක් 2026 වසරේදී අත්කරගත හැකිවනු ඇති බව මම හිතන්නේ. සංචාකර පැමිණීම 30%කින් විතර බිඳවැටිලා කියලා සමර මූලාශ්‍ර කියනවා. අනික් පැත්තෙන් කෘෂි කර්මාන්තයට බධා එල්ල වෙමින් තියෙනවා කාලගුණික දේශගුණික තත්ත්වය උඩ. ඒ වගේම කාර්මාන්ත අංශයේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගිහින් තියෙනවා. අපනයන අංශයට යම් යම් බාධා එල්ල වෙලා තියෙනවා. මේ තියෙන වාතාවරණය උඩ ආර්ථික කටයුතුවල බිඳ වැටීමක් එහෙම නැත්නම් ආර්ථික කටයුතුවල යම් දුර්වලවීමක් සිදුවිය හැකියි.

ගෝලීය පුරෝකථන ගත්තත් IMFඑක ගෝලීය පුරෝකථනත් පහළ දාලා තියෙනවා. ගෝලීය ආර්ථික වර්ධන වේගය පහළ යනවා කියන්නේ අපේ අපනයනවලට අපේ අනෙකුත් ක්ෂේත්‍රවලට බලපෑම් ඇති වෙනවා. උදාහරණයක් ලෙස භාණ්ඩ හා සේවා කියන දෙපාර්ශවයටම. අනෙක් පැත්තෙන් සැපයුම් ජලා බිඳවැටෙනවා. උදාරණයක් ලෙස ඉන්ධන පොහොර අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග. සැපැයුම් ජාල බිඳවැටීම තුළින් කියවෙන්නෙත් නැවතවරක් අපේ මේ ආර්ථික වර්ධනයට අහිතකර බලපානවා කියලා.”
උපුටා ගැනීම – අද දෙරණ