වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙකු හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.
පසුගිය 09 වනදා දෙහිවල හෝටලක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුගේ Al තාක්ෂණය ඔස්සේ සකස් කර ඡායාරූපයක් පොලීසිය විසින් යොමු කර තිබේ.
විමර්ශනයේදී සාක්ෂිකරුවන් ලබාදුන් විස්තර අනුව එම Al ඡායාරූප නිර්මාණය කර ඇත.
ඝාතනය සිදුකර ඇත්තේ පසුගිය 09 වනදා දෙහිවල පොලිස් වසමේ දීය.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
ඡායාරූපයේ දැක්වෙන සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ස්ථානාධිපති, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය – 071-8596408

