පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි

central-bank

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 8.25% සහ 9.25% ක් වන බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.