SINOPEC ඉන්ධන මිල පහළට

sinopec

SINOPEC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව 92 පෙට්‍රල් හැර අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සංශෝධනය කළ බවයි SINOPEC සමාගම නිවේදනය කළේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365ක් ලෙස සටහන් වන අතර එය අනිකුත් ඉන්ධන පිරවුම්හල්වල නව මිල සමඟ සසඳා බලන කළ රුපියල් තුනක අඩු වීමක් ලෙසයි සටහන්වන්නේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 3 කින් (නව මිල රු.365)

* පෙට්‍රල් 95 – රු. 20 කින් (නව මිල රු.420)

* ඔටෝ ඩීසල් – රු. 27 කින් (නව මිල රු.333)

* සුපර් ඩීසල් – රු. 9 කින් (නව මිල රු.377)