IOC ඉන්ධන මිලත් පහළට

ioc-22

ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සංශෝධනය කළ බවයි ලංකා IOC සමාගම නිවේදනය කළේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 3 කින් (නව මිල රු.368)

* පෙට්‍රල් 95 – රු. 20 කින් (නව මිල රු.420)

* ඔටෝ ඩීසල් – රු. 30 කින් (නව මිල රු.333)

* සුපර් ඩීසල් – රු. 9 කින් (නව මිල රු.377)

* භූමිතෙල් – රු. 30 කින් (නව මිල රු.215)