නොමඟ යවන සුළු ප්රකාශයන්ට නොරැවටෙන්න ලෙස ශ්රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කර තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම සහ විනිමය අනුපාත තීරණය කිරීම යනු ඒ පිළිබඳ විශේෂ තාක්ෂණික දැනුමකින් විග්රහ කළ යුතු කරුණු බවය.
එවැනි තාක්ෂණික දැනුමක් නොමැති පාර්ශ්වයන් විසින් මේ දිනවල සිදුකරන නොමඟ යවන සුළු ප්රකාශයන් සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

