පන්දුවාර 26 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 141/4

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට Guwahati හි දී පැවැත්වෙනවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 26 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 141 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 57 ක් හා දසුන් ශානක ලකුණු 3 ක් ලබා සිටිනවා.

ඉන්දියානු කණ්ඩායම තරඟාවලිය ජයගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන විස්සයි විස්ස තරඟයේ ජය ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 228ක් රැස් කළා. එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සූර්ය කුමාර් යාදව් ලකුණු 112 ද, ශූබ්මාන් ගිල් ලකුණු 46 ක්ද රැස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මධුසංඛ කඩුළු 02ක් ද, වනිඳු හසරංග, චාමික කරුණාරත්න සහ කසුන් රාජිත කඩුළු එක බැගින් ද බිඳ දැම්මා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 137 පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 23ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 23ක්ද රැස් කළා. පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යුස්වේන්ද්‍ර චහල් සහ නායක හර්දික් පාන්ඩයා සහ උමරන් මලික් කඩුළු 02ක බැගින් බිඳ දැමූ අතර අර්ෂදීප් සිංග් කඩුළු 03ක් බිඳ දැම්මා. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 91ක ජයක් ලැබුණු අතර ඔවුන් තරඟාවලිය 2-1ක් ලෙසද ජයග්‍රහණය කළා.

LPL අවසන් වටයේ තරග අද

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (playoffs) තරග අද (21) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වන Kandy Falcons කණ්ඩායම හා දෙවැනි ස්ථානයේ පසු වන Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර අද පස්වරු 3.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී එම තරගය ආරම්භ වනවා.

අවසන් වටයේ දෙවැනි තරගය (Eliminator) අද රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිත අතර ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනූ Colombo Stars කණ්ඩායම හා සිව්වැනි ස්ථානය හිමි කර ගත් Galle Gladiators කණ්ඩායම අතර එම තරගය පැවැත්වෙනවා.

මෙම තරග නැරඹීම සඳහා ටිකට්පත් මිලදී ගැනීමේදී QR හරහා මුදල් ගෙවීමට පහසුකම් සලසා ඇති අතර, QR කර ටිකට්පත් මිලදී ගැනීමේදී 5% ක විශේෂ වට්ටමක් ලබා දීමටද සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

මතභේදයන් රැසකින් ඇරඹි අවසානයේ මෙසී කිරුළු පැළඳි ලෝක කුසලානය

මතභේදයන් රැසකින් වැසීගොස් ආරම්භ වූ පාපන්දු තරගාවලියක් අවසානයේ ඇදහිය නොහැකි පාපන්දු තරගයන් රැසක් සමගින් නිමාව දුටුවේ ය.
කම්පනයන් සහ කැළඹීම්වලින් පිරි පළමු වටයේ සිට මෙතෙක් පැවති විශිෂ්ටතම අවසන් මහා තරගය දක්වා පැමිණ, අවසානයේ ලයනල් මෙසී ලෝක කුසලානය ඔසවනු දුටු මෙම තරගාවලිය ලෝක ක්‍රීඩා ඉතිහාසයට එක්වනු ඇත.

 

විමල් වාසු ගම්මංපිල ඇතුළු කණ්ඩායම් 10 න් අලුත් සන්ධානයක්

පසුගියදා ස්වාධීන වීමෙන් පසු දිගටම රජයට සම්බන්ධ නොවන ස්ථාවරයක සිටින විමල් වාසු ගම්මංපිල ඇතුලු පක්ෂ දහයේ එකතුව ඉදිරි මැතිවරණයට වෙනම තරග කරන්නට නියමිත බවට දේශපාලනඅ ාරංචි වාර්තාකර තිබේ.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ දහය වෙනම පෙරමුණකින් ඉදිරි මැතිවරණයට
තරඟ කිරීමට බලාපොරොත්තු වන බව හෙලි කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව
නානායක්කාරයි.
සිය සන්ධානය තවදුරටත් පුළුල් කරගැනීම සඳහා අනෙකුත් පක්ෂ වල
මන්ත්‍රීවරුන් සමග මේ වන විට සාකච්ඡා ආරම්භ ආරම්භ කර ඇති බව ඔහු කීය.

“අපි ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් ම අගය කරන කණ්ඩායමක්. ඒ නිසා ඒ අරමුණින් වෙනම පෙරමුණකින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. විධායක බලතල රටේ
ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායක බවට අපි දැඩි සේ විශ්වාස කරනවා. සමගි ජන
බලවේගය විසින් මේ වන විට ගැසට් කර තිබෙන 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද පක්ෂව ඡන්දය ලබා දීමට අපි බලාපොරොත්තු වනවා‘ ඔහු කීය.
මෙම කණ්ඩායම ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වන විට පක්ෂ 11ක් වූවද ශ්‍රී ලංකා
නිදහස් පක්ෂය මෙම කණ්ඩායමෙන් ඉවත්වී වෙනම ගමනක් යන නිසා දැන් එය පක්ෂ 10 කණ්ඩායම ලෙස හැඳින්වේ.

Attachments area

මතිවානන්ගේ පුටුවට ජයන්ත එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපතිවරයා ලෙස ආචාර්ය ජයන්ත ධර්මදාස පත් කිරිමට අද රැස්වූ විධායක කමිටු සභාව තීරණය කර තිබෙනවා.

හිටපු උප සභාපති කේ. මතිවානන්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරයට මෙම පත් කිරිම සිදුකොට තිබෙනවා.

ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි

මහේලට SSC ඉහළම තනතුරක්

SSC කී‍්‍රඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පැවැත්වුනා.
එහිදී එම  කී‍්‍රඩා සමාජයේ කි‍්‍රකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.
මීට පෙර SSC කී‍්‍රඩා සමාජයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ද මහේල ජයවර්ධන කටයුතු කළා.
මහේල ශ‍්‍රී  ලංකාවෙන් බිහිවූ දක්ෂ කි‍්‍රකට් නායකයෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකුද වනවා.

SLPL ක්‍රිකට් තරගාවලියට එන්න විදෙස් ක්‍රීඩකයින් 90ක් කැමැත්ත පළ කරයි

අගෝස්තු 8 සිට 20 දක්වා ලංකා ප්‍රිමියර් ලීග් 2020 (S.L.P.L) පැවැත්වීමට ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා අමාත්‍යංශය හරහා කැමැත්ත පළ කර ඇති අතර කණ්ඩායම් 5 ක් තරගාවලියට සහභාගී වීමට නියමිතව තිබෙනවා.
ස්ථාන තුනක පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (S.L.P.L) තරඟාවලිය පැත්වීම පිලිබඳ තහවුරු කිරීම සඳහා බොහෝ කාලයක් බලා සිටීමට ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සිදු වුණා.
මෙම තරගාවලියේ නීති රීතිවලට අනුව එක් කණ්ඩායමකට උපරිම වශයෙන් විදේශීය ක්‍රීඩකයින් හය දෙනෙකු සිටිය හැකි බවට රීතියක් ඇතුළත් වන අතර, එක් තරඟයකට ක්‍රීඩා කිරීමට අවසර ලැබෙන්නේ ඔවුන්ගෙන් හතර දෙනෙකුට පමණි.
මේ වන විට විදේශීය ක්‍රීඩකයින් 90 කට ආසන්න සංඛ්‍යාවක් මෙම තරගාවලියට සහභාගී වීමට කැමැත්ත පළ කර තිබෙනවා.
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය ,  රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ  සහ  අවසන් පූර්ව වටය සහ තෙවැනි අවසන් තරඟ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ලූෂන් පුශ්පරාජ් IFBB Arnold Classic 2020 තරගාවලියේ අවසන් තරගයට

මේ දින වල ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන IFBB Arnold Classic 2020 තරගාවලියේ අවසන් පස් දෙනා අතරට තේරී පත් වීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුශ්පරාජ් සමත් වුණා
එහි අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතයි .
අවසන් තරඟාවලියේ අවසන් පස් දෙනාට පැමිණීමට හැකි වීම ගැන ඔහු සතුට පල කරමින් පවසන්නේ කෙසේ හෝ පදක්කමක් ලබා ගැනීම තමන් අභිලාශය බවයි. මෙම තරඟාවලියේ අවසන් පස් දෙනාට පැමිණීමත් විශාල ජයග්‍රහණයක් බව ද කිව යුතුය. එමෙන්ම ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික ජනතාවට ලූෂන් සිය ආදරය සහ ස්තුතිය පුද කරමින් තමන්ට උදව් කල සියළු දෙනාට ද ඔහු සිය ස්තුතිය පුද කරයි.

ඉසුරු ලක්ෂ 50කට විකිණේ

2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා පැවති ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවැත්වුනා.
මෙහිදී ක්‍රීඩකයන් 330දෙනෙකු මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ලැයිස්තුගත කර තිබුණා. ඒ සමඟ 143ක් විදේශීය ක්‍රීඩකයන්ද වුණා
ඒ අතර මෙවර වෙන්දේසියේදී ශ්‍රී ලංකික ක්‍රීඩකයන් 14දෙනෙකු ලැයිස්තුගත කර තිබු අතර ඉන් අතරින් මිලදී ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රිඩකයා වන්නේ ඉසුරු උදාන පමණයි.
ඉසුරු උදාන ඉන්දීය රුපියල් ලක්ෂ 50කට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම විසින් මිළදීගෙන ඇත.
මේ අතර අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම වටිනාකමකට අලෙවි වු විදෙස් ක්‍රිඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 15යි දශම 05කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.
ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්, කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 10යි දශම 7යි 15කටයි.
දකුණූ අප්‍රිකාවේ ක්‍රිස් මොරිස් ඉන්දීය රුපියල් කෝටි 10කට රෝයල් චැලේන්ජරස් බැංග්ලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.