Woman T20 World Cup : ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පළමු ජය හිමිවෙයි

කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඊයේ (10) දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වුණා. ඒ අනුව පළමු තරඟය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 04ක් දැවී ලකුණු 129ක් රැස් කළා. එහිදී නායක චමරි අතපත්තු ලකුණු 68ක් රැස් කරගත් අතර විශ්මි ගුණරත්න ලකුණු 35ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ද.අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ෂබ්නිම් ඉස්මයිල්, මර්සාන් කැප් සහ නඩීන් ද ක්ලාක් විසින් කඩුල්ල බැගින් බිඳ දැම්මා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ රැස් කරගැනීමට හැකිවුණේ කඩුළු 09ක් දැවී ලකුණු 126ක් පමණයි. එහිදී නායක සුනේ ලූස් විසින් ලකුණු 28ක් රැස් කළා.

පන්දු යැවිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර කඩුළු 03ක් සහ සුගන්ධිකා කුමාරි සහ ඕෂධී රණසිංහ කඩුළු 02ක බැගින් බිඳ දැම්මා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 03ක තියුණු ජයග්‍රහණයක් හිමි වූ අතර තරඟයේ වීරයා ලෙස චමරි අතපත්තු පත්වුණා.

ඒරන් ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

ඔස්ට්‍රේලියානු T20 කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් T20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

36 හැවිරිදි ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්දින ක්‍රිකට් පිටියෙන්ද සමු ගැනීමට තීරණය කර තිබුණා.

ජාත්‍යන්තර තරග 254 ක් ක්‍රීඩා කර ඇති ෆින්ච් එහිදී ලකුණු 8,804 ක් රැස් කළ අතර, ඊට ශතක 19 ක් හා අර්ධ ශතක 51 ක් ඇතුළත් වනවා. 2021 වසරේ T20 ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා වූ ඒරන් ෆින්ච් මේ වන විට තරග 76 කට නායකත්වය ලබාදී තිබෙනවා.

T20 ජාත්‍යන්තර පිටියේ දී ෆින්ච් ලකුණු 3,120 ක් ලබා ඇති අතර, එය ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවාර 20 ජාත්‍යන්තර තරගවලදී පිතිකරුවෙකු ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාවද වනවා.

ක්‍රීඩා ඇමතිගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

විගණකාධිපතිවරයාගේ වාර්තාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බව ක්‍රීඩා ඇමතිවරයා අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලු අවස්ථාවේදී ඔහු එම ප්‍රතිඥාව ලබාදීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. පරීක්ෂණ කමිටුවක් මඟින් ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අවලංගු කිරීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබෙනවා.

කුසල් සහ ඇන්ජි යළිත් පිටියට

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව සිව්දින තරග 02 ක් සහ එක්දින සීමිත ඕවර තරග 03 ක් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා A සංචිතය තෝරාගෙන තිබෙනවා. ඒ අනුව මෙම සංචිතය සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන කුසල් ජනිත් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් ද නම් කර තිබෙනවා. අදාළ සංචිතය පහතින්,

c3744aa377a9c77bcf6a16e3ce81efe3

88edb8b96e2696c2ef56c7032c240e75

කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාවට මතුව ඇති ගැටළු සොයා බැලීමට කමිටුවක්

බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ලෝක ප්‍රකට ක්‍රීඩාවක් වන වයිට් වෝටර් රාෆ්ටින් (white water Rafting) ජල ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සොයා බලා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත්කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක උපදෙස් ලබාදී තිබෙනවා.

මේ පිළිබඳව ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

සංචාරක අමාත්‍යාංශයේ සහ රේඛීය ආයතන වල නිලධාරීන්ගෙන් සමන්විතව පත් කෙරෙන මෙම කමිටුව මගින් ඒ ආශ්‍රිතව ඉදිරිපත්ව ඇති ගැටළු පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා උපදෙස් ‍දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

4b554a1b3a472842b44c2f882d52fd6a

නිල සංචාරයක් සඳහා විදේශ ඇමති 23 වනදා සෞදියට

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි එළඹෙන 23 වනදා සිට 27 වනදා තෙක් සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට එම සංචාරය සිදුකෙරෙන බවයි සඳහන් වන්නේ.

එම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය යන සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මක්කම සහ මදීනාව යන නගරවල ආණ්ඩුකාරවරු ද හමුවීමට නියමිතව තිබෙනවා.

ක්‍රිකට් ආයතන​ය ඉන්දියාව සමඟ තෙවැනි එක්දින තරඟ​ය පරාජය පිළිබඳව වාර්තාවක් ඉල්ලයි

ඉන්දියාව සමග පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදී අත්වූ පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරුට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අදාළ වාර්තාව දින 5ක ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළ යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී තිබෙන්නේ.

ඊයේ (15) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිරුවනන්පුරම් හි පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 317කින් ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර එක්දින ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් ලද විශාලම පරාජය ලෙසද වාර්තා පොත් අතරට එක් වුණා.

ශ්‍රී ලංකාවට ලකුණු 391 ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින තරගය අද Thiruvananthapuram හිදී මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 390 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි නොදැවී ලකුණු 166 ක්, Shubman Gill ලකුණු 116 ක් හා Rohit Sharma ලකුණු 42 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත හා ළහිරු කුමාර කඩුලු 2 බැඟින් බිඳ හෙලීමට සමත් වූ අතර චාමික කරුණාරත්න එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 391 ක්. ලකුණු පුවරුව පහතින්,

357e989b7169d53198f4088c0de7d034

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස ශ්‍රී රංගා තේරී පත්වෙයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (14) දහවල් ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

එහිදී මනාප 27ක් ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මාධ්‍යවේදියෙකු වූ ශ්‍රී රංගා, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තේරී පත්වී තිබෙනවා.

අනිත් අපේක්ෂකයා වූ ජගත් රෝහණ ලබාගෙන තිබුණේ මනාප 24ක් පමණයි. ඡන්දයෙන් පත්වූ නව නිලධාරී මණ්ඩලය මාස 05ක කාලයක් සඳහා එම ධූරවල කටයුතු කරනු ඇති අතර මේ වසරේ මැයි 31ට පෙර නැවතත් නිල නිලවරණය පැවැත්වීමට නියමිතයි.

ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව කල්යයි

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා එල්ලවී ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත කැඳවීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා තිබෙනවා.

සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (12) කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

29 හැවිරිදි කන්තාවක් විසින් සිඩ්නි නුවර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු ඇප මත නිදහස් කෙරුණා.