ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් 10 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ අනුව මෙම විශේෂ කමිටුවේ සභාපතිත්වය සඳහා විනිසුරු කේ.ටී. චිත්‍රසිරි පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් 10 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ අනුව මෙම විශේෂ කමිටුවේ සභාපතිත්වය සඳහා විනිසුරු කේ.ටී. චිත්‍රසිරි පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඔහුට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්‍රියේ නිවෙසින් එළියට යෑමට අවස්ථාව ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ඔහුට ඔස්ට්‍රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී තිබුණා.
පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තරගය ලකුණු 102කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 162ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබාගත හැකිවූයේ පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 60 ක් පමණයි.
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගීවන තවත් තරගයක් අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව නවසීලන්ත කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර සමඟ පැවති තරගය පරාජයට පත් වුණා.
කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 10 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවී තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණයි.
නායිකා චමරි අතපත්තු ලකුණු 16 කට දැවී ගිය අතර, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 34 ක් හා විශ්මි ගුණරත්න ලකුණු 24 ක් ලබා ගත්තා. නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 15 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 15.5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 113 ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව තරගය අද පස්වරු 6.30 ට පමණ ආරම්භ වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාව මීට පෙර පැවති තරග දෙකම ජයගත් අතර මේ වන විට පළමු කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයේත් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේත් පසුවනවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ගෙවනු ලබන තරග මුදල් 2023 ජනවාරි 01 වනදා සිට වැඩිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව විස්සයි විස්ස තරගයක් සඳහා හෝ එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා එක ක්‍රීඩිකාවකට ගෙවූ ඩොලර් 250 මුදල ඩොලර් 750 දක්වා වැඩිකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.
කණ්ඩායමේ සිටින සෑම අතිරේක ක්‍රීඩිකාවක් සඳහාම තරග මුදලින් 25% බැගින් ගෙවන අතර ජයග්‍රහණය කරනු ලබන සෑම තරගයක් සඳහාම එක් එක් ක්‍රීඩිකාවකට ඩොලර් 250 ක පාරිතෝෂිත දීමනාවක් හිමි වන බවයි සඳහන් වන්නේ.

එංගලන්ත ලයන්ස් සමඟ පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා වන ශ්‍රී ලංකා A කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.
ඒ අනුව මෙම සංචිතය සඳහා ඇන්ජලෝ මැතිව්ස් ද කැඳවා තිබීම විශේෂත්වයක්.
අදාළ සංචිතය පහතින්,

2023 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
තරගය ජය ගැනීම සදහා ලකුණු 127 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 126 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 15 කට සහ විශ්මි ගුණරත්න එක් ලකුණකට දැවීගිය අතර හර්ෂිතා සමරවික්‍රම හා නිලක්ෂි ද සිල්වා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කින් නොබිදුණු ලකුණු 104 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.
හර්ෂිතා පන්දු 50 කින් නොදැවී ලකුණු 69 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 8 ක් සමගින්. නිලක්ෂි නොදැවී ලකුණු 41 (38) යි.
මෙම ජයත් සමග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු කාණ්ඩයේ පෙරමුණට පැමිණියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින්.
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ අද (12) පැවැත්වෙනවා.
තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි දී අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.