ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට

ඉන්දියාව සමඟ පැවති තරග 03 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සහ අවසන් එක්දින තරගය ඊයේ (22) චෙන්නායි හි දී පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සියලුදෙනා දැවී ලකුණු 269 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 248 ක් පමණයි.

ඒ අනුව දෙරට අතර පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

මෙම ජයත් සමග ඉන්දියාව දෙවැනි ස්ථානයට පත් කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත සංශෝධනය කිරීමට 2022-07-04 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව, නීති කොටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමේ සූදානමක

අයර්ලන්ත තරඟාවලියෙන් පසු තමන් ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඒ අනුව තමන් මේ සම්බන්ධයෙන් තේරීම් කමිටුව සමඟද සාකච්ඡා කළ බවයි අද (20) තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ. කෙසේ නමුත් තේරීම් කමිටුව ඒ සම්බන්ධයෙන් තමන්ට නිසි පිළිතුරක් ලබා නොදුන් බවත් තමන්ගේ බලාපොරොත්තුව වන්නේ මීළඟට පැවැත්වෙන තරගාවලියෙන් අනතුරුව නව නායකයෙකුට අවස්ථාව ලබාදීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට පසු බසියි

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව 5 වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.

එම ලකුණු සටහන අනුව ප්‍රථම ස්ථානය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පසුවන අතර දෙවන ස්ථානයේ ඉන්දියාව පසුවනවා.

ඒ අනුව ඔවුන් මෙවර ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබා තිබෙනවා.

SLvsNZ : නවසීලන්තයට ඉනිමක හා ලකුණු 58 ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් හා ලකුණු 58 කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක් ලබාගෙන පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහ පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 164 ක් පමණයි.

යළිත් සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම පරාජයෙන් ගැලවීම සඳහා දැඩි සටනක නිරතවීමෙන් අනතුරුව දෙවන ඉනිම සඳහාද ඔවුන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 358 ක් පමණයි.

ඒ අනුව ඉනිමකින් හා ලකුණු 58 කින් දෙවන ටෙස්ට් තරගය ජයගත් නවසීලන්ත කණ්ඩායම තරගාවලිය 2 -0 ලෙස ජය ගැනීමට සමත් වුණා.

SLvsNZ : ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 283/5

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

මේ වන විට තම දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 283 ක් ලබා සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 133 ක් පිටුපසින් පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 51 යි, කුසල් මෙන්ඩිස් ලකුණු 50 යි, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 2, දිනේෂ් චන්දිමාල් ලකුණු 62 ක් ලබාගත් අතර නොදැවී පන්දුවට පහර දෙන ධනංජය ද සිල්වා ලකුණු 78 ක් හා නිෂාන් මදුෂ්ක ලකුණු 25 ක් ලබා සිටිනවා.

SLvsNZ : දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 113/2

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 51 ක් හා නොදැවී පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් ලබාගත්තා.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 303 ක් ලබාගත යුතුව තිබෙනවා.

SLvsNZ : ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 164 කට සීමාවෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 164 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 89 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 37 ක් හා නිෂාන් මදුෂ්ක ලකුණු 19 ක් ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 5 සීමාව හෝ ඉක්මවා යෑමට නොහැකි වුණා.

පන්දු යැවීමේදී Matt Henry හා Michael Bracewell කඩුලු 3 බැඟින් හා Tim Southee, Doug Bracewell හා Blair Tickner එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 416 ක් ඉදිරියෙන් පසුවනවා.

SLvsNZ : ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 136/6

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 127 ක් ලබා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා මේ වන විට ලකුණු 442 ක් පිටුපසින් සිටිනවා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදෙන දිමුත් කරුණාරත්න ලකුණු 76 ක් හා නිශාන් මධුෂ්ක ලකුණු 11 ක් ලබා සිටිනවා.

SLvsNZ : ශ්‍රී ලංකා එක්දින හා T20 සංචිත නම් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර
දීර්ඝ කාලයකට පසු ඇන්ජලෝ මැතිච්ස්ද මෙම සංචිතය සඳහා නම් කර තිබීම විශේෂත්වයක්.

එසේම විස්සයි විස්ස තරගාවලිය සඳහාද 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර මේ සංචිතය සඳහා නැවත සුවය ලබා පැමිණි කුසල් ජනිත් පෙරේරාද ඇතුළත් කර තිබෙනවා.

අදාළ සංචිතය පහතින්,

4415278c71aa26de762237d8e1bb88ce