සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය අද (07) ආරම්භ වනවා.
ඒ අනුව ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00 ට The Oval ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය තරග 2 – 1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
දෙරට අතර පැවති එක්දින තරගාවලියේ තෙවන හා අවසන් එක්දින තරගය අද (07) පැවැත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 22 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 116 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Mohammad Nabi ලකුණු 23 ක් හා Ibrahim Zadran ලකුණු 22 ක් ලබා ගත්තා
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 4 ක්, වනිඳු හසරංග කඩුලු 3 ක්, ළහිරු කුමාර කඩුලු 2 ක් හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බැගින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 51 ක් ලබාගත් අතර, දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 56 ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 11 ලබා ගත්තා.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2 – 1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සිව් දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ අනුව එහි සභාපති ලෙස බන්දුල දිසානායක පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස ෂේන් ප්‍රනාන්දු, තරංග පරණවිතාන හා ටිරෝන් විජේවර්ධන පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීති අනුව පැවැත්වෙන්නේද යන්න සම්බන්ධයෙන් ඔවුන් සොයා බැලීමට නියමිතයි.

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත්වී තිබෙනවා.
ඇය එහිදී දැක්වූ දක්ෂතාව විනාඩි 02:05.63 ක් ලෙසයි දැක්වෙන්නේ.
එසේම ඇය ඊයේ පැවති කාන්තා මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් වුණා.
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 132 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 323 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්, සධීර සමරවික්‍රම ලකුණු 44 ක්, පැතුම් නිස්සංක ලකුණු 43 ක්, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 29 ක් හා වනිඳු හසරංග නොදැවී ලකුණු 29 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Fareed Ahmad හා Mohammad Nabi කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 191 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා කඩුලු 3 ක්, වනිඳු හසරංග කඩුලු 3 ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව මේ වන විට තරගාවලියේ කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 තරගයෙන් ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.
ඒ අනුව මෙම තරගයේදී තරුෂි කරුණාරත්න රීදි පදක්කමක් සහ ජයේෂි උත්තරා ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්ව ඇති බවයි සඳහන් වන්නේ.
2023 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය දකුණු කොරියාවේදී පැවැත්වෙනවා.
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායම මේ වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 90 ක් ලබාගෙන තිබෙනවා.
ක්‍රියාත්මක වන්නේ තරගයේ 21 වන පන්දුවාරයයි.
පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ දසුන් ශානක එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 323 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්, සධීර සමරවික්‍රම ලකුණු 44 ක්, පැතුම් නිස්සංක ලකුණු 43 ක්, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 29 ක් හා වනිඳු හසරංග නොදැවී ලකුණු 29 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Fareed Ahmad හා Mohammad Nabi කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 324 ක්.
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 162 ක් ලබාගෙන තිබෙනවා.
ක්‍රියාත්මක වන්නේ තරගයේ 33 වන පන්දුවාරයයි.
පන්දුවට පහරදෙමින් සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 27 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 30 ක් ලබා සිටිනවා.