ICC CWC Qualifier: ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමත්වී තිබෙනවා.

ඒ අනුව A කාණ්ඩය නියෝජනය කරන සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක් සහ දල ලකුණු වේගය 0.789 ක රඳවා ගනිමින් පළමු ස්ථානයේ පසුවනවා.

එම කාණ්ඩයේ දෙවන ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිනාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 2 ක් සහ දල ලකුණු ලබා ගැනීමේ වේගය 0.780 ක රඳවා ගනිමින්.

B කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 2 ක් සහ දල ලකුණු ලබා ගැනීමේ වේගය 3.500 ක රඳවාගෙන පළමු ස්ථානයේ පසුවන අතර ඕමාන කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක් හා දල ලකුණු ලබා ගැනීමේ වේගය 0.297 ක රඳවා ගනිමින් දෙවන ස්ථානයේ පසුවනවා.

ICC CWC Qualifier: එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට ලකුණු 356 ඉලක්කයක්

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක්, සධීර සමරවික්‍රම ලකුණු 73 ක්, පැතුම් නිස්සංක ලකුණු 57 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම වෙනුවෙන් Ali Naseer කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 356 ක්.

ICC CWC Qualifier: පන්දුවාර 30 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 170/2

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම පන්දුවාර 30 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 170 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 33 හා සධීර සමරවික්‍රම ලකුණු 18 ලබා සිටිනවා.

ICC CWC Qualifier: පන්දුවාර 17 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 96/1

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 96 ක් ලබා සිටිනවා.

දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් ලබාගත් අතර පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් මේ වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටිනවා.

ICC CWC Qualifier: කාසියේ වාසිය එක්සත් ​අරාබි එමීර් කණ්ඩායමට

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය අද (19) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ICC CWC Qualifier: අද තරග දෙකක් පැවැත්වෙයි

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද (18) සිම්බාබ්වේ හී දී ආරම්භ වනවා.

ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතවයි.

පළමු තරගය සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර පැවැත්වෙන අතර දෙවන තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම අතර පැවැත්වෙනවා.

අළු බඳුන ක්‍රිකට් තරගාවලි​ය අද ඇරඹෙයි

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළු බඳුන ක්‍රිකට් තරගාවලිය අද (16) ආරම්භ වනවා.

ඒ අනුව එහි පළමු තරගය අද එංගලන්තයේ බර්මින්හැම්හි දී ආරම්භවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම තරගාවලිය 2023-2025 ICC ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියට අයත් තරගයක් ලෙස පැවැත්වෙනවා.

Cricket World Cup Qualifier Warm-up: අමෙරිකාවට ලකුණු 393 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර පුහුණු තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක්  දැවී ලබා ලකුණු 392 ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 111 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 105 ක් ලබා ගත්තා.

Cricket World Cup Qualifier Warm-up: ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන දෙවන පුහුණු තරග අද (15) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපදය අතර පුහුණු තරගය අද දහවල් 12.30 ට සිම්බාබ්වේ හි බුලවායෝ නුවර දී ආරම්භ වීමටයි නියමිතයි.

LPL වෙන්දේසියේ දී ඩිල්ෂාන් මදුෂංක සහ චරිත් අසලංක වැඩිම මුදලකට අලෙවි වේ

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (14) පැවැත් වුණා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 5 විසින් විවිධ ක්‍රීඩකයින් රැසක් මිලදී ගැනීමට කටයුතු කර තිබුණා.

එහිදී වැඩිම මිලකට අලෙවි වූයේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක වන අතර, ඔහුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ඇමෙරිකානු ඩොලර් 92,000 ක මුදලකට මිලදී ගත්තා.

වෙන්දේසියේ දී දෙවැනි වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ චරිත් අසලංක වන අතර ඔහු ඇමෙරිකානු ඩොලර් 80,000 කට මිලදීගෙන තිබුණා.