ICC CWC Qualifier: පන්දුවාර 10 ක් අවසානයේ ඕමාන ලකුණු පුවරුව – 21/4

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව හා ඕමාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ඕමාන කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 21 ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 3 ක් හා කසුන් රාජිත එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ICC CWC Qualifier: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද (23) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ICC CWC Qualifier: ශ්‍රී ලංකාව හා ඕමානය අතර තර​ඟය අද

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද (23) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර මෙම තරඟය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය Bulawayo හිදී ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතයි.

ICC CWC Qualifier: ඊයේ තරග සාරාංශය

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඊයේ (22) පැවති තරග දෙකෙන් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් නේපාල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 339 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට පන්දුවාර 49 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 238 ක් පමණයි. ඒ අනුව තරගය ලකුණු 101 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

අමෙරිකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට අමෙරිකා කණ්ඩායමට ආරාධනා කළා. ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 211 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම 43 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉල්ලක්කය පසුකර ගිය අතර ඒ අනුව තරගය කඩුලු 5 කින් ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

මේ අතර තරගයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඕමාන කණ්ඩායම සමත්වී සිටිනවා.

අද පැවැත්වෙන තරග

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද (22) A කාණ්ඩය නියෝජනය කරන තරග දෙකක් පැවැත්වෙනවා.
ඒ අනුව පළමු තරගය නේපාල කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එසේම නෙදර්ලන්තය හා අමෙරිකා කණ්ඩායම අතර තරගයක්ද අද පැවැත්වීමට නියමිත අතර තරග දෙකම ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භ වනවා.

ඊයේ තරග සාරාංශය

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඊයේ (20) පැවති තරග දෙකෙන් ජය ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම හා ඕමාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ස්කොට්ලන්තය හා අයර්ලන්ත කණ්ඩායම් අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට අයර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 286 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායම අවසන් පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් කඩුලු එකක ජයක් ලබා ගැනීමට සමත් වුණා.
ඊයේ පැවති දෙවන තරගය UAE කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවති අතර එහිදී කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට UAE කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 227 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායම 46 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.

ICC CWC Qualifier: අද පැවැත්වෙන තර​ඟ

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද (21) B කාණ්ඩය නියෝජනය කරන තරග දෙකක් පැවැත්වෙනවා.

ඒ අනුව පළමු තරගය අයර්ලන්ත කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන අතර එම තරගය දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතයි.

දෙවන තරගය ඕමාන කණ්ඩායම හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ICC CWC Qualifier: ඊයේ තරග සාරාංශය

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඊයේ (20) පැවති තරග දෙකෙන් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම හා නේපාල කණ්ඩායම සමත් වුණා.

සිම්බාබ්වේ කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 315 ක් ලබා ගැනීමට සමත්වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම 41 වන පන්දුවාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

දෙවන තරගය අමෙරිකා කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර පැවැත්වුන අතර එහිදී කාසියේ වාසිය දිනාගත් නේපාල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට අමෙරිකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි අමෙරිකා කණ්ඩායමට පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 207 ක් වන අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායම 43 වන පන්දුවාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

NED vs ZIM

ICC CWC Qualifier: දුනිත්, සහන් සහ ඩිල්ෂාන් මධුශංක ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය සඳහා අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙක් කැඳවා තිබෙනවා.

ඒ අනුව දුනිත් වෙල්ලාලගේ, සහන් ආරච්චිගේ සහ ඩිල්ෂාන් මධුශංක මෙලෙස අතිරේක ක්‍රීඩකයන් ලෙස කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් හෙට (21) දිනයේ සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතයි.

LPL තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

තරගාවලියේ පළමු තරගය Jaffna Kings කණ්ඩායම හා Colombo Strikers කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.