පැරා ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ සමිත දුලාන් විසින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.
ඒ අනුව හෙල්ල විසි කිරීම F64 කාණ්ඩය යටතේ ඔහු තරග කළ අතර එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 64.06 ක්.
Category: sports_sub
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත දිවයිනට
ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.
ඔවුන් සිම්බාබ්වේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවය හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වනිඳු හසරංග සඳහන් කළේ, රටින් යන මොහොතේ විශාල පීඩනයක සිටි බවත් නමුත් ජයග්‍රාහීව තරගය නිමා කිරීම ගැන සතුටට පත්වන බවයි.
ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය වනිඳුට
ජූනි මාසයට අදාළ ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විසින් දිනා ගෙන තිබෙනවා.
2023 ලෝක කුසලාන සුදුසුකම් තරගාවලියට අදාළව දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මෙලෙස ඒ සඳහා නිර්දේශවී තිබුණා.
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ වනිදු හසරංග ඉනිම් 7කදී කඩුලු 22 ක් දවා ගැනීමට සමත් වුණා.
Lanka T10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මාසයේ
Lanka T10 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 23 දක්වා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තරගාවලිය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වීමට ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති අතර තරගාවලිය සදහා පිරිමි කණ්ඩායම් 6 ක් හා කාන්තා කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
එක් කණ්ඩායමක සංචිතයක් සදහා දේශීය ක්‍රීඩකයින්/ක්‍රීඩිකාවන් 10 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින්/ක්‍රීඩිකාවන් 6 දෙනෙකු නම් කළ හැකියි.
ICC CWC qualifiers Final: නෙදර්ලන්තයට ලකුණු 234 ක ඉලක්කයක්
ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 48 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 233 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහන් ආරච්චිගේ ලකුණු 57 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 43 ක්, පැතුම් නිස්සංක ලකුණු 23 ක් හා චරිත් අසලංක ලකුණු 36 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Ryan Klein කඩුලු 2 ක්, Saqib Zulfiqar කඩුලු 2 ක්, හා Vikramjit Singh කඩුලු 2 ක් බිඳ හෙළිමට සමත් වුණා.
ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 234 ක්.
ලකුණු පුවරුව පහතින්.

ICC CWC qualifiers: කාසියේ වාසිය නෙදර්ලන්තයට
ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය අද (09) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ICC CWC qualifiers Final: ශ්‍රී ලංකා නෙදර්ලන්ත අවසන් තරගය අද
ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද (09) පැවැත්වෙනවා.
ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරාම්භ වීමට නියමිත අතර තරගයේ සජීවී තොරතුරු එසැණ හරහා ගෙන ඒමට නියමිතයි.
ICC CWC qualifiers: ශ්‍රී ලංකාවට කඩුලු 8 ක විශිෂ්ට ජයක්
ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 243 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක්, දුෂාන් හේමන්ත කඩුලු 2 ක්, දිල්ෂාන් මදුෂංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Keacy Carty ලකුණු 87 ක් හා Johnson Charles ලකුණු 39 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී සිටියදී 44 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 104 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් ලබාගත් අතර නොදැවී පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 34 ලබා ගත්තා.
ICC CWC qualifiers: පැතුම්ගෙන් ශතකයක්
ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ ශතකය සඳහා හතරේ පහර 14 ක් ඇතුළත් වුණා.
ICC CWC qualifiers: ශ්‍රී ලංකාවට ලකුණු 244 ක ඉලක්කයක්
ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 243 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක්, දුෂාන් හේමන්ත කඩුලු 2 ක්, දිල්ෂාන් මදුෂංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Keacy Carty ලකුණු 87 ක් හා Johnson Charles ලකුණු 39 ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 244 ක්.
ලකුණු පුවරුව පහතින්.

