ICC CWC 2023 : ඕස්ට්‍රේලියාවට කඩුළු 8 ක පහසු ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව හා බංගලාදේශ කණ්ඩායම අතර පැවති මූලික වටයේ 43 වන තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 50 ක් තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 306 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී Towhid Hridoy ලකුණු 74ක්, Najmul Hossain Shanto ලකුණු 45 ක් හා Litton Das, Tanzid Hasan දෙදෙනා ලකුණු 36 බැගින්ද ලබාගත්තා.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Sean Abbott හා Adam Zampa කඩුලු 2 බැගින්ද, Marcus Stoinis එක් කඩුල්ලක්ද බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 44.4 ක් තුළ කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 307 ක ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

Mitchell Marsh නොදැවී අගනා ලකුණු 177 ක් ලබාගත් අතර, David Warner ලකුණු 53 ක් හා Steven Smith නොදැවී ලකුණු 63 ක් ලබාගත්තා.

ICC CWC 2023 : පන්දුවාර 16 ක් අවසානයේ එංගලන්ත ලකුණු පුවරුව – 96/1

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 44 වන තරගය එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම මේ වන විට පන්දුවාර 16 ක් අවසානයේ කඩුලු 1 ක් පමණක් දැවී ලකුණු 96ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින Jonny Bairstow‍ ලකුණු 50 ක් හා Joe Root ලකුණු 4 ක් ලබා සිටිනවා. Dawid Malan ලකුණු 31 ක් ලබා සිටියදී දැවී ගියා.

ICC CWC 2023 : ඔස්ට්‍රේලියාවට ලකුණු 307 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 43 වන තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා බංගලිදේශ කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 50 ක් තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 306 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී Towhid Hridoy ලකුණු 74ක්, Najmul Hossain Shanto ලකුණු 45 ක් හා Litton Das, Tanzid Hasan දෙදෙනා ලකුණු 36 බැගින්ද ලබාගත්තා.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Sean Abbott හා Adam Zampa කඩුලු 2 බැගින්ද, Marcus Stoinis එක් කඩුල්ලක්ද බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 307 ක්.

දිනන පරදින එක අපිට පාලනය කරන්න අමාරුයි – කුසල් මෙන්ඩිස්

තරගාවලිය හොඳින් අවසන් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් කණගාටු වන බව ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, සියලු දෙනාගේ සහයෝගය තමාට ලැබුණු බවත් තරග ජයග්‍රහණය කිරීම හා පරාජය වීම පාලනය කළ නොහැකි දෙයක් බවයි.

හොඳින් සිදු නොකළ විට පරාජයට පත්වන බවත් හොඳින් සිදු කිරීමට නම් පන්දුවට පහරදීම, පන්දු යැවීම හා රැකීම හොඳින් සිදුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 9 කින් ජය ගැනීමට හැකියාව ලැබුණේ තරග 2 ක් පමණයි.

ICC CWC 2023 : නවසීලන්තයට ලකුණු 172 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 41 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 46.4 ක් තුළ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 171 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී කුසල් ජනිත් පෙරේරා ලකුණු 51 ක් හා මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 38 ක් ලබාගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක් ලකුණු 20 ක් හෝ ලබා නොගැනීම විශේෂත්වයක්.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන්, Trent Boult කඩුලු 3 ක්ද, Lockie Ferguson, Mitchell Santner හා Rachin Ravindra කඩුලු 2 බැඟින්ද බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 172 ක්.

ICC CWC 2023 : පන්දුවාර 15 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 95/5

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 41 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රි ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 95 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 13 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 12 ක් ලබා සිටිනවා.

ICC CWC 2023 : කුසල්ගෙන් අර්ධ ශතකයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත් වුණා.

ඔහුගේ අර්ධ ශතකය පන්දු 22 කින් වාර්තා කළ අතර ඒ සඳහා හයේ පහර 02 ක් හා හතරේ පහර 09 ක් ඇතුළත් වුණා.

ICC CWC 2023 : කාසියේ වාසිය නවසීලන්තයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 41 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද (09) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ක්‍රීඩා ඇමතිට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී ක්‍රීඩා අමාත්‍යවරයා නිවැරදි නොවන, නොමඟ යවන සුලු චෝදනා එල්ල කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසන්නේ, 2024 ජනවාරි මාසයේදී ICC 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන බවත් එය සාර්ථක කර ගැනීම සඳහා මේ වනවිට ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් ඇති බවයි.

තරඟාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වීම සහතික කිරීම සඳහා ICC නියෝජිතයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන් මේ දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය සවි කිරීම සහ එහි අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම 2023 ආසියානු කුසලාන තරගාවලියට සාපේක්ෂ ව ආරම්භ කළ බවත් ආනයන සම්බාධක හේතුවෙන් එහි කටයුතු අපේක්ෂා කළ පරිදි නිම කිරීමට නොහැකි වූ බවද ඔවුන් සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදුලි පහන් ආදේශ කිරීම සඳහා පමණක් රුපියල් බිලියන 1.5 ක් වැය කර ඇති බවට වන චෝදනාව පදනම් විරහිත බවත් ව්‍යාපෘති කළමනාකරණය අනුව, ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ගිවිසුම් අවශ්‍යතා අනුව අතුරු ගෙවීම් සිදුකරන බවද ඔවුන් කර තිබෙනවා.