ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හි දී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන්හි දී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඖෂධ ලබා ගැනීමට නියමිත බවත් සෞඛ්‍යය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩි විදේශ විනිමයක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවයි ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ (SLCMM) 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ. යුද, නාවික සහ ගුවන් හමුදාවේ වෛද්‍ය බළකාය උතුරු නැඟෙනහිර යුදමය තත්ත්වයේදී සැබවින්ම හමුදා වෛද්‍ය විද්‍යාව අත්විඳි බවත් මේ වන විට වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙම කලාපයේ ඇති හොඳම වෛද්‍ය පර්යේෂණ ආයතනය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා. එසේම අඩු ආදායම්ලාභීන්ට පෞද්ගලික රෝහල් සේවාව ලබා ගත හැකි වන පරිදි සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරමින් සිටින බවත් රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමටත් පෞද්ගලික රෝහල් සඳහා ගෙවීම් නොකළ යුතු වාට්ටු හඳුන්වා දීමටත් ඇති හැකියාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Category: politics_sub
ජනපතිගේ වියරු ස්වභාවය පරාජය කිරීමට සියලු දෙනා එක්විය යුතුයි – අනුර
ජනාධිපතිවරයා විසින් ඡන්දය කඩාකප්පල් කිරීමට ගන්නා උත්සාහය පරාජය කිරීම, රටේ සියලුම දෙනාගේ වගකීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ජාතික ජන බලවේගය මේ සඳහා දිස්ත්‍රික් ගණනාවක විරෝධතා පැවැත්වීමට කටයුතු කරන බවත්, හෙට (26) දිනයේ කොළඹ දී ජනාධිපතිවරයාගේ වියරු ස්වභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දැමීමේ උත්සාහය පරාජයට පත් කිරීම සඳහා දැවැන්ත ජනතා විරෝධතා රැළියක් පැවැත්වීමට සුදානම් බවද ඔහු පවසනවා.
එමෙන්ම මේ පිළිබඳව විවිධ ජාත්‍යන්තර සංවිධාන, මානව හිමිකම් සංවිධාන දැනුවත් කිරීමට කටයුතු කළ බවද, ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට පවා යාමට සුදානමින් සිටින බවද ඔහු අවධාරණය කරනවා.
මහින්ද රාජපක්ෂව අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන්න අපිටත් යෝජනාවක් ආවා – චන්න ජයසුමන
අග්‍රාමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ වෙත ලබාදීමේ යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඒ සඳහා යෝජනාවක් සිය සන්ධානයටත් ගෙන ආ බවත් නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසනවා.
ඔහු පවසා සිටියේ හිසේ අමාරුවට කොට්ටෙ මාරු කිරීමෙන් පලක් නොවන බවත්, ආණ්ඩුව ගෙදර යා යුතු බවයි. අග්‍රාමාත්‍ය ධූරය වෙනස් කිරීමෙන් රටේ තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.
අග්‍රාමාත්‍ය ධූරය මාරු කිරීමේ උත්සාහයට සිය සන්ධානයේ කිසිවෙකුත් සහාය නොදෙන බව පවසා සිටි මන්ත්‍රීවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගොස් විවේකි සූවයෙන් සිටිය යුතු බවයි.
වෘත්තීය සමිති 40ක නියෝජිතයින් අද ජනපති හමුවෙයි
වරාය, විදුලිය, වෛද්‍ය, ජල සම්පාදන, බැංකු, ඛණිජ තෙල් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති 40 ක් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතු අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බව වාර්තා වනවා.
රජය විසින් පනවා ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තිය අහෝසිකර සාධාරණ බදු ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව එහිදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මාර්තු 09 මැතිවරණය නැහැ, පැවැත්වෙන දිනය මාර්තු 03 ප්‍රකාශයට පත් කරනවා – මැතිවරණ කොමිසම
පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු 09 වනදා නොපැවැත්වීමට තීරණය කර ඇති අතර, ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 03 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇතුළු ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද, ඡන්ද විමසීමට අදාළ මුදල් භාණ්ඩාගාරයෙන් ලබාගැනීම සඳහා මැදිහත් වෙන ලෙස ඉල්ලීමක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
අදාළ නිවේදනය පහතින්.

ජනාධිපති පිස්සු කතා කියමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් ගෙන යන්න උත්සාහ කරනවා – සජිත්
රට බංකොලොත් වී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ පිස්සුවෙන් මෙන් දොඩවන බවත් විපක්ෂය විසින් මැතිවරණය නවත්වන ලෙස පැවසූ බවට බොරු බේගල් ඇද බාන බවත් එහෙත් සැබෑ යථාර්ථය නම් සමගි ජන බලවේගය මැතිවරණය වෙනුවෙන් මේ වන විටත් සූදානමෙන් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විදුලි බිල සියයට 250කින් වැඩිකර, බදු බර, ගෑස් මිල, තෙල් මිල වැඩි කර මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරාගෙන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් පිස්සු කතා කරන බවත්, ජනාධිපතිවරයා රටේ ජනතාවගේ මානව අයිතිය උල්ලංඝනය කරමින් ඡන්ද අයිතිය සහ මේ රටේ ජනතාවට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගැනීමට කටයුතු කරන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
සියල්ලන්ගේම මහ මොළකරු කවුද කියලා ඊයේ දිනයේ දී ඔප්පු වුණා – ඩලස් අලහප්පෙරුම
ජනාධිපතිවරයා විසින් හරසුන්, අත්තනෝමතික ප්‍රකාශ කිරීම තුළ සමස්ත රාජ්‍යයම හෑල්ලුවට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
කොළඹ තේරීම් භාර නිලධාරියා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නොදන්නා බව පැවසීමටත්, එය නීත්‍යානුකූල නොවන බව පැවසීමටත් පෙබරවාරි මාසය දක්වා නිශ්ශබ්දව සිටීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඊයේ (23) දිනයෙන් පසුව වෙනත් කිසිවෙකුටත්, කිසිම ආයතනයකටවත්, රාජ්‍ය නිලධාරියෙකුටත් ඇඟිල්ල දික් කිරීමේ තේරුමක් නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම සමස්ත වැඩපිළිවෙළේ මහ මොළකරු කවුද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින්ම රටට අනාවරණය කළ බවයි.
එමෙන්ම ඊයේ දිනයේ දී විධායක ජනාධිපති ධූරය කෙතරම් ඒකාධිපතිවාදී ස්වරූපයක් ගන්නවාද යන ප්‍රකාශය උස් හඬින් නැවත වතාවක් පාර්ලිමේන්තුවේදී තහවුරු වූ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.
JR ගේ බෑනා කරන්නෙත් එදා 82 දී මාමා කරපු දේම තමයි – සුනිල් හඳුන්නෙත්ති
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් දැන් කරමින් සිටින්නේ 1982 වසරේ දී ජනමත විචාරණය පවත්වා එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් කළ දේම බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
1982 වසරේ දී ජනමත විචාරණය පවත්වා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු පැමිණීම වැළැක්වීමට කටයුතු කළ බවට ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා විසින් පසුකළකදී පවසා සිටි බවයි සුනිල් හඳුන්නෙත්ති පවසා සිටියේ.
දැන් ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ බෑනා විසින් ද එය කරමින් සිටින බවත් වෙනසකට ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඡන්දය කල් දාන්න යැයි පැවසූ පිරිස පාවා දීම බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
මැතිවරණයක් නැත්නම් එජාපය නාම යෝජනා දුන්නේ ඇයි? – පුබුදු ජයගොඩ
මැතිවරණයක් නීත්‍යානුකූලව කැඳවා නොමැති නම් එක්සත් ජාතික පක්ෂය විසින් පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදී ඇත්තේ ඇයිදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විමසා සිටියා.
මහ බැංකු අධිපතිවරයා විසින් සඳහන් කළ පරිදි මෙම ආර්ථික අර්බුදය විසඳීමට වසර 10ක් පමණ ගත වනු ඇති බවට පෙන්වා දුන් ඔහු කියා සිටියේ, මුදල් නොමැතිකම හේතුවෙන් ඡන්දය නොපවත්වන්නේ නම් තවත් වසර 10ක් යනතුරු ඡන්දයක් පැවැත්වීමට නොහැකි වන බවයි.
මුදල් නොමැති බව පවසමින් ඡන්දය කල් දැමීම යුක්ති සහගත නොවන බවත්, එම තර්කය අනුව ඕනෑම මැතිවරණයක් කල් දැමීමට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම මැයි 11 දක්වා කල් තැබේ
හිටපු යුද හමුදා කර්නල්වරයෙකු ගොනුකළ රිට් පෙත්සම මැයි 11 දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
