මුදල් ගෙවන තුරු තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදෙන්න බැහැ – රජයේ මුද්‍රණාලය

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිෂම වෙත අදාළ ඡන්ද පත්‍රිකා භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානී ලියනගේ පවසා තිබෙනවා.

දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මේ වනවිටත් මුද්‍රණය කර අවසන් කර ඇති බවත්, අදාළ ඡන්ද පත්‍රිකා යළි පරික්ෂා කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදුකළ යුතු බවත් ප්‍රකාශ කළ ඇය වැඩිදුරටත් කියා සඳහන් කර සිටියේ ඒ සඳහා අවශ්‍ය වන මුදල් මෙතෙක් ලැබී නොමැති බවයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රුපියල් කෝටි 20ක පමණ මුදලක් වැය වී ඇතත් මේ දක්වා කොමිෂමට ලැබී ඇත්තේ රුපියල් කෝටි 04ක් පමණක් බවයි ඇය පවසා සිටියේ. මෙම මුදල් නොලැබීම නිසා මුද්‍රණාලයේ අභ්‍යන්තර කටයුතු පවත්වාගෙන යාමත් අර්බුදයක්ව ඇති බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.

comment loading imageමහජන ප්‍රතිචාර

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2011 වසරේ වව්නියාවේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව මාර්තු 21 වනදා සිට 24 වනදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව 21 වනදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

කළුතර ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

කළුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම ප්‍රාදේශීය සභාවට සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නව ලංකා නිදහස් පක්ෂය ගොනුකර ඇති පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. පෙත්සම් විභාගය මැයි මස 12 වනදා පැවැත්වීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

පක්ෂ ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කරයි

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් මාර්තු 23 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අද (16) මැතිවරණ කොමිෂන් සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

9225dd66f2a05d694458ff8326e7d13b

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිසම අද (16) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිදහස් නොකිරීම හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිදහස් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම්දී තිබූ අතර මුදල් අමාත්‍ය ලේකම්වරයා විසින් එම ලිපිය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිහ වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

වර්ජනවලින් වත්මන් ආණ්ඩුව වට්ටන්න බැහැ – එස්.එම්. චන්ද්‍රසේන

වර්ජනවලින් වත්මන් ආණ්ඩුව වැට්ටවීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන පවසනවා.

ඒ අනුව අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අරගලයෙන් සිදු කිරීමට නොහැකි වූ දෙය වර්ජනය හරහා සිදු කිරීමට උත්සාහ කරන බවයි.

වර්ජකයන් විසින් මේ අවස්ථාවේ සිදු කරන්නේ හෙන ගසන අපරාධයක් බවත් ජනතාව විසින් වර්ජකයන්ට ඒ සඳහා පාඩමක් උගන්වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති​ව ධූරයෙන් ඉවත් කරයි

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් සභාපති ධූරයෙන් හා සභික ධුරයෙන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 185(1) වගන්තියේ සඳහන් වරදවලට අදාළව නොයෙල් ස්ටීවන් මහතා වෙත ඉදිරිපත්වී තිබූ චෝදනා සියල්ලටම වරදකරු බවට තීරණය වී ඇති බැවින් ආණ්ඩුකාරවරයා විසින් එම තීරණය ගෙන ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

298e4375e9b5fe4ca63ed38c3f8f1228

මෛත්‍රීගේ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (14) තීරණය කර තිබෙනවා.

මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ඔහුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින පුද්ගලික පැමිණිල්ල කැඳවීමකින් තොරව බහා තබන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහෙස්ත්‍රාත්වරයාට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම රීට් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

විමල් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වන අතරතුර විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක යන මහත්වරුන් ඇතුළු 7 දෙනෙකු උද්ඝෝෂණයේ නිරත වූ බවට චෝදනා එල්ලවී තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටිම සළකා බලා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කළ අතර නඩුව යළි ජුනි 19 වනදා කැඳවීමට නියෝග කළා.