ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා
ඒ අනුව තව සුළු මොහොතකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට නියමිතයි.
ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා
ඒ අනුව තව සුළු මොහොතකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට නියමිතයි.
ජනක රත්නායක උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත් විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර අද (24) සවස ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ප්‍රශ්නවලින් පසු විවාදය ආරම්භ වීමට නියමිතයි.
පසුව අද සවස ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මේ වන විට නඩු කටයුත්තක් අධිකරණයේ විභාග වෙමින් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.
ඒ සම්බන්ධයෙන් අධිකරණ තීරණය ලැබෙන තෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර හෝ තිලංග සුමතිපාල පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
ලබන වසර තුළ ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසනවා.
නිශ්චිතව දිනයක් ප්‍රකාශ කළ නොහැකි වුවද, ලබන වසරේ මාර්තු මාසය වන විට ජනාධිපතිවරණයක් පැමිණේවි යැයි අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.
එම ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා විශාල පිරිසක් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ව්‍යාපාරිකයන් දේශපාලකයන්ගේ වහලුන් බවට පත් නොවී, ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන ක්‍රමවේදයක් රට තුළ ඇති කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
දේශපාලකයන්ගේ වගකීම වන්නේ ව්‍යවසායකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන පැරණි ක්‍රමය බැහැර කර, සිස්ටම් එක තුළින් පිළිතුරු ලැබෙන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අපක්ෂපාතී විනිවිධභාවයෙන් යුක්ත වූ ක්‍රමවේදයක් ඇති විට අල්ලස්, පගා ගැටලුවලටද විසඳුම් ලැබෙන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (20) කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද මීට සමගාමීව පැවැත්වීමට තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ඡන්ද විමසීමේ දී ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලතල ඇතුලු ධූර කිහිපයක් සඳහා සාමාජිකයින් පත් කරගැනීමට නියමිතව තිබෙනවා.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යොදවා රජයට පාඩුවක් සිදුකළ බවට ඔවුන්ට චෝදනා එල්ලවී තිබුණා. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබූ අතර එම මූලික විරෝධතාව පිළිගත් විනිසුරුවරයා ඔවුන් නිදහස් කරන ලෙස නියෝග කර තිබෙනවා.
ප්‍රධාන වෘත්තිය සමිති සංගම් නියෝජනය කරමින් එහි නායකයින් සහ නියෝජිත පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව කම්කරු අයිතිවාසිකම් සහ අණ පනත් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.
තවදුරටත් කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ බල ගැන්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බවත් මේ වැඩපිළිවෙළ පිළිබඳව සමාජ කතිකාවතක් නිර්මාණය කළ යුතු යැයි වෘත්තිය සමිති නායකයින් එහිදී පැවසූ බවද සඳහන්.
සමාජ කතිකාවකින් ඔබ්බට සමාජ සම්මුතියක් දක්වා එය රැගෙන යා යුතු බවයි මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයෙන් තනතුරු දෙකකට නව සාමාජිකයින් පත්කර ඇති බව එම පක්ෂය පවසනවා.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සමගි ජන බලවේගයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුරට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
එසේම කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ධුරයට පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.