ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව ජුලි 25 දක්වා කල් යයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

එම තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණු නමුත්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කළේ අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වනදා දක්වා කල්තබන බවයි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් එම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අමාත්‍ය ධූර ලබාගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගැන මධ්‍යම කාරක සභාවේදී ඒකමතික තීරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (05) පස්වරුවේ රැස්වී තිබෙනවා.

ඒ අනුව රජයේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරන්නේ.

එහිදී මොන ආකාරයෙන් කටයුතු කළ යුත්තේද යන්න සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් ගත් බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස කාර්යක්ෂමව වේගවත්ව ඉදිරියට යන බවත් මෙම යුගයට ගැලපෙන ප්‍රධාන දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ.

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණ තීන්දුව අද

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ මන්ත්‍රීවරියට බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි බැවින් ඇයගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඖෂල හේරත් විසින් අදාළ පෙත්සම ගොනුකර තිබුණා.

මෙම රීට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එන්. ඒ. ආර්. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගැනුණු අතර තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද දිනය දක්වා කල් තබා තිබුණා.

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

අද (06) උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සිට ජූනි 7 වැනි බදාදා හැර අන් සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

අද දිනයේ සිවිල් ගුවන් සේවා පනත ඇතුළු පනත් කිහිපයක් යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මුග්ධ විකාශන අධිකාරි පනත පරාජය කරන්න ඕනේ – සජිත්

වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එය පරාජය කිරීමට ගතයුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේදීත් ගැනීමට මෙහිදී තීරණය කළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.
මෙම පනත හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ කිරීම සිදුවෙන බවත්, මුග්ධ විකාශන අධිකාරි පනත පරාජය කිරීමට කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂ එකමුතුවේ අනුකමිටුව රැස්වෙයි

විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත්කළ විපක්ෂ එකමුතුවේ විශේෂ අනුකමිටුව අද (05) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

යෝජිත මෙම පනත තුළින් මාධ්‍යවේදීන් සිරගත කිරීමට, මාධ්‍යවේදීන්ට දඩ පැනවීමට හා විද්‍යුත් මාධ්‍ය අහෝසි කිරීමට බලය පැවරෙන බවටයි චෝදනා එල්ලවී තිබෙන්නේ.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ – ජනපති

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ හේතුවෙන් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ දෙරටේ මහජනතාවගේ සමස්ථ යහපැවැත්ම වැඩිදියුණු කිරීම මගින් දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම හා විධිමත් කිරීම එහි අරමුණ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. අදාළ කැබිනට් තීරණය පහතින්.

041cb5eb5a3dcdd94e2ea65cde820d6c

ජයග්‍රහණයට හොඳම කාලය එනතෙක් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා – පැෆරල්

බලයේ සිටින පාලකයන්ගේ ජයග්‍රහණය සඳහා සුදුසු කාලය එළඹෙන තෙක් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බව පැෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

ඒ අනුව ආණ්ඩුව මෙහෙයවන ප්‍රධාන බලවේගයට අවශ්‍ය පරිදි මැතිවරණ සිතියම හකුළමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

කිසිඳු නිතියකින් තොරව මැතිවරණ කල් දැමිමට හැකි වටපිටාවක් නිර්මාණය වී ඇති බවත්, මෙය බරපතළ ලෙස රටේ ව්‍යවස්ථාවට එරෙහිව යාමක් බවයි පැෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

අලි සබ්රි රහීම්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන ලෙසට යෝජනාවක්

ඊයේ (26) පැවති පක්ෂ නායක රැස්වීමේ දී පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සබ්රි රහීම් හට සිය කැමැත්තෙන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් වන අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් එය ස්ථිර කර ඇති බවත් සඳහන් වන අතර පාර්ලිමේන්තුවේ අනිකුත් මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව අදාළ යෝජනාව අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා වෙත ලබාදීමට නියමිත බවත් සඳහන්.

ඔහු පසුගියදා මෙරටට නීතිවිරෝධී ලෙස රත්‍රං, දුරකථන රැගෙන ඒමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර පසුව රු. මිලියන 7.5 ක දඩ මුදලක් ගෙවීමෙන් පසු මුදාහැරීම යන කාරණය මුල් කරගෙන මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.