තෛපොංගල් දින පණිවුඩය

ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා මෙම උතුම් උත්සවය සමරන සියලුම ගොවීන්ට සහ පුද්ගලයින්ට ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවායැයි මා එක සිතින් ප්‍රාර්ථනා කරමි.

අප මානව ශිෂ්ටාචාරය හා හැඩගැසී ඇති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඇති ප්‍රධාන කාර්යභාරය අවබෝධ කරගනිමින් ඒතුළින් වර්ථමානයේ ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්තයට එල්ල වන අභියෝග ජයගෙන අනාගතය පරපුර වෙනුවෙන් කටයුතු කරන අතරතුරදී, එහි බැඳී ඇති අපගේ කෘෂිකාර්මික සම්ප්‍රදායන්, සංස්කෘතියන්, සදාචාරයන්, මනුෂ්‍යත්වය සහ අපගේ සමාජය තුළ සහජීවනයේ බැඳීම් සුරැකීමට සහ සැමරීමට මෙන්ම, තෛපොංගල් උත්සවයේ වැදගත්කමට ගෞරව කිරීමට මෙය හොදම අවස්ථාවක් වන බවද මා විශ්වාස කරමි.

අද ශ්‍රී ලාංකීය ගොවීන්, මිනිසුන් ජීවත් කරවීමට අවශ්‍ය පෝෂණය සැපයීමේදී මුහුණ දෙන අරගලයන් කෘෂිකර්මාන්තයේ වැදගත්කම අවධාරණය කරයි. තෛපොංගල් උත්සවය භූමිය සමඟ අපගේ ගැඹුරු සම්බන්ධතාවය සහ ප්‍රජාවන් පෝෂණය කිරීමේදී ගොවීන් ඉටු කරන මූලික කාර්යභාරය පිළිබඳ සංවේදී මතක් කිරීමක් කල යුතුයි. තෛපොංගල් උත්සවය සැමරීමට අපි එක්වන විට, සියලු ජීවීන් කෙරෙහි දයාව, කෘතවේදීත්වය සහ ගෞරවය යන සාරධර්ම කෙරෙහි අපගේ කැපවීම යළිත් තහවුරු කිරීමේ අවස්ථාවක් කර ගමු. මෙම උත්සවය අපගේ කෘෂිකාර්මික සංස්කෘතියේ මූලයන් අගය කිරීමටත්, සාමකාමී සහ තිරසාර අනාගතයක් සඳහා අඛණ්ඩව කටයුතු කිරීමටත් පමණක් නොව, සතුන් කෙරෙහි සහජ කරුණාව, සමගිය පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම සහ ඒ සඳහා වූ අපගේ සමාජය තුළ හවුල් වගකීම ද අවධාරණය කරයි.

හින්දු ආගම අදහන දෙමළ ජනයා සඳහා තෛපොංගල් සමය නව වසරක උදාව සනිටුහන් කරනවා මෙන්ම, නව අවස්ථා සහ ආරම්භය සංකේතවත් කරයි. මෙම උත්සවය සමරන ශ්‍රී ලාංකිකයන් සහ දේශසීමාවෙන් එතෙර සියලු දෙනාගේ ජීවිතවලට සෞභාග්‍යය, ප්‍රීතිය ගෙනදේවා යැයි මා ප්‍රාර්ථනා කරමි. සැමට අර්ථවත් හා සමෘද්ධිමත් තෛපොංගල් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමි.

මෛත්‍රීපාල සිරිසේන
පාර්ලිමේන්තු මන්ත්‍රී
06 වන විධායක ජනාධිපති

WhatsApp Image 2024-01-15 at 08.41.35

තෛයිපොංගල් දින පණිවුඩය

හින්දු සංස්කෘතියේ විශිෂ්ටත්වය විදහා දක්වන ජාතික උත්සවයක් බවට පත් ‘තෛයිපොංගල්’ කෘෂිකාර්මික අර්ථ රටාවකට උරුමකම් කියමින් සාමය, එකමුතුව, දයාව මූලික වූ සාරධර්මයන් මූර්තිමත් කරයි.

ස්වභාවධර්මය සමඟ බැඳි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දමිළ ගොවි ජනතාව සරු අස්වැන්නක් ලබා ගැනීම උදෙසා සූර්යයාට කෘතඥතාව පුදන මෙම අස්වැන්නේ මංගල්‍යය දැයේ ජීවනාලියේ පිළිබිඹුවක් වනු ඇත.

එය වත්මන් තත්ත්වයන් හමුවේ ආහාර සුරක්ෂිතතාවය සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට උත්තේජනයක් වනු ඇත.

අපේක්ෂාවන් ඉටුවන ඵලබර නව වසරක උදාව සනිටුහන් කරමින් තෛපොංගල් උත්සවය සමරන ලොව පුරා වෙසෙන ජනතාවට සුභ පැතුම් එක් කරමි.
දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය

2024 ජනවාරි මස 14

WhatsApp Image 2024-01-15 at 08.42.48

මැතිවරණ කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ හා 103 (01) ව්‍යවස්ථාව අනුව මහාචාර්ය ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මෙසේ දැක්වේ.

* ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා – සභාපති

ශාන් විජේලාල් පාර්ලිමේන්තුවට ඒප්‍රන් එකක් ඇඳගෙන ඇවිත් – සභාවට ඇතුළුවීම තහනම් කරලා

ඇඳුම සම්බන්ධයෙන් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශාන් විජයලාල් ද සිල්වා මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළුවීම තහනම් කර ඇත.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ජනමාධ්‍යවේදීන් අමතමින් පවසා ඇත්තේ මන්ත්‍රීවරයා පැමිණ ඇත්තේ සූපවේදීන් අඳින ඒප්‍රන් ඇඳුමට සමාන ඇඳුමකින් බවයි.

“ඇයි ඔය ඇදුමෙන් ආවේ කියලා ඇහුවම මන්ත්‍රීවරයා කිව්වා එයාට අඳින්න කළු කමිසයක් සහ කලිසමක් නෑ කියලා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට අඟහරුවාදා කළු ඇඳුමකින් එන්න කියලා” වේත්‍රධාරීවරයා පවසා ඇත.

මම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙනවා – චමින්ද විජේසිරි

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.

ඒ අනුව අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරියට භාරදුන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

VAT බද්දට විරෝධය දක්වා සජබ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තු පැමිණෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (09) පාර්ලිමේන්තු රැස්වීම සඳහා කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ අනුව වැට් බද්ද වැඩි කිරීම සහ ජීවන වියදමට එරෙහිව විරෝධය දක්වා මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

659ce88f310e7 659ce88f51551

ලබන වසරේ මැතිවරණවලට සමගි ජන බලවේගයෙන් පොදු සන්ධානයක්

ලබන වසරේ පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා පොදු සන්ධානයක් ගොඩනැගීමේ බලය පක්ෂ නායකවරයා වෙත ලබා දීමට සමගි ජන බලවේගය ඊයේ (22) තීරණය කළා.

ඊයේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසන්නේ.

ඉදිරි වර්ෂයේදී ජනතාවගේ ගැටළු විසඳීම සඳහා වැඩපිළිවෙළ රැසක්  සංවිධානය කර ඇති බවද ඔහු පවසනවා.

එසේම ජී.එල්. පීරිස් වෙත අගමැති ධුරය ලබා දීම සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ඡා කර හෝ එකඟතාවකට හෝ පැමිණ නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළා.

රනිල් නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවි – රවී කරුණානායක

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍යවරයෙක් වන රවී කරුණානායක පවසනවා.

ඒ අනුව සියලු දේශපාලන පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම කාලීන අවශ්‍යතාවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙක් පක්ෂ එකතුව මේ රට සංවර්ධනාත්මක ගමනකට ගෙනයන බවත්, යම් ආකාරයක ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අපේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂයින් අතර ධම්මික පෙරේරාත් ඉන්නවා – සාගර

පක්ෂයක් ලෙස එන ඕනෑම මැතිවරණයකට ශක්තිමත්ව මුහුණදීම සඳහා සියලු පියවර මේ වනවිට ගනිමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති වුවත් අපේක්ෂකයින් හතරදෙනෙක් සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් තිබෙන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එම අ‌පේක්ෂයින් අතර මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන ධම්මික පෙරේරාද සිටින බවත්, තම පක්ෂය හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මාළිමාවේ ආරක්ෂාව පෞද්ගලික සමාගමකට බාරදෙයි

ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සදහා දායකත්වය ලබා නොදීමට ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයින් තීරණයකර ඇති අතර, මේ නිසා පූර්ණ කාලීන ආරක්ෂක කටයුතු සදහා මුදල් ගෙවා පුද්ගලික ආරක්ෂක අංශයකින් සාමාජිකයින් බදවා ගැනීමට කටයුතු කරන ලෙසට අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායමක් තීරණය කර ඇතිබව ජනතා විමුක්ති පෙරමුණු අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ජාතික ජන බලවේගය පිහිටුවාගත් නමුත් එහි දේශපාලන කටයුතු වලදී පක්ෂයට සම්බන්ධයක් නොමැති වෙනත් කණ්ඩායමක් රැසක් ලං කරගැනීමට කටයුතු කර තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ දේශපාලන ක්‍රමයට සහ දේශපාලන සංස්කෘතියට පටහැනි ආකාරයට මෙසේ අලුතින් ආ කණ්ඩායම් කටයුතු කරන බවට පසුගිය කාලයේදී බෙදිමකට ලක්ව තිබුණි.

ජාතික ජන බලවේගය රට පුරා රැස්වීම් පවත්වන විට ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීකයින්ට වැඩි ඉඩක් ලබානොදීම නිසා කණ්ඩායම් දෙක අතර බෙදීමක් ඇතිව තිබුණි. මේ වන විට එම බෙදීම බරපතල තත්වයකට පත්ව තිබෙන බවද, ඔවුන් ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සදහා පූර්ණ කාලීන දායකත්වය ලබා නොදෙන බවද අනාවරණය වේ.

ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සදහා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයින්ගෙන් දායක්තවය ලබා නොදෙන නිසා පුද්ගලික ආරක්ෂක අංශයකින් මුදල් ගෙවා දේශපාලනය කිරීම සදහා පුද්ගලයින් බදවා ගන්නා ලෙසට අනුර කුමාර දිසානායක දැනුම්දී ඇති බවද, ඒ අනුව ජාතික ජන බලවේගයේ පූර්ණ කාලීන දේශපාලනය කිරීම සදහා පුද්ගලික ආරක්ෂක අංශයේ සාමාජිකයින් කටයුතු කරමින් සිටින බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි