කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයට උත්තර ලංකා සභාගයේ සහාය

කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය පළ කිරීමට උත්තර ලංකා සභාගය ඊයේ (26) තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

Online Safety පනත සම්මත කිරීමේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් ගෙන ඒමට සැරසෙන විශ්වාසභංග යෝජනාවටයි මෙසේ සහය පළ කිරීමට ඔවුන් තීරණය කර ඇත්තේ.

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) කතානායකවරයා වෙත යොමුකර තිබෙනවා.

ජනප්‍රිය රංගන ශිල්පියකු වන ඔහු ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු ලෙස පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුරය දිස්ත්‍රීක්කයෙන් පොහොට්ටුව පක්ෂය යටතේ තරඟකර පාර්ලිමේන්තුවට තේරී පත්වුනා.

ඒ අවධියේ පැවති පාලනයෙන් රටේ යම් ධනාත්මක වෙනසක් සිදු කරනු ඇතැයි යන අපේක්ෂාව තුළ තමා පාර්ලිමේන්තුවට පැමිණියද, සියලු දෙනාගේ අපේක්ෂා භංගත්වයට පත්වන අයුරින් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් සහ පවතින වාතාවරණය තුළ තම දේශපාලන සිතුම් පැතුම් යථාර්ථයක් නොවන බව පසක් වීම නිසා මෙම තීරණය ගත් බවයි ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ.

65dd864a96441

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ පිහිටුවීම

2024.02.26

මාධ්‍ය නිවේදනයයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ පිහිටුවීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් 24.02.24 දින ශ්‍රී.ල.නී.ප මූලස්ථානයේ පැවති ශ්‍රී .ල.නී.ප කාන්තා පෙරමුණ පිහිටුවීමේ අර්බුදකාරි තත්වයක් පිලිබද සාවද්‍ය පුවත් ඇතැම් මාධ්‍යයන්හි පලවිම අපගේ විස්මයටත් විමතියටත් හේතු විය.
එහිදී කිසිදු අර්බුදකාරි තත්වයක් නොවූ අතර විශාල කාන්තා සහභාගීත්වයෙන් යෝජනා සම්මතයෙන් තනතුරු පත්වූ අතර ඇතැම් තනතුරු සදහා කිහිපදෙනෙකු ම යෝජනා වීම නිසා ගරු සභාපතිතුමා විසින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස යෝජනා වූ සියලු දෙනා සමග සාකච්ඡා කොට ඉදිරියෙදී එම තනතුරු පත් කිරීමට සභාවේ සියලු දෙනාගේම එකඟතාවය මත තීරණය වීමෙන් පසුව ඉතා සුහද ලෙසින් රැස්වීම අවසන් විය.

එබැවින් කිසිදු අර්බුදකාරී තත්ත්වයක් එහිදී ඇති නොවූ බව නැවතත් අවධාරණය කරමි.

ස්තුතියි
මෙයට

තිසර ගුණසිංහ
ප්‍රචාරක ලේකම් – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

260224_240227_112048

අපි ගේන්නේ පුරවැසියාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස දැනෙන නව දේශපාලනයක් – අනුර

ජාතික ජන බලවේගය විසින් යෝජනා කරන්නේ පුරවැසියාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස දැනෙන නව දේශපාලනයක් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මෙතෙක් සිටි පාලකයන් සිතා සිටියේ ඔවුන් මහා බ්‍රහ්මයාගේ නළලෙන් මැවූ ලෙස සහ රටේ පුරවැසියන් යටිපතුලෙන් මැවූ ලෙස බවයි මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ (24) පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

තම පක්ෂය යෝජනා කරන්නේ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මධ්‍යස්ථානයක් බවද, එය දේශපාලකයා ජනතාවට බයේ සැඟවී සිටින තැනක් නොව, දේශපාලකයා සහ ජනතාව අතර සමීප සම්බන්ධතාවක් තිබෙන තැනක් බවද, සාමුහිකත්වය, මානුෂික බැඳීම්, ආධ්‍යාත්මික බැඳීම් සහ අනෙකා කෙරෙහි සහකම්පනයකින් යුත් මිනිස් සමාජයක නව ආර්ථික මාවතක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සෞඛ්‍ය ඇමැතිවරයා බෙහෙත්වලින් හොරකම් කරන, අගමැතිවරයා මහ බැංකුව සොරා කන රටක් ජනතාවට අනවශ්‍ය බවද, ඒ වෙනුවට නව පුනරුද යුගයක් ජනතාවට අවශ්‍ය බවයි ඔහු අවධාරණය කළේ.

ඔක්තෝබර් මාසය වන විට දූෂිත පාලකයින්ගෙන් නිදහස් වීමේ සතුට මෙරට ජනතාව භූක්ති විඳිනු ඇති බවද, වත්මන් පාලකයන් පලවාහැර පාලන තන්ත්‍රය පෙරළා දැමීම හරහා ජනතාව විශාල පිබිදීමකින් රට ගොඩනැඟීමට ඉදිරියට එනු ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනක් පිම්මකට සූදානමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනක් පිම්මකට සූදානමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලඥයන් දෙදෙනෙකු සමගි ජන බලවේගයට එක්වීමට රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවට එම පක්ෂයේ ආරංචි මර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් අයෙකු ප්‍රබල තනතුරක් හෙබි පුද්ගලයෙක් වන අතර අනෙක් දේශපාලඥයා ආසන සංවිධායක ධුරයක් දරන්න බව වැඩිදුරටත් සදහන් වන අතර ශ්‍රී ලංකා
නිදහස් පක්ෂයේ එම පුරප්පාඩු වන තනතුරු සදහා දැනටමත් වෙනත් දේශපාලඥයන් දෙදෙනෙකු පත් කරගැනීමට තීරණය කරගෙන ඇති බවද පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මැතිවරණ නියාමන වියදම් පනත පිළිබඳ දේශපාලඥයන් දැනුවත් කිරීමට පියවර

මැතිවරණ කොමිෂන් සභාව මගින් මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳව රටේ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට තීරණය ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.පෙබරවාරි මස (27) සහ මාර්තු (06) යන දිනවල දී මෙම දැනුවත් කිරීම් සිදු කිරීමව සැලසුම් කර ඇති අතර මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මැතිවරණ සඳහා මුදල් වැය කිරීම සීමා කළ යුතු බවද එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසයි.

මැතිවරණ වියදම් නියාමන පනත සම්මත වුවත් ඉන් පසු කිසිදු මැතිවරණයක් පවත්වා නොමැත. පනතේ විධි විධාන සම්බන්ධයෙන් සියලුම පක්ෂවල දේශපාලඥයින්ට අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සූදානම් කළ බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ගල්පාත චන්දන පෙරේරා

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේත් සජිත් සමග එක්වෙයි

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගි ජන බලවේගය සමඟ එක්ව තිබෙනවා.

ඒ අනුව ඔහු අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයට එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස සත්‍යප්‍රිය ලියනගේ පත් කිරීමටද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ෆොන්සේකාට පොහොට්ටුවේ දොර විවෘතයි – නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ සමඟ තිස්වසරක යුද්ධය අවසන් කිරීමට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොර විවෘතව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ පවසනවා.

ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන විරුද්ධ වාදියා ලෙස සිටි රනිල් වික්‍රමසිංහටද තම පක්ෂයේ සැලුන් දොර විවෘත්ත වූ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති අපේක්ෂක අභියෝගය භාරගන්න සූදානම් – පාඨලී චම්පික

ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සිදුවුවහොත්, අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් මත පදනම්ව පුළුල් දේශපාලන සන්ධානයක් ඇතිකිරීම අපේක්ෂාව බවත්, එහිදී එක්සත් ජනරජ පෙරමුණ කොටස්කරුවෙකු පමණක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පොදු එකඟතා මගින් දේශපාලන සන්ධානය පවත්වාගෙන යාම අරමුණ වන අතර එහිදී සාමූහික නායකත්වයක් නිර්මාණය කෙරෙන බවත් ඒ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ අපේක්ෂකයා තෝරා ගැනීම සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළා.

රටේ අර්බුද විසඳීමට ඉදිරිපත්ව, ජනාධිපතිධුරාපේක්ෂකයා වෙන්නැයි සාමූහික නායකත්වය ඉල්ලා සිටියහොත්, අභියෝගය භාර ගැනීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

65d4767b90ca4

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුමර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.
පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දැනට දරන අමාත්‍ය ධුරයට අමතරව මෙම පත්වීම සිදුකර ඇත.