එක්සත් ජාතික පක්ෂයේ “සැබෑව” ජන රැළි මාලාව ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන “සැබෑව” ජන රැළි මාලාවේ පළමුවැන්න කුලියාපිටියේදී අද (10) ආරම්භ වනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී මෙය ආරම්භ වීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්විමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රචාරක ජනරැළියක් අමතන පළමු අවස්ථාව මෙය වනවා.

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

අද (08) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andrés Marcelo Garrido මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා හමුවිය.

එමෙන්ම කියුබන් තානාපති කාර්යාලයේ පළමු ලේකම් Mrs. Maribel Duarte Gonzalez මහත්මියද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක සහෝදරයාද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදී දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවත්වාගෙන ආ දේශපාලන සම්බන්ධතාවය පිළිබඳවත් වර්තමානයේ ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙනුත් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙනුත් මේ වනවිට කියුබාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සෘජු සම්බන්ධතාත් ඒවායේ ප්‍රගතිය සහ ගැටලු සහගත තැන් පිළිබඳවත් තානාපතිවරයා මෙහිදී අනුර දිසානායක සහෝදරයා දැනුවත් කළේය.
இலங்கைக்கான கியூபத் தூதுவர் மற்றும் தேசிய மக்கள் சக்தியின் தலைவருக்கு இடையிலான சந்திப்பு

இன்றைய தினம் (08) பிற்பகல் மக்கள் விடுதலை முன்னணியின் தலைமையகத்தில் இலங்கைக்கான கியூபத் தூதுவர் Andrés Marcelo Garrido அவர்களுக்கும் தேசிய மக்கள் சக்தியின் தலைவர் அநுர குமார திசாநாயக்க அவர்களுக்கும் இடையில் சந்திப்பொன்று இடம்பெற்றது.

இச்சந்திப்பில் கியூபத் தூதுவர் அலுவலகத்தின் பிரதான செயலாளர் Mrs. Maribel Duarte Gonzalez அவர்களும் தேசிய மக்கள் சக்தியின் சார்பில் தேசிய நிறைவேற்றுப் பேரவை உறுப்பினர் தோழர் பிமல் ரத்நாயக்க அவர்களும் கலந்துகொண்டனர்.

இதன்போது நீண்டகாலமாக கியூபாவின் கம்யூனிஸ்ட் கட்சிக்கும் மக்கள் விடுதலை முன்னணிக்கும் இடையில் இருந்த அரசியல் தொடர்புகள் பற்றியும் நிகழ்காலத்தில் தேசிய மக்கள் சக்தியின் அரசியல் செயற்பாடுகள் குறித்தும் விலாவரியாக கலந்துரையாடப்பட்டது.

நீண்ட காலத்துக்கு முன்பாக கியூபா மீது விதிக்கப்பட்டிருந்த பொருளாதாரத் தடை பற்றியும் இன்றளவில் கியூபாவுக்கும் இலங்கைக்கும் இடையில் உள்ள நேரடி தொடர்புகள் மற்றும் அவற்றின் முன்னேற்றம், பிரச்சினைக்குரிய பகுதிகள் பற்றியும் கியூபத் தூதுவர் தோழர் அநுர குமார திசாநாயக்கவிடம் தெளிவுபடுத்தினார்.
A meeting between the Cuban ambassador to Sri Lanka and the leader of the National People’s Power

The Cuban Ambassador to Sri Lanka Mr. Andrés Marcelo Garrido met with Comrade Anura Kumara Dissanayake, the leader of the Jathika Jana Balawegaya (NPP) on the 08th March at the JVP head office.

The First Secretary of the Cuban Embassy, Ms. Maribel Duarte Gonzalez and Comrade Bimal Ratnayake, National Executive Member for the NPP, also participated in this event.

There was a long discussion on the political relationship between the Communist Party of Cuba and the People’s Liberation Front and the current political affairs of the NPP.

The Ambassador briefed Comrade Anura Dissanayake about the sanctions imposed on Cuba for a long period of time and the direct relations between Cuba and Sri Lanka, their progress and problematic areas.

WhatsApp Image 2024-03-08 at 17.12.53 (1) WhatsApp Image 2024-03-08 at 17.12.53 WhatsApp Image 2024-03-08 at 17.12.52 (1) WhatsApp Image 2024-03-08 at 17.12.52

අනුර කුමාර දිසානායක හා රටවල් 6 ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර සාකච්ඡාවක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර හමුවක් ඊයේ (06) පවත්වා තිබෙනවා.

ඒ අනුව එම සාකච්ඡාව සඳහා පලස්තීන, තුර්කි, බංග්ලාදේශ, ඉන්දුනීසියානු, මැලේසියානු සහ මාලදිවයින් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කර ඇති අතර, රට තුළ දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ බව ජාතික ජන බලවේගය සඳහන් කරනවා.

එසේම රටවල් සමග අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහයෝගීතාව මත පදනම්ව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය ලෙස ගෙන ඇති සූදානම පිළිබඳවද මෙම හමුවේදී එම රාජ්‍යතාන්ත්‍රිකයින්ට පෙන්වාදුන් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

බැසිල් නෙවෙයි සක්කරයා ආවත් දැන් ඔය පොහොට්ටුව ආපහු ගොඩගන්න බෑ – විජිත

බැසිල් නෙවෙයි සක්කරයා ආවත් දැන් ඔය පොහොට්ටුව ආපහු ගොඩගන්න බෑ – විජිත

බැසිල් නෙවෙයි සක්කරයා ආවත් දැන් ඔය පොහොට්ටුව ආපහු ගොඩගන්න බෑ – විජිත

මොන මැතිවරණයක් ආවත් අපි සූදානම් – මහින්ද

ඉදිරියේදී කුමන මැතිවරණයක් පැමිණියද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සඳහා සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මෙහිදී මහ මැතිවරණය මුලින් පැමිණෙන බවට උදයංග වීරතුංග කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි.

එසේම කථානායකවරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ද කටයුතු කරන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

මාර්තු 5 සිට 7 දක්වා පාර්ලිමේන්තුව රැස්වේ

මාර්තු 05, 06 සහ 07 යන දිනයන් හි පාර්ලිමේන්තුව පැවැත්වෙන බවත්, 08 වැනි සිකුරාදා දිනය රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවත් පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දෙනවා.

ඒ අනුව මාර්තු 05 වැනි අඟහරුවාදා පෙ.ව.09.30ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව ඇති අතර, අදාල දින තුනෙහිදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, විවිධ පනත් කෙටුම්පත් සඳහා අදාල විවාද සඳහාත් කාලය වෙන්කොට තිබෙනවා.

මේ අතර, කාර්ය මණ්ඩල වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු නිලධාරීන් පිරිසක් ලබන 05 වනදා පෙ.ව 10.30ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට ද ඊයේ (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ ලබාගත් හැම ණයකටම මහ පොළොවට වටිනාකමක් දුන්නා – නාමල්

එදා අග්‍රමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ 2020 වසරේ ණය බරින් රට නිදහස් කිරීමට කටයුතු කරන බවට සඳහන් කළ ප්‍රකාශය මේ වන විට 2047 දක්වා ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරය භාරගන්නා අවස්ථාවේ දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය ලංකාව වූ බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පොලී අනුපාත හා විරැකියා ප්‍රතිශතය තනි ඉලක්කමකට තිබූ බවත් ඉන් අනතුරුව යහපාලන ආණ්ඩුවෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයට භාර ගැනීමට සිදුවූයේ 2% කට වඩා අඩු ආර්ථික වර්ධන වේගයක් සහිත රටක් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

සංවර්ධනය නොකර ජාතික සම්පත් විකුණමින්, එහෙත් ISP ණය ලබාගත් ආර්ථිකයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයට භාර ගැනීමට සිදුවූ බවත්, මහින්ද රාජපක්ෂ ලබාගත් හැම ණයකටම සාධාරණීකරණයක් සිදුකළ බවත්, ඒ හැම ඩොලරයකට මහ පොළවට වටිනාමක් ලබාදුන් අතර නමුත් යහපාලන ආණ්ඩුව ලබාගත් ණයවලට මහ පොළවට කිසිඳු වටිනාමක් ලබා නොදුන් බවද ඔහු සඳහන් කළා.

සංචාරක ව්‍යාපාරය කඩා වැටීමට පටන් ගත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමඟ වන අතර එයට යහපාලන ආණ්ඩුව වගකිව යුතු බවත්, ඔවුන් රට වැට්ටවීම නිසා කොව්ඩ්වලට මුහුණදීමටද නොහැකි තත්ත්වයට ආර්ථිකය පැමිණි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Supreme courts suppresses cabinet decision

Supreme Court quashed the Cabinet decision to allow former President Maithripala  Sirisena to occupy the Paget Road official residence even after he had left office.

The Supreme Court of Sri Lanka issued the order when the case was taken up today

This order was passed after a Fundamental rights (FR) petition was filed by the Centre for Policy Alternatives (CPA) and its Executive Director, Dr. Paikiasothy Saravanamuttu challenging the decision of the Cabinet of Ministers to allow former President Maithripala Sirisena to continue to use the official residence.

The Centre for Policy Alternatives stated that the allocation of a public assets of such a financial value for the personal use of a former President who is no longer carrying out the functions of a Head of State is irrational, arbitrary, and illegal,

The Cabinet approval for the move had been received in October 15, 2019 where President Maithripala Sirisena to retain his official residence, which he occupied during his term at Paget Road Colombo 7, following the end of his term of office.

President Sirisena had occupied the residence since 2015 as he refrained to reside in the president’s official residence at Fort.

In their Petition, they stated that the residence occupied by former President Maithripala Sirisena on Paget Road is of great financial value and is a valuable asset to the country.

තරගය තියෙන්නේ ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර, ආණ්ඩුව රේස් එකේ නෑ – ඩිලාන්

මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂයේ කණ්ඩායම් දෙකක් අතර තරගයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

ඒ අනුව මේ වනවිට තරගය නිර්මාණය වී තිබෙන්නේ ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර බවත්, ආණ්ඩුව තරගය තුළ නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුවට 25% ක් පවතින විට විපක්ෂයට 75% ක් සිටින අතර කිසිදු පක්ෂයකට තනිව ජයග්‍රහණය කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කථානායකට එරෙහි විශ්වාසභංගයට ලංකා නිදහස් පක්ෂයේ සහාය

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත වීමෙන් පසු කථානායකවරයා ඊට අත්සන් තැබුවද එම පනතට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශිිත සංශෝධන ඇතුළත් නොකිරීමට එරෙහිව සමඟි ජන සන්ධානය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.