තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට දැනුම්දීමක්

2024 ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර elections.gov.lk වෙබ් අඩවියට මේ වනවිට ඇතුලත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අගෝස්තු 05 වනදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

66aa104600b14pdf_page_0

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරයි

ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (31) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් විපක්ෂ නායක වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව හා හා දේශපාලන මණ්ඩලය අද (31) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එහිදී ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන පක්ෂයේ ස්ථාවරය පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් ජනපති රනිල්ට සහාය පළ කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර දැනුම්දී තිබෙනවා.

ඒ මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවකදී බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ශෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර හා S.M. චන්ද්‍රසේනගේ සහාය රනිල්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.

අද (30) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කාරක සභා රැස්වීමේදී ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද, තමන් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන බවයි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසන්නේ.

එසේම රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහද සඳහන් කරන්නේ තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බවයි.

විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ආචාර්ය විජයදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙලෙස සිය අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

දිස්ත්‍රික් මැතිවරණ තේරීම්භාර නිලධාරීන් ලබන සෙනසුරාදා කොමිසම හමුවට

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් ලබන සෙනසුරාදා දිනයේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් අදාළ සාකච්ඡාව කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, නාම යෝජනා භාර දීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති අපේක්ෂකයා ගැන තීරණයට පොහොට්ටුවේ විධායක සභා රැස්වීමක් හෙට

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පොහොට්ටුවේ විධායක සභාවේ විශේෂ විධායක සභා රැස්වීමක් හෙට (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රනිල් සහ බැසිල් අතර අද සාකච්ඡාවක්

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සහ ගොඩනගන නව සන්ධානය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මීට ඉහතදී ද සාකච්ඡා වට කිහිපයක් දෙපාර්ශවය අතර පවත්වා තිබුණා.

ජනාධිපතිවරණයට තරග කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් ප්‍රකාශ කරයි

තමා මෙවර ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) නිල වශයෙන් ප්‍රකාශ කළා.

ඒ අනුව ගාල්ලේ මේ වන විට පැවැත්වෙන “එක්ව ජයගමු” රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මීට සුළු මොහොතකට පෙර මේ බව ප්‍රකාශ කළා.