බත්තරමුල්ලේ සීලරතන හිමි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙයි

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මේ වන විට ආරම්භවී තිබෙනවා.

ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා ජනසෙත පෙරමුණ නියෝජනය කරමින් බත්තරමුල්ලේ සීලරතන හිමියන් මීට සුළු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය භාරදීම සිදුකළා.

නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙයි

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය භාරදීම සිදුකළා.

දිලිත් ජයවීර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදෙයි

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මේ වන විට ආරම්භවී තිබෙනවා.

ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා සර්ව ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මීට සුළු මොහොතකට පෙර සිය නාමයෝජනා පත්‍රය භාරදීම සිදුකළා.

පාඨලීගේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා වන ගිවිසුමට අද ඔවුන් අත්සන් තබා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ජනක රත්නායක ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කරයි

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් අදාළ ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

තවත් දේශපාලන පක්ෂ 27 ක සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ 27ක් සමගි ජන සන්ධානය සමග ගිවිසුම් ගතවී තිබෙනවා.

ඒ අනුව මානුෂිය ජනතා සන්ධානය නියෝජනය කරන එක්සත් ලංකා පොදුජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ජාතික පෙරමුණ ඇතුලු පක්ෂ 27 ක් මෙලෙස ගිවිසුම් ගත වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ජාතික ජන බලවේගයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සමුළුව අද

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සමුළුව අද (13) සවස 6.30 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

DOiT 5.0 ලෙස නම් කර ඇති එම සමුළුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂය සඳහන් කළේ.

රාජිත සේනාරත්නගේ සහාය රනිල් වික්‍රමසිංහට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මේ වන විට හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මේ වන විට සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දිලිත් ජයවීර ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා ව්‍යාපාරික දිලිත් ජයවීර ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.