ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගන්න මම ඉල්ලන්නේ වසර 05 යි – ජනපති

තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පසුගිය දෙවසර තුළ ගොඩ නැඟූ ආර්ථිකය ශක්තිමත් ස්ථාවරත්වයකට ගෙන ඒමට බවත් ඒ සඳහා තමන් ඉල්ලා සිටින්නේ වසර පහක කාලයක් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පෝලිම් යුගය අවසන් කර, ජීවන බර අඩු කර, බදු සහන ලබා දෙමින් මෙරට ආර්ථික පරිවර්ථනයක් ඇති කිරීමට පදනම සකස් කළ තමන්ට ඡන්දය ඉල්ලීමට අයිතියක් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටි අවස්ථාවේ පැන ගිය දේශපාලනඥයන්ට සැප්තැම්බර් 21 වනදා අමතක නොකර නියමිත තැන ලබා දෙන ලෙසද අවධාරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (01) පෙරවරුවේ වව්නියාව Young Star  ක්‍රීඩාංගණයේදී පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලියට එක් වෙමින්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66d451825a10epdf_page_3 66d4518244f2bpdf_page_2 66d451822d529pdf_page_1 66d451821b09dpdf_page_0

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය සජිත්ට

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය එළබෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මේ බව සඳහන් කළා.

සැප් 21 රනිල්ට ඡන්දෙ දැම්මොත් රනිල් ජනාධිපති, හැබැයි වෙන කෙනෙකුට දැම්මොත් 2025 දෙසැම්බර් රනිල් ජනාධිපති – අලි සබ්රි

රට කඩා වැටුණු අවස්ථාවේදී වගකීම භාර ගනිමින් තනි පුද්ගලයෙක් ලෙස රට ගොඩගැනීමට නායකත්වය ලබාදුන්නේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව අමාත්‍ය අලී සබ්රි පවසනවා.

සැප්තැම්බර් 21 රනිල් වික්‍රමසිංහට ඡන්ද ලබාදීමට කටයුතු කළ හොත් ජනාධිපති ධූරයට පත්වෙන්නේ රනිල් වික්‍රමසිංහ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේනමුත් වෙන කාට හෝ ඡන්දය ලබාදීමට කටයුතු කළහොත් ලබන වසරේ දෙසැම්බර් මාසයේ ජනාධිපති ධූරයට එන්නේද රනිල් වික්‍රමක්‍රමසිංහ බවත් නමුත් මෙවර ජනතාව තමාව තෝරාගැනීමට කටයුතු නොකළ හොත් යළි මෙයට අත නොගසන බවට ස්ථාවරයක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිටින බවයි අමාත්‍ය අලී සබ්රි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ඇතුළේ මේ රටේ ඒකීයත්වයට බලපාන කිසිම වැඩපිළිවෙළක් නැහැ – නාමල්

තමන් විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ තුල රටේ ඒකීයත්වයට බලපාන කිසිම වැඩපිළිවෙළක් නැති බවත්, රටට අහිතකර නීති හෝ පනත් නොමැති බවත් පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

තමන් ප්‍රතිපත්ති හදන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා වූ මාතෘ භූමියේ, මහ පොළවේ පය ගසා සිටින දෙමව්පියන්ගේ දරුවන්ගේ විරැකියා ප්‍රශ්ණයට විසඳුම් ලෙස බවත්, එක් එක් දේශපාලන අරමුණු ඇති අයගේ ප්‍රශ්ණවලට විසඳුම් සෙවීමට නොවන බවත් ඔහු පවසා සිටියා.

තමා ඉදිරිපත් කරන වැඩපිළිවෙළ තුල ඇත්තේ රටේ ග්‍රාමීය ආර්ථිකයේ සිට ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ගොඩනගන ප්‍රතිපත්ති පමණක් බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ඇතුළේ මේ රටේ ඒකීයත්වයට බලපාන කිසිම වැඩපිළිවෙළක් නැහැ – නාමල්

තමන් විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ තුල රටේ ඒකීයත්වයට බලපාන කිසිම වැඩපිළිවෙළක් නැති බවත්, රටට අහිතකර නීති හෝ පනත් නොමැති බවත් පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

තමන් ප්‍රතිපත්ති හදන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා වූ මාතෘ භූමියේ, මහ පොළවේ පය ගසා සිටින දෙමව්පියන්ගේ දරුවන්ගේ විරැකියා ප්‍රශ්ණයට විසඳුම් ලෙස බවත්, එක් එක් දේශපාලන අරමුණු ඇති අයගේ ප්‍රශ්ණවලට විසඳුම් සෙවීමට නොවන බවත් ඔහු පවසා සිටියා.

තමා ඉදිරිපත් කරන වැඩපිළිවෙළ තුල ඇත්තේ රටේ ග්‍රාමීය ආර්ථිකයේ සිට ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ගොඩනගන ප්‍රතිපත්ති පමණක් බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ දුකේදී ඔබට ඉන්න එකම හිතවතා සජිත් ප්‍රේමදාස පමණයි – සජිත්

දිළිඳු ජනතාව ඉන් මුදා ගැනීමට හොඳම වැඩපිළිවෙළ ඇත්තේ තමා සතුව බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවට ඇතමුන් විවේචනය කරන බවත් එසේ පවසන වැඩබැරි කයියනායකලාට කොහොමත් බැරි බවයි අද (30) නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

රට ගොඩගැනීම සඳහා තමන්ට ඉඩ ලබාදෙන ලෙසත් ජනතාවගේ දුකේදී ජනතාවට සිටින එකම හිතවතා සජිත් ප්‍රේමදාස බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රාජිතගේ ප්‍රකාශයට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තර්ජනාත්මකව සිදුව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව මැතිවරණ කොමිසටමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අද (30) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ, ආණ්ඩු බලය භාවිතා කරමින් මෙවැනි ප්‍රකාශ කිරීම බරපත තත්ත්වයක් බවයි.

වේදිකාවල බොරු පොරොන්දු දෙන, අංක ගණිතය නොදත් නායකයන් ජනාධිපති ධුරයට සුදුසු නැහැ – ජනපති

හම්බන්තොට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ලෙස දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

තමන් ජනතාවට සහන ලබා දෙන්නේ ඔවුන්ගේ ආදායම් වැඩි කර බව පැවසූ ජනාධිපතිවරයා අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන් සහ තමා අතර වෙනස එය බවයි හම්බන්තොට බස්නැවතුම්පොළ ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී  ජන රැලියට එක් වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66d165427de61pdf_page_0

66d165432229fpdf_page_1

66d165433a50bpdf_page_2

66d165434e1eapdf_page_3

“සැමට ජයක්” සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වයි

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබෙනවා.

ඒ අනුව මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නා හිමියන් වෙත අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

“සැමට ජයක්” යන තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් නැරඹීමට හෝ Download කර ගැනීමේ හැකියාව පවතිනවා.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම හෙට

අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන සැලැස්ම සහ දැක්ම ඇතුළත් තම ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (29) රටට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සියලු ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදා කර දෙන සහ තරුණ තරුණයින් වෙනුවෙන් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන වැඩපිළිවෙළ එහි ඇතුළත් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.