ජාතික ජන බලවේගයේ යෝජනා ක්‍රියාත්මක කළහොත් නැවත රුපියලේ අගය පහත වැටී රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජාතික ජන බලවේගයේ මැතිවරණ පොරොන්දු තමා ආර්ථික විශේෂඥයන් මඟින් පරීක්ෂා කර බැලු බවත්, එම යෝජනා අනුව ලබන වසරේදී ඔවුන්ගේ වියදම ට්‍රිලියන 8.9ක් බවත්, බදු බර අඩු කිරීම වැනි එකවර කළ නොහැකි පොරොන්දු ඉටු කිරීමට යාමෙන් ආදායම ට්‍රිලියන 4.9ක් වන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ට්‍රිලියන 04ක හිඟය ඔවුන් පියවා ගන්නේ කෙසේද කියා රටට පැවසිය යුතු බවද සඳහන් කළා.
එබැවින් ජනතාව මුලා කරන පොරොන්දු වෙනුවට සැබෑ ආර්ථික සැලැස්ම රටට හෙළි කරන ලෙස හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට අභියෝග කරන බවද, තමන් නඟන ප්‍රශ්නවලට පිළිතුරු නොදි මඟහරින ඔහු දිගටම ජනතාව රවටමින් සිටින බවයි හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ පැවති ජන රැලිය අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

ජනතා විමුක්ති පෙරමුණට තැපැල් ඡන්ද 92% ක් තියෙනවලු, රෙද්ද තමයි! – චාමර සම්පත්
රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇය අද මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජන රැලියට එක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කර තිබෙනවා.
ඇය පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළා.
ජනතාවගේ සංවේදී ප්‍රශ්නයක් ගැන තමා කතා කළ පසු වත්මන් ජනාධිපතිවරයා එයට විහිළු කිරීමට පටන්ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ විහිළු කළේ තමාට නොව, ඔවුන්ටම බලය ලබාදුන් මෙරට අහිංසක ජනතාවට බවයි මොරවක ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
එම ජනතාව විසින් සැප්තැම්බර් 21 වනදා ඒ සඳහා ඔහුට පිළිතුරු ලබාදෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙරට ඉතිහාසයේ දූෂණය පිටු දකින ස්වර්ණමය යුගය ලබන 21 වනදා ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ හා අනුර කුමාර දිසානායකගේ අරමුණ වන්නේ කුමක් හෝ සිදුකර තමාව පරාජයට පත් කිරීම බවයි හෝමාගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
තමාගේ සහ තම කණ්ඩායමේ අරමුණ වන්නේ කඩා වැටුණු මාතෘභූමිය යළිගොඩගෙන ජන ජීවිත සුඛිත මුදිත කරන සංවර්ධනයේ සෞභාග්‍ය උදාකරලීම බවද ඔහු සඳහන් කළා.
මෙරට 21 වනදාට බිහි වන්නේ පොදුජන යුගය බවයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු ධූරවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව වරාය සහ ගුවන්සේවා සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මෙලෙස ඉවත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඡන්ද කැඩීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය ශක්තිමත් කිරීමට අවශ්‍ය නම් රනිල්ට ඡන්දය ලබාදීම නවතා සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබාදෙන ලෙසයි මන්ත්‍රීවරයා ජන හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
සුරුට්ටු කඩයක් හෝ කරපු නැති පිරිසක් බලයට ගෙනැවිත් බංග්ලාදේශයේ ඇතිවූ තතත්ත්වය මෙරට තුළ ඇති නොකරන ලෙසද ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළා.
වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට ඉදිරි මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අවස්ථාව අහිමි වන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවද ජාඇළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු සඳහන් කළා.
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පවත්වන තෙක් ව්‍යවස්ථානුකූලව රට පාලනය කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
රට ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායම ආර්ථික අභියෝගය හමුවේ රට භාරගත් කණ්ඩායම බවත්, සැප්තැම්බර් 21 වනදා ගැස් සිලින්ඩරය ඉදිරිපස කතිරය ගසා අසීරුවෙන් ගොඩනැගු රටේ ආර්ථිකය බේරා ගන්නා ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ආර්ථික අර්බුදයෙන් රට බේරගත්තේ මෙරට ගොවි ජනතාව මිස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින 38 දෙනා නොවන බවයි යාපහුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
වයඹ ගොවි ජනතාව වෙනුවෙන් වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉතිරි කටයුතු ද කඩිනමින් නිම කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
