යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරන බව රජය ප්‍රකාශ කර ඇත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ව්‍යවස්ථාදායක සභාව පිහිට වූ අතර එය කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂඥයන් ඉදිරිපත් කළ යෝජනා සහ නිර්දේශ ලබා ගැනීමේ කාර්යය මේ වන විට අවසන් වී ඇත. විධායක ජනාපති ධුරය අහෝසි කිරීම,පාර්ලිමේන්තුවට වැඩි බලතල ලබා දීමපළාත් සභා විධිමත් කිරීම හා පළාත් පාලන ආයතනවලට වැඩි බලතල ලබා දීම ආදී වැදගත් යෝජනා රැසක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් විය යුතු යැයි විශේෂඥයන් විසින් රජයට යෝජනා කර ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දේශපාලන පක්ෂවලින් ගත් යෝජනා හා නිර්දේශ ද ව්‍යවස්ථා සභාවට යොමු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කර සිටියි.

ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය මත රටක් පාලනය කිරිමට මෙන්ම රට ඉදිරියේ පවතින අභියෝග ජය ගැනීමට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යය වේ. ව්‍යවස්ථා අර්බුද හරහා පසුගිය කාලය පුරාම අප අත්දුටුවේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ සැබෑ තත්ත්වයයි. ජාත්‍යන්තරය තුළ රටේ කිර්ති නාමය පළුදු වීමටද එය මුල් විය. ආණ්ඩු බලය ලබා ගැනීමේදී ජනතා දායකත්වය අතිශය වැදගත් වුවද ආණ්ඩුකරණයේදී ජනතා අදහස් නොසලකා හැරීම ඉතිහාසයේ පුරාම සිදු වන්නකි. එසේ හෙයින් නව ව්‍යවස්ථාව තුළින් ජනතාවගේ අභිලාශ නිරුපණය විය යුතු සේම එය ලාංකීය ජන සමාජයට ගැලපෙන එකක් විය යුතුය.

සටහන- පබසරා රාජකරුණා

2019 පෙබරවාරි 4 වැනි දිනට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය. ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබා ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත. 

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටේ පවතින බරපතල ගැටලු විසදීමට අත්‍යවශ්‍යය. වර්තමාන ව්‍යවස්ථවට කලින් කලට සිදු කරන ලද විවිධ සංශෝධන ඔස්සේ එය විකෘති ව තිබෙන බව පැහැදිලිය. එහි ආසන්නතම අවස්ථාව ජනධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරහා උද්ගත වූ ව්‍යවස්ථා අර්බුදය දැක්විය හැකිය. අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය හොදය. නමුත් එය පටු දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීම උදෙසා ගෙන එන්නක් නොවිය යුතුය. අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගත්තද එයට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍ය වන අතර එය ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වන විට පවතින බව පැහැදිලිය. ජනාධිපතිවරයාගේ සහාය එයට හිමිවෙයි ද? එවැනි විටෙක මෙවැනි ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ප්‍රතිඵලය කුමක් විය හැකිද?

සටහන – පබසරා රාජකරුණා

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව ලාංකීය දේශපාලනය තුළ ආන්දෝලනාත්මක අවස්ථාවකි. 1948 අංක 18 දරන පුරවැසි පනතේ 19, 20 සහ 21 යන වගන්ති වලට අනුව ශ්‍රී ලාංකීක පුරවැසියකු ඔහුගේ හෝ ඇයගේ මෙරට පුරවැසිභාවය වෙනත් රටක පුරවැසිභාවය ලැබීමෙන් අහෝසි වී යනු ඇත.

එලෙසින් අහිමිවන ශ්‍රී ලාංකීය පුරවැසිබව නැවත ලබාගැනීමට හෝ එය අවසන් නොවී පවත්වා ගැනීමට අවශ්‍ය ෛනතික රාමුව එම පනතේම19(2) සහ 19(3) යන වගන්ති යටතේ දක්වා ඇති අතර එම විධිවිධාන තවමත් අහෝසි කර නොමැත. ඒනිසා ද්විත්ව පුරවැසිභාවය සතු පුද්ගලයෙක් හට ඔහුගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවය අහිමිවීමක් හෝ යළි පුරවැසි බව ලබාගැනීමට කිසිදු  බාධාවක් හෝ සීමාවකට යටත් කර නොමැත.

නමුත් ගීතා කුමාරසිංහ මහත්මියට අභියාචනාධිකරණය  ලබා දුන් තීන්දුව හරහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගණනාවකට සිය මන්ත‍්‍රී ධුර අහිමි වීමේ අවධානමක් පවතී. මෙය කරලියට පැමිණෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද්විත්ව පුරවැසිභාවය හිමිකර ගෙන සිටින මන්ත්‍රීවරුන් තිදෙනකු මීළඟට මැතිවරණය‌ එළඹීමට පෙර එක්‌ රටක පුරවැසිභාවයකින් ඉවත්වීමට තීරණයකිරීමෙනි. මේ තීරණයට අනුව ඔවුන් තිදෙනා ලබන වසරේ මුල් මස දෙක තුළ සිය විදේශ පුරවැසිභාවයෙන් ඉවත් වීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේය.

     ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලැබූවන් පාර්ලිමේන්තුවෙන් ඉවත්කර තැබීම සැබවින්ම අර්ථ විරහිත ක්‍රියාවකි. උපන් බිමේ බිම් අගලක හෝ උරුමක් නැති අයෙකු වුවත් රටට සේවය කිරීම උදෙසා කටයතු කරන්නේ නම් එයට අවස්ථාව ලබාදිය යුතුය. ද්විත්ව පුරවැසිභාවය මත මන්ත‍්‍රී ධුරය අහිමි  කිරීම හුදෙක් දේශපාලන කාරණයක් විනා රටේ යහපතට ගනු ලබන තීරණයක් ලෙස සිතිය නොහැකිය. රටේ ජනතාවට ඉන් කිසිදු විශේෂ වාසියක් නැත. රාජ්‍ය පාලකයන් ජනතාවගේ අභිලාෂයන් හැකි උපරිම අන්දමින් මුදුන් පත් කිරීමට කළ යුතු අතර මෙවැනි දේශපාලන කරණා කෙරේ මුල් තැන දීම විහිළුවකි. රටේ අනාගතය වෙනුවෙන් වඩාත් වැදගත් වන තීන්දු තීරණ ගන්නා ආයතන  කෙරෙහි ද්විත්ව පුරවැසිභාවය අදාළ කර ගැනීම සැබවින්ම අර්ථ විරහිතය.

සටහන – පබසරා රාජකරුණා  

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තිය තුළ ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත්කර ඇත. එනමුත් ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය හෝ ජනතා පරමාධිපත්‍යයට ගරු කිරීමක්‌ දක්නට නොමැත. මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු යන මන්ත්‍රීන් සිය පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව පක්ෂ මාරු කරති. මෙය සමානුපාතික නියෝජන ක්‍රමයේ ඇති දුර්වලතාවයකි. ශ්‍රී ලාංකීය දේශපාලන ක්‍රමවේදය සකස් වී ඇත්තේ දේශපාලන පක්ෂ ක්‍රමය මතයි.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ අපේක්ෂකයා හා ඡන්දදායකයා අතර සෘජු සම්බන්ධතාවක් ඇතිවී නැති අතර පක්ෂයට මුල්තැන ලැබී ඇත. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ එක් එක් පක්ෂ ලබා ගත් ඡන්ද ප්‍රතිශත අනුව මන්ත්‍රීවරු බෙදියාමේදී අනිවාර්යෙන්ම දුර්වල පාර්ලිමේන්තු නිර්මාණය වන අතර 2009 වසරේ හැර කිසිම දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ  113 ක බහුතරයක් ලබා ගැනීමට සමත්ව නැහැ. එම නිසා ආණ්ඩු පිහිටුවීමට වෙනත් පක්ෂ හා පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් සභාග ආණ්ඩු නිර්මාණය කරන අතර මේ හරහා සිදුවන්නේ දේශපාලන පිල් මාරුවයි. පසුගිය ඔක්තෝම්බර් මස ජනධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මන්ත්‍රීවරු මිලියන 500ක් වැනි මුදලකට විකිනෙන බවයි. පළමු පක්‌ෂ මාරුව සිදුවූයේ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ඉවත්ව තවත් පාක්‌ෂිකයන් කීපදෙනකු සමඟ මහජන එක්‌සත් පෙරමුණට සම්බන්ධ වීමෙනි.1956 සිදු වූ පෙරළියත් සමඟ දේශයට ලැදිදේශීයත්වය අගයන පිරිසෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය බිහිවිය.

ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන අපේක්ෂකයන් ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී නොසිට මුදලට පක්ෂ මාරු කරමින් සිය පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීම ජනතාවට කරන සුවිශාල අපරාධයකි. එවැනි පුද්ගලයන් සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම ජනතාවගේ වගකීමකි. මෙවැනි අවස්ථාවන්හිදී මහජනතාවට අධිකරණයේ පිහිට පැතීමට ක්‍රමයක් නිර්මාණය කළ යුතු අතර මන්ත්‍රීවරුන්ගේ  විශ්‍රාම වැටුප්  අහෝසි වන ආකාරයෙන් නව නීති සැදීමේ අවශ්‍යතාව මතුව ඇත. 

 සටහන : පබසරා රාජකරුණා

ගාල්ල ප්රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතාපැවසුවේ ලබන වසරේ ජනවාරි මස 09 වනදාට පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණක් කැඳවිමේ හැකියාවජනාධිපතිවරයාට සතුව පවතින බවයි.

අද (18) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසූයේ පක්ෂ තීරණය නොතකා ආණ්ඩුවට එක්වන අයට ඇමති තනතුරු නොදෙන බවට ජනපති ප්ප්‍රකාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමි වූ බවයි.

බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක ජීවත් වන්නේ නම් ඔහුව මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවයි.
 උන්වහන්සේ මේ බව කියා සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ජනපතිගේ කළ ඉල්ලීමට මැදිහත්වන්නැයි ඉල්ලමින් අද දින  මහනුවර දී අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුවයි.
අනිද්දා දින නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මෙහිදී තිස් දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මන්ඩලයේ ජේෂ්ඨ අමාත්‍ය ධූර එක්සත් ජාතික පෙරමුණ වෙත ලබාදීමටයි තීරණය වී ඇත්තේ.
අත්තනගල්ල එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම වෙනුවෙන් නිට්ටඹුව නගරයෙහි පේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ දැන්වීම් ත්තනගල්ල ප්‍රාදේශීය සභාව විසින් ඉවත් කිරීම්ට කටයුතු කර තිබෙනවා.
මෙහි දී එක්සත් ජාතික පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායකවරයා  අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පැමිණි එහි සේවයෙන් යුතු නිලධාරීන්ට බැනවදිමින් ඔවුන්ගේ රාජකාරිය කටයුතුවලට බාධා කර තිබෙනවා.
මෙම අවස්ථාවේ දර්ශන ප්රාදේශීය සභාවේ සවිකර තිබූ CCTV කැමරාවල ද සටහන් වී තිබුණා.
රටේ මතු වී ඇති වාතාවරනය හමුවේ රාජ්‍යඅමාත්‍යාංශවල  හිටපු අමාත්‍යවරුන් හෝ ආධාරකරුවන් කලබල ඇති කළහොත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය සඳහා යුද හමුදාව යෙදවීම සඳහා සීරුවෙන් තබන්න නියෝග කර තිබේ .