නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට පිරිනැමූ සේවා දිගුවට තරුණ ජනමාධ්‍යෙව්දීන්ගේ අප්‍රසාදය

මාධ්‍යෙව්දියෙකුට පහර දුන්දා හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට  තවත් මාස හයක සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පෙන්වා දී තිබෙන අතර එම නිවේදනය පහතින් දක්වා ඇත.

හම්බන්තොට දී ජනමාධ්‍යවේදියකුට පහර දුන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ජනාධිපතිවරයා  තවත් මාස හයක සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර සිටී.

මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් රටම කතා කරද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණිවත රැක්කේය. එපමණක් නොව එම පහරදීමෙන් පසු ප්‍රසිද්ධ වේදිකාවේ නාවික හමුදාපතිවරයා සමග කටයුතු කළ ආකාරය ද මාධ්‍ය සංවිධානවල විවේචනයට බඳුන් විය.

ජනමාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කරමින් අසැබි වදනින් ඔහුට තර්ජනය කරමින් පහර දුන් නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් විනය පියවරක් ගැනීම ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාට ඇති වගකීමයි. එම වගකීම පැහැර හැරි ජනාධිපතිවරයා ජනමාධ්‍ය සමාජයෙක් එල්ල වූ විරෝධයද නොතකා ඔහුට යළි සේවා දිගුවක් ලබා දීම දැඩි පිළිකුළෙන් හෙළා දකිමු. මෙම පිළිවෙත් කිසි ලෙසකින් යහපාලන මූලධර්මවලට අනුගත වන්නේ නැත.

නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන්  අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, ආයතන සංග්‍රහය අනුව විනය පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි රජයට බල කර සිටිමු.

-ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය-

ආණ්ඩුවට එරෙහි මීළඟ ජන රැළිය මාර්තු 25 දා

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ආණ්ඩුවට  එරෙහි විරෝධතා මාලාවේ මීළඟ ජන රැළිය මාර්තු මස 25 දා ගාල්ලේදී පවත්වන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මෙම ජන රැළිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවකරුවන් සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර මැතිවරණය පැවැත්වීම පිළිබඳව රජයේ පාර්ශවයෙන් ප්‍රමාදයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මන්නාරමේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.

සයිටම් එකටවත් නෙවිල් ප්‍රනාන්දු මහත්තයටවත් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැ:අ. වි.වි.ශි.බ.ම

සයිටම් ආයතනය රැක ගැනීම සදහා කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය පවසා සිටියි. එහි කැදවුම්කරු ලහිරු වීරසේකර විසින් 24 වන දා සවස පැවති මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටියේය.

“ඉස්සරහට වෙන්න නියමිත කුමන්ත්‍රණය මෙන්න මේක. ඒ තමයි ලබන සදුදා මාලඹේ සයිටම් ආයතනය මගින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීමට නියමිතයි.

ඒකෙදි අපිට රුසියාවෙ උපාධිය ලබා දෙන්න කියලා තමයි උද්ඝෝෂණය කරන්නෙ.ඒ උද්ගෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස සයිටම් එකට පළවෙනියට සහ දෙවනියට බදව ගත්ත කණ්ඩායම්වලට රුසියාවෙ විශ්ව විද්‍යාලයකට ගිහින් ඉගෙන ගන්න අවස්ථාව දෙනවා අවුරුද්දක්.

ඊට පස්සෙ එයාලට ලංකාවට ඇවිත් වැඩ කරන්න ප්‍රළුවන් තත්ත්වෙ හදලා දෙනවා. ඊළගට එන අයට ඒ රුසියානු සරසවියෙම ශාඛාවක් ලෙස මාලඹේ සයිටම් ආයතනය පවත්වාගෙන යමින් ඔවුන්ගේ උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට අවස්ථාව දෙනවා.

දැන් මේ අනුව සයිටම් වහන්නෙ නෑ. නෙවිල් ප්‍රනාන්දු මහත්තයට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. වෙන්නෙ එක්කො ඉස්සරහට රුසියාවෙ අදාල සරසවියෙ ශාඛාවක් ලෙස මාලඹේ සයිටම් හි නම වෙනස් වෙන එක විතරයි.

අපි මේ ආණ්ඩුවට කියනවා වෙන කව්රු ගොනාට ඇන්දුවත් අපිව ගොනාට අන්දන්න එන්න එපා.”

පළාත් පාලන මැතිවරණයට දින නියම නොකලහොත් ජනාධිපති මන්ධිරය සහ අරලියගහ මන්දිරය වටලනවා

පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණයට දින නියම නොකලහොත් ජනාධිපති මන්ධිරය සහ අරලියගහ මන්දිරය වටලන බවත්, ගම්පහ පළාත් පාලන මන්තී‍්‍ර සංසදයේ සභාපති ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා.පවසයි.
එ් මහතා මේ බව සදහන් කලේ පසුගියදා (21 උඩුගම්පොල රේජී රණතුංග සමරු සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ජනමාධ්‍ය හමුවකදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ එ් මහතා ඊයේ පෙරේදා ගම්පහ මෛතී‍්‍රට කඬේ යන කීප දෙනෙක් ඇහින්දාස්ලා දාලා ප‍්‍රවෘත්ති සාජකච්ඡුාවක් පවත්වලා තියෙනවා. ඒකෙදි කිව්වලූ ගම්පහ පළාත් පාලන මන්තී‍්‍රවරු දැන් ඒකාබද්ධ විපක්‍ෂයෙන් ගැලවෙනවා කියලා. ගම්පහ පළාත් පාලන මන්තී‍්‍රවරු සීයට අනූ නමයක්ම ඉන්නේ මහින්ද මහත්තයත් එක්කයි. අපි ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයාගේ නායකත්වයෙනුයි කටයුතු කරන්නේ. ඔය මාධ්‍ය සාකච්ඡුා තියපු උදවියට කිසිදු ඡන්ද පදනමක් නෑ. ඔවුන්ට ගමක රැුස්වීමකට එක දහදෙනෙක් එකතු කර ගන්න බෑ. අපි අභියෝග කරනවා පුලූවන්නම් ඊලග පළාත් පාලන මැතිවරණයට මෛතී‍්‍රගේ පිලෙන් ඉදිරිපත්වෙලා ගම්පහ එක ප‍්‍රාදේශීය සභාවක් , නගර සභාවක්, දිනලා පෙන්නන්න.
වත්තල නගර සභාවේ හිටපු සභාපති මොහොමඞ් නවුසාඞ් මහතා:
රනිල් – මෛතී‍්‍ර ආණ්ඩුව මේ රටේ මුස්ලිම් ජනතාව රැුවැට්ටුවා අද මුස්ලිම් ජනතාවත් අසරණයි. ඔවුන්ගේ වෙළහෙළදාම් කටයුතු බිද වැටිලා. සු`ඵ ජාතික ඡුංදයෙන් බලයට පත් වෙච්ච ආණ්ඩුව අද කටයුතු කරන්නේ දෙමළ ඩයස් පෝරාවට  ඕනෑ විදියටයි. අපි මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලනවා තව දුරටත් මේ ආණ්ඩුව ගැන අද,ගො`ඵ බිහිරි පිරිසක් වගේ ඉන්නේ නැතුව මේ ආණ්ඩුවට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂයේ මහින්ද මහත්තයලා, ප‍්‍රසන්න මහත්තයාලා වගේ අයත් එක්ක එකතු වෙන්න කියලා. එහෙම නොවුනොත් අපිට ජීවත් වෙන්ින රටක් නැතුව යනවා.
අත්තනගල්ල රාදේශීය සභාවේ හිටපු සභාපති පිරයන්ත පුෂ්ප කුමාර මහතා:
මහින්ද මහත්තයට, ප‍්‍රසන්න මහත්තයට චෝදනා කරපු මේ මාධ්‍ය හමුව කරපු එක්කෙනෙක් නිදන් හොරෙක්, අනිකාජ යකඩ පාලම් හොරෙක්, අනිත් කෙනා මිනී මරුවෙක්, මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාගෙන් වරප‍්‍රශාද ගන්න තමයි මේ අය රෙදි නැතුව කඬේ යන්නේ. මේ අයගේ අවලාද මඩ ප‍්‍රචාර මේ රටේ ජනතාව ගනන් ගන්නෙ නෑ.

නිවැරදි මොහොතේ නිවැරදි තීන්දුව ගැනීමට බය වෙන්න ඕන නැහැ:රංජිත් මද්ධුමබන්ඩාර

නිවැරදි මොහොතේ නිවැරදි තීන්දුව ගැනීමට වත්මන් රජය යටතේ කිසිදු රාජ්‍ය නිලධාරියෙකු බිය විය යුතු නැතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

මෙහිදී නීතිය මෙන්ම විනය මනාව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය තදින් අවධාරණය කළ යුතු යැයිද නීතියක් නොමැති තැනක විනයක් පවත්වාගෙන යා නොහැකී මෙන්ම විනයක් නැති රටක සංවර්ධනයක් අත්කර ගත නොහැකී යැයිද හෙතෙම කීය.

අද ( පෙබ 22දා) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මෙහෙයවන රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවේ ආරම්භක සැසියට  ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.

එසේම රජය වියදම් කරනුයේ  ජනතාවගේ මුදල් බැවින් රජයේ නිලධාරීන් සෑම දෙනාටම මුදල් වියදම් කිරීමේදී වඩාත් විදිමත්ව , විනිවිදභාවයකින් යුක්තව සහ නාස්තිය දූෂණය අවම වන ආකාරයෙන් වියදම් කිරීමට අතිවිශාල වගකීමක් මෙන්ම වගවීමක් ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රති උත්තර දීමට ඇති හොදම ක්‍රමය අපහාස නඩුවක් ගොණු කිරීම

පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා තමාට විරැද්ධව ඉදිරිපත් කර තිබෙන මුල්‍ය වංචා චෝදනාව සම්බන්ධවෙන් ප්‍රති උත්තර දීමට ඇති හොදම ක්‍රමය ඔහුට විරැද්ධව අපහාස නඩුවක් ගොණු කිරීම යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

අද (16) මුදල් අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පැවති මහින්ද රාජපක්ෂ රජය සමයේ කරන ලද මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින උදය ගම්මන්පිල මහතා ලැජ්ජා නැතිව තමන්ට ඇගිල්ල දිගු කරන බවට හෙතෙම චෝදනා කළේය.

තමා කළ බවට චෝදනා කරනු ලබන ගණුදෙනුව සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කරන ලද ලියවිලි ඇතුළු සියලු ලියවිලි තමා සතුව පවතින බවද අමාත්‍යවරයා සදහන් කළේය.

තමා මේ සම්බන්ධයෙන් බොහෝ සිත් වේදනාවෙන් සිටින බවත් එවන් වංචා කිරීමෙන් දේශපාලනයට ඒමට කිසිසේත්ම තමාට අවශ්‍ය නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ සෘණ තත්ත්වයේ තිබූ ආර්ථිකය ගොඩනංවමින් වත්මන් රජය පිරිසිදුව කටයුතු කරන විට මෙවැනි විවිධ චෝදනා ගෙන එන බවත් ඒ මහතා සදහන් කළේය.

එසේම මීට පෙර මූල්‍ය වංචාවකට චෝදනා ලැබ සිටින වංචාකරුවෙක් සමග විවාදයක් කිරිමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නැතැයිද, ජනතාව වෙනුවෙන් මාධ්‍යයට පමණක් තමා උත්තර දීමට සූදානම් යැයිද කරුණානායක මහතා අවධාරණය කළේය.

ස්වාධීන මාධ්ය නියාමන යාන්ත්රණයක්

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනු අත්සනක් නොමැතිව කිසිදු ලියවිල්ලක් තමා නිකුත් නොකරන්නේ යැයි ජනමාධ්‍ය ප්‍රවෘත්ති හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේය.

ස්වාධීන මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙන ලියවිල්ල සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා ඊයේ (14) ප්‍රකාශ කර තිබිණි.

තමන් පුරුද්දක් වශයෙන් ලේකම්වරයාගේ  අත්සන සහිත ලියවිලි පමණක් තමා නිකුත් කරන බවත් විෂයභාර අමාත්‍යවරයා ව‍ශයෙන් මෙම කොමිසම තමන්ගේත් අමාත්‍යාංශ ලේකම්වරයාගේත් සම්පුර්ණ අනුදැනුම මත ක්‍රියාත්මක වු බවත් අමාත්‍යවරයා පැවසීය.

එසේම අදාළ  කොමිසම ස්ථාපිත කිරීම සම්බන්ධ පත්‍රිකාව ඉකුත් නොවැම්බර් මස 22 වන දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවත් එහි ඇති කාලින බව සහ අවශ්‍යතාවය මත එය ඒකමතිතකව සම්මත වු බවත් මහජනතාව ද මෙම කොමිසම සම්බන්ධයෙන් බොහෝ උනන්දුවෙන් අදහස් ලබා දුන් බවත් මෙහිදි කරුණාතිලක මහතා පැවසීය.

ඊයේ (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොතලාවල වෛද්ය පීඨයට සායනික පුහුණුව සදහා රෝහලක්වත් නෑ: රාජිත සේනාරත්න

සයිටම් ආයතනයේ ප්‍රමිතීන් පිළිබද ප්‍රශ්න කරන වෛද්‍ය සභාව සායනික පුහුණුව සදහා රෝහලක් හෝ නොමැති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට විනාඩි 45ක් තුළ අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවය අනුව එසේ කල බවත් ඒ සදහා වෛද්‍ය අඥා පනත පවා සංශෝධනය කල බවත් ඒ මහතා සදහන් කළේය.

මාලඹේ සයිටම් විද්‍යාලයට සායනික පුහුණුව සදහා රෝගින් අඩු වුවත් ඉතා ඉහළ පහසුකම් සහිත රෝහලක් තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය. එසේම අද වෛද්‍ය සභාව වෘත්තිය සමිති වල කාර්යයද සියතට ගෙන කටයුතු කරන බවට හෙතෙම චෝදනා කළේය.

එසේම වත්මන් ආණ්ඩුව පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරැද්ධ නැති ස්ථාවරයේ සැමදා සිටි බවද හෙතෙම පැහැදිලි කළේය.

ඇතැමුන් 2020 දී බලයට ඒමටත්, ඇතැමුන් තම රතු ධජය තවත් රතු කරගැනීමටත්  සයිටම් ප්‍රශ්නය භාවිත කරන බව පවසමින්  පසුගිය දිනක විමල් වීරවංශ මහතා හොද කතාවක් කළ බවත් අමාත්‍යවරයා කීය.

සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භක අවධියේ එය රැසියානු විශ්ව විද්‍යාලක් හා අනුබද්ධ කිරීමට යාමේදී එහි ඉගනගන්නේද දේශීය සිසුන් බැවින් එය අනුබද්ධ නොකර දේශීය උපාධි ප්‍රධාන ආයතනයක් ලෙස පවත්වාගන්නා ලෙසට නිර්දේශ කළේද වෛද්‍ය සභාවේ හිටපු සභාපතිනිය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අද (පෙබ 15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.

ශික්ෂණ රෝහල ශික්ෂණ රෝහලක් නෙවෙයි කියලා කිව්වෙ ඒ කාලෙ සෞඛ්ය ඇමතිව හිටිය මෛත්රීපාල සිරිසේන නෙවෙයිද ?

ඊයේ  පස්වරුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයද  සයිටම් ගැටළුව සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට මාධ්‍ය හමුවක් කැදවා තිබුණි.එහිදි අන්තර් විශ්ව විද්‍යාල ශෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර මාධ්‍ය වෙත අදහස් පළ කළේ මෙලෙසිනි.

“ජනාධිපතිවරයා අද කියනවා නැවත කමිටුවක් පත් කරනවා කියලා. විද්වත් කමිටු පත් කළාට අපිට කිසිම ගැටලුවක් නෑ හොදයි. හොයා බලන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි පහු ගිය කාලෙ පත් කරපු විද්වත් කමිටුවලට මොකද වුණේ?

මාලඹේ සයිටම් ආයතනයට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ශික්ෂණ රෝහලක් නෙවෙයි කියලා කිව්වෙ ඒ කාලෙ සෞඛ්‍ය ඇමතිව හිටිය මෛත්‍රීපාල සිරිසේන නෙවෙයිද එතකොට? මේක ඔබතුමා දන්නෙ නැද්ද? විද්වත් කමිටු යෝජනාව එන්නෙ නැවත වරක් මේ පුහ්නෙ කල් දැමීම සදහා.”

 

සයිටම් ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න වෛද්‍යවරයෙක් ෙනෙවයි: අනුර කුමාර දිසානායක

මාලඹේ සයිටම් වෛද්ය විද්යාලයේ ප්රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න වෛද්යවරයෙක් නොවන බවත් ඔහු වෛද්ය විභාගය අසමත්වූ අයෙක් බවත් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පවසයි.

වෛද්යවරයෙක් නොවන ඔහුගේ වාහනයේ වෛද්ය ලාංඡනය ප්රදර්ශනය කරන්නේ කෙසේද යන්න පිළිබද ගැටලුවක් ඇති බවත් අනුර කුමාර දිසානායක පැවසීය.

සමීර සේනාරත්න අධ්යාපනය ලැබීමට රුසියාවට ගොස් විභාග අසමත්ව පැමිණි අයෙක් බවද ඔහු කීය.
සයිටම් වෛද්ය විද්යාලයේ හිමිකරු සහ ප්රධාන මහාචාර්යවරයා වංචනිකයෙක් බවද ඔහු කීය. නඩු තීන්දුවලට අදාල ඇටකටු එම ආයතනයේ තබාගෙන සිටින බවත් එය නීති විරෝධී බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක පැවසීය.