මෙරට අධිකරණය ශක්තිමත්! ජාත්යන්තර අධිකරණය ක් අවශ්ය නැහැ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කාර්යාලයක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයකට එළඹ නැතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සදහන් කළේය.

ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙරට ශක්තිමත්,ස්වාධීන  අධිකරණ පද්ධතියක් තිබියදි ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවයක් නැතැයිද අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් ජාත්‍යන්තර අධිකරණ වල සහාය ලබා ගත හැකි බවද ඒ මහතා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් විවිධ පාර්ෂව විවිධ අදහස් පැවසුවත් රජයේ ස්ථාවරය ජාත්‍යන්තර දෙමුහුන් අධිකරණයක් අනවශ්‍ය බව යැයි අමාත්‍යවරයා වැඩුදරටත් සදහන් කළේය.

කමිටු නිර්ණායකවලට අනුව සයිටම් අහෝසි විය යුතු බවට තීරණය වෙයි

සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කරන ලද කමිටුව සහ සෙසු කමිටු වල නිර්ණායක අනුව මාලඹේ වෛද්‍ය විද්‍යාලයට තවදුරටත් නීත්‍යානුකූල නොවන බැවින් එයට සිසුන් බදවා ගැනීම සහ උපාධි ප්‍රදානය කිරීම වහා නැවැත්විය යුතු බවට වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්, සියලුම වෛද්‍ය පීඨ ආචාර්යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

එසේම දැනට පවත්වාගෙන යන වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය නීතිය ඉදිරියේ සහතික කළ යුතු බවට අභියාචනාධිකරණය තීරණය කර ඇති බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් හැකි ඉක්මනින් ගැසට් කළ යුතු බවද උක්ත සංගම් අවධාරණය කරයි.

එසේම සයිටම් ආයතනය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදුන් තාක්ෂණික වාර්තාව අභියාචනාධිකරණය පෙන්වා දෙන පරිදී බලාත්මක කර නොමැති බැවින් එයට අදාළ නීතිමය වලංගුභාවය ලබා දීමට අමාත්‍යවරයා පියවර ගත යුතු බවද එම සංගමය පෙන්වා දෙයි.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සයිටම් ආයතනයට අදාළ අනුකූලතා සහතිකය මෙතක් ලබා නොමැති බව අධිකරණයට දැන්විය යුතු බවද එම සංගම් පෙන්වා දෙයි.

ඊට අමතරව සයිටම් ආයතනයේ අධ්‍යයන කටයුතු වල නිරත වන සිසු සිසුවියන්ට සාධාරණය ඉටු කිරීම සදහා ඒ පිළිබද අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කළ යුතු බවටද උක්ත සංගම් තීරණය කර ඇතැයි එකී සංගම් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ශ්‍රී ලංකා රජය නව ජිනීවා යෝජනාවකට එකග වී ඇති බවට කරන ප්‍රකාශයන්ගේ කිසිදු සත්‍යතාවයක් නැහැ

ශ්‍රී ලංකා රජය නව ජිනීවා යෝජනාවකට එකග වී ඇති බවට කරන ප්‍රකාශයන්ගේ කිසිදු සත්‍යතාවයක් නැතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසීය. එසේම දෙමුහුන් (හයිබ්‍රිඩ්) අධිකරණයක් ඇතිකිරීම පිළිබදවද කිසිදු සදහනක් නොමැති බව අමාත්‍යවරයා පැවසීය.

අද (මාර් 8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරට විදෙස් විනිසුරුවන්ගෙන් සමන්විත දෙමුහුන් (හයිබ්‍රිඩ්) අධිකරණයක් ඇතිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබදව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඇතැම් පාර්ෂවයන් රටේ නොසන්සුන්තාවයක් ඇති කිරීමේ උවමනාවෙන් 2015 දී ඉදිරිපත් කළ ජිනීවා යෝජනා හා එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයිද් අල් හුසේන් කුමරු ඉදිරිපත් කළ වාර්තාව පටලවාගෙන කතා කරන බවටද හෙතෙම චෝදනා කළේය.

එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාට ඕනෑම වාර්තාවක් ඉදිරිපත්කළ හැකි නමුත් ඉන් ස්වෛරී රාජ්‍යන්ට බලපෑමක් කළ නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එසේම වැදගත් වන්නේ යෝජනා යැයිද වාර්තාව කිසිසේත්ම යෝජනා වලට බලනොපාන්නේ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කොට සියලු පාර්ෂව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සුදුසු වේලාවක ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා පැවසීය. දැනටමත් මේ සමබන්ධයෙන් දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය නොවන බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.

දිනේෂ් ගුණවර්ධනට සතියකට පාර්ලිමේන්තුවේ දොර වැසෙයි

ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සතියකට අත්හිටුවීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින්ට පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස නියෝජනය විය නොහැකි බවට කථානායකවරයාගේ තීන්දුව ලබාදීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන්නට වූහ.

එහිදී මෙම පිරිස් පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පැමිණ පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා පැමිණවීම නිසා  විනාඩි 10ට පාර්ලිමේන්තුව අත්හිටුවීමට ක්‍රියා කෙරුණු අතර  අනතුරුව අයුතු ලෙස හැසිරුණු දිනෙෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව යන ලෙස කථානායකවරයා විසින් නියෝග කරන  ලදී.

එම නියෝගය පිළිනොගනිමින් දිගින් දිගටම කටයුතු කළ මන්ත්‍රීවරයාට කථානායකවරයා තෙවන වරටත් පාර්ලිමේන්තුවෙන් පිටව යන ලෙස නියෝග කිරීමෙන් පසු පාර්ලිමේන්තු සභා ගර්භය තුළට වේත්‍රධාරී සමග පොලීසිය කැඳවීමට සිදුවිය.

එහෙත්  පිටවයාම  ප්‍රතික්ෂේප කළ දිනේෂ් ගුණවර්ධන මහතා තමා පාර්ලිමේන්තුවෙන් පිටව යන්නේ තමාට එරෙහිව මන්ත්‍රීවරයෙකු විසින් යෝජනාවක් ගෙනවිත් එය පාර්ලිමේන්තුවෙන් සම්මත කළහොත් පමණක් බව කියා සිටිමින් තවදුරටත් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කරමින් එහි රැඳී සිටියේය.

අවසන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් පිටව යා යුතු බව හා සතියක කාලයක් ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවිය යුතු බවට යෝජනාවක් ගෙන ආ අතර එම යෝජනාව සභා සම්මතවීම සිදුවිය.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරීමේ මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 85 ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 22 ක් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 114ක් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි බවත්, තිදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.

 

සංහිදියාව නාමයෙන් සිදුකෙරෙන පාවාදීම් හිරිකිතයි! :මේජර් ජෙනරල් කමල් ගුණරත්න

මේජර් ජෙනරල් කමල් ගුණරත්න වර්තමානයේදී සංහිදියාව නාමයෙන් සිදුකෙරෙන පාවාදීම් සහ ශ්‍රී ලංකා හමුදාව අඩපන කිරීම් දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇති අයුරු මාධ්‍ය වාර්තා ඔස්සේ පළවෙමින් තිබේ.

වසර 55ක ජීවිතයේදී තමා මුහුණදුන් හිරිකිතම අවස්ථාව ආබාදිත රණ විරුවන්ට පොලීසිය පහරදීම බවත් ඉතා අමාරුවෙන් බේරාගත් රට බන්දේසියක දමා නව ව්‍යවස්ථාව මගින් පාවා දෙනතුරු නිහඩව සිටියොත් රටට ද්‍රෝහියන් වන බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කර සිටියි.

පසුගියදා පැවති වියත්මග වාර්ෂික සමුළුව අමතා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මෙම අදහස් පළකර සිටියා.

සම්පුර්ණ කතාව….

විමල් වීරවංශ සන්ධානයෙන් ඉවත් වන බවට තමාට යොමු කර ඇති ලිපිය?

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් යම් පුද්ගලයෙක් හෝ පක්ෂයක් ඉල්ලා අස්වීමට අපේක්ෂා කරන්නේ නම් සන්ධානයේ මහලේකම්වරයා වන තමාට එය ලිඛිතව දන්වා සිටිය යුතු යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පසුගියදා(මාර් 2) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.

එසේම විමල් වීරවංශ මහතා සන්ධානයෙන් ඉවත් වන බවට තමාට යොමු කර ඇති ලිපිය පිළිගත හැකි මට්ටමින් ඉදිරිපත් කර නැතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පක්ෂ පහක් එක්වූ බවටත් එම පක්ෂ ඉවත් වන බවටත් එහි සදහන් වුවත් එම පක්ෂ පහම බලයට පත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වලින් යැයි අමාත්‍යවරයා පැවසීය.

එසේම එම පක්ෂ වලට ඉවත් වීමට අවසර දෙන ලෙස තමාටද පක්ෂයෙන් අවසර ලදහොත් තමා අනුමැතිය දෙන බවද අමාත්‍යවරයා සදහන් කළේය.  කිසිවකු බලෙන් තබා ගැනීමට අවශ්‍ය නැතැයිද අලුත් පක්ෂයට වුව අවශ්‍ය නම් ඉවත් විය හැකි යැයිද අමාත්‍යවරයා පැවසීය. එසේම එසේ ඉවත් වන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැමති නම් අවසාන මොහොතේ  හෝ පක්ෂයට එක්වනු ඇතැයි මහ ලේකම්වරයා අවධාරණය කලේය.

සත්‍ය සෙවීමේ පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක තුලදී කැබිනට් අනුමැතියට

සත්‍ය සෙවීමේ පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක තුලදී කැබිනට් අනුමැතිය සදහා යොමු කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී 28 දාපැවසීය.

එම කොමසම් මගින් මානව හිමිකම් කඩවීම් මගින් අගතියට පත්වූන්ට සාධාරණයක් ඉටු කරගැනීමට හැකියාවක් හිමිවන බවද සමරවීර මහතා පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවරයේ අමතමිනි.

සංහිදියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසන් වාර්ථාව මේවන විටත් අධ්‍යනය කරමින් සිටින බවත් එම කාර්ය බලකාය මේවන විට සත්‍ය සෙවීම සදහාත් අගතියට පත්වූන්ට වන්ද ලබාදීම සදහාත් යුක්තිය සහ සංහිදියාව ඇති කිරීමටත් සුදුසු යාන්ත‍්‍රනයක් අදාල සැලසුම් නිර්මාණය කරමින් සිටින බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,

මම අද මෙත ඔබ අමතන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ඓතිහාසික යොජනාව සම අනග‍්‍රහය ලබාදී මාස පහලොවකට පසුවයි. මේ කි‍්‍රයාව ගැන ශී‍්‍ර ලංකාවේ ඉන්න බොහො පිරිසක් විවිධ විවේචනයන් සිදු කළා එ් වගේම සමහරුන් මේක ජාතියේ පාවදීමක් විදිහටත් දැක්කා නමුත් ඔවුන් සියලූ දෙනාටම කියන්න තියෙන්නේ 2018 අපේ 70 වැනි නිදහස් දිනය සැබෑ නිදහස් දේශයක් විදිහට සමරන්න අපි පියවර ගන්නවා කියලයි.

අපි අපේ ගමන ඉදිරයටම යද්දී කෙටිකාලීන දේශපාලන අරමුණු ඉටු කරගැනීම සදහා විවිධ බාද එල්ලවෙනවා එ් වගේම ගෙවුනු වසර දෙක තුලදී අපි ලබාගත්ත ප‍්‍රගතිය දෙසත් ඇතැමුනු වපර ඇසින් බලනවායැයිද අමාත්‍යවරයා වැඩිදුරත් ප‍්‍රකාශ කළේය.

ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කිරීම මිස නව ව්‍යවස්ථාවක් ඇති කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවේ

ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කිරීම මිස නව ව්‍යවස්ථාවක් ඇති කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සදහන් කළේය.

අද (2) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එසේම ඇතැමුන් චෝදනා කරන පරිදී කිසිම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට කඩේ නොයන බවද හෙතෙම අවධාරණය කළේය. එසේම පක්ෂය ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

කෙසේ වුවත් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ නව ව්‍යවස්ථාව ඇති කරනවාද නැද්ද යන්න පිළිබදව පක්ෂය තවමත් සාකච්ඡා කරන බවයි

”අද අපේ ජාතික ආර්ථික දේහයෙන් ලේ ගලා හැලෙන්නේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ ලේ උරා බිම නිසායි” :දිනේශ් ගුණවර්ධන

අද අපේ ජාතික ආර්ථික දේහයෙන් ලේ ගලා හැලෙන්නේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ ලේ උරා බිම නිසායි” යනුවෙන් එ්කාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ ගුණවර්ධන මහතා පැවසීය.

එ් මහතා මෙසේ සදහන් කලේ  බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ 28 කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මෙසේද පැවසීය,

“බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා එක්ක සාකච්ඡුා කළාග  එහිදී අපි කියා සිටියේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ බලපත‍්‍රය අහෝසි කරන්න කියලායි. අපි ව්‍යවස්ථාවෙන් මුල්‍ය මය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියන කාරණය මහ බැංකු අධිපතිවරයාට දැණුම් දුන්නා. එ් වගේම වැය ශීර්ෂ අනුමත කිරීම සදහා මුදල් අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවෙන් අවසර ගන්න සිද්ධවෙනවා. මේ ගැනත් අපි පෙන්වා දුන්නේ මුල්‍ය ක‍්‍රමය ගැන පාර්ලිමේන්තුව තියෙන බලය පෙන්වා දෙන්නයි.

අද වෙනකොට බැදුම්කර සිදුවීම නිසා මේ රට විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඇත්තටම මහ බැංකුව කෙරෙහි තියෙන විශ්වාසය නැතිවෙලා තියෙනවා. එ් වගේම මහ බැංකුවේ කි‍්‍රයාමර්ග වලට පයින් ගහන තත්ත්වයකට ආණ්ඩුව පත්වෙලා තියෙනවා. එ්කට හේතු වෙලා තියෙන්නේ මුදල් ඇමතිවරයා පසුගිය කාලයේදී කරපු ප‍්‍රකාශයි. මුදල් ඇමතිවරයා කිව්වා බැදුම්කර සිද්ධියට මහින්ද රාජපක්ෂ මහතා වගකිවයුතුයි කියලා. ඇත්තටම මේ බේගල් නිසා මුදල් ඇමතිවරයා ගෙදර යවන්න ආණ්ඩුව පියවර ගතයුතුයි.

මුදල් ඇමති බැදුම්කර සිද්ධිය ගැන කියන්නේ පට්ට පල් බොරුවක්, මුදල් ඇමති කියන්නේ බොරුවක් කියන කාරණය සනාත කළාට පස්සේ එතුමාට කරන්න තියෙන්නේ ගෙදර යන එක විතරයි, එහෙම නැති වුනොත් ආණ්ඩුව එතුමාව ගෙදර යැවිය යුතුයි. අපි මේ නිසාම කතානායකවරයාගෙන් ඉල්ලූවා විශේෂ පාර්ලිමේනතු දිනයක් කැදවන්න කියලා. මේ අවස්ථාවේදී පක්ෂ බේදයන්ගෙන තොරව මුදල් ඇමතිවරයාගේ කි‍්‍රයාකාලාපයන්ට විරුද්ධ වියයුතුයි. මුදල් ඇමති ගෙන ආපු කැබිනට් පත‍්‍රයක් ප‍්‍රතික්ෂේප කරන්න එජපයේ ඇමතිවරුන් කි‍්‍රයා කළා. මේ සිද්ධියෙන් විශාල කරුණු කිහිපයක්ම සානාත වෙනවා.”

පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා

බැදුම්කර වංචාව නිසා මේරටේ මුල්‍ය වෙළෙඳපොලේ විශාල කඩා වැටීමක් සිද්ධවෙලා තියෙනවා. එ් නිසාම විදේශ සංචිත විශාල වශයෙන් කඩා වැටුනා. අනික ශී‍්‍ර ලංකාවේ විශාල වශයෙන් මුදල් අයෝජනය කරලා තිබුන විදේශිකයින් ඔවුන්ගේ ආයෝජන අරගෙන යන්න ගිහින් තියෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්.

මේ බැදුම්කර හොරකම ලංකා ඉතිහාසයේ විශාලතම හොරකමයි. එ්ත් මේක සම්බන්ධයෙන් ජනතාව නොමග යැවීමට හිටපු ජනාධිපති සම්බන්ධයි කියල මුදල් ඇමති ප‍්‍රකාශයක් නිකුත් කළා එහිදී කරුණු අටක් ඇතුලත් කරලා තිබ්බා. එ්ත් මේක පට්ටපල් අසත්‍යක් කියලා අද වෙනකොට මුළු ලෝකයටම හෙළිවෙලා අවසානයි.

අපි මුදල් අමත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා ඔය නිලයේ ගෞරවය ආරක්ෂා කරමින් මුදල් ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න කියලා. එ්වගේම මහින්ද රාජපක්ෂ මහතා මේ බැදුම්කර වංචාවට සම්බන්ධ වුනා කියල කියන එක මහ පොළොව ඔරොත්තු නොදෙන මහ පට්ට පල් බොරුවක්.

රවී කරුණානයක කිව්වා පසුගිය කාලයේදී මහ බැංකු බැදුම්කර විකිණීමට ගෙන ආණ්ඩුව අනුගමනය කරපු  ක‍්‍රමය නීත්‍යනුකූල නැහැ කියලා. එ් නිසාම මුළු ලොකයටම කියනවා නීත්‍යනුකූල නොවන ආකරයකටයි ශී‍්‍ර ලංකා රජය ණය අරගෙන තියෙන්නේ කියලා. එ් නිසා අද වෙනකොට බැදුම්කර වල මුදල් ආයෝජනය කරලා තියෙන සියලූ දෙනා එම මුදල් ආපහු අරගන්න තත්ත්වයකට පත්වෙලා තියෙනවා.

මේ නිසා අපි ජනාධිපතිවරයගෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ මුදල් ක‍්‍රමය ආරක්ෂා කරන්න බුද්ධ සාසන වගේ ඇමතිකමක් දීලා හරි දීලා මේ ඇමතිකමින් ඉවත් කරන්න කියලා.

එ්කාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා

විද්්‍යුත් මාධ්‍ය ආයතනයක ප‍්‍රදේශීය මාධ්‍යෙවිදියකුට මහියංගනයේ වනචාරී ප‍්‍රාදේශීය දේශපානඥයෙක් පහරදුන්නා. ඒක අශීලාචාර පහරදීමක්. මේ ආකාරයෙන්ම ප‍්‍රදේශීය මාධයෙවිදියකුට හම්බන්තොට වරායේදි ප‍්‍රහාරයක් එල්ල කළා. ඒ ගැන පරීකෂණයක් කලේ නෑ. ප‍්‍රහාරකයාට මාස හයක සේවා දිගුවක් ලැබුණා. මේ අශීලාචාර මිනිස්සු වහාම නීතය හමුවට ගෙනා යුතුයි. මාධ්‍ය ෙවිදීන්ගේ ආරක්ෂව තහවුරු කළ යුතුයි.

එමෙන්ම සයිටම් අයාතනයේ ප‍්‍රධාන විධායක නිළධාරීයාට වෙඩි තැබීම පිටුපස ප‍්‍රදේශීය දේශපාලනඥයෙක් ඉන්න බව මාධ්‍ය වාර්තා කර තිබුණා. නුමත් මේ පිටුපස ඉන්නේ පාතාලය සමඟ ගණුදෙනු කරන දේශපානඥයෙක් ඉන්නවා. වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි මේ පුද්ගලායට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළයුතුයි”

 

 

රට අතැර ගිය පාතාල සාමාජිකයින්ව සමහර නායකයින් නැවතත් ආනයනය කරලා : ඩලස් අලහපෙරුම

පාතාලයේ බිහිසුනු ක්‍රියාකාරකම් හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, දේශපාලඥයින් ඇතුළු සමස්ත මහජනතාවගේ  ජිවිතවලට තර්ජනයක් එල්ල වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට මරු කැදවමින් අධිකරණයට ගෙන යමින් සිටි සමයන් නැමැති පාතාල සාමාජිකයා ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් පාතාල සාමාජිකයින් පිරිසක් විසින් මරා දමා ඇත්තේ බිහිසුනු අයුරින් බවද ඒ මහතා පැවසීය.

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ පාතාලය සහ උතුරේ ත්‍රෂ්තවාදය අවසන් කිරිමට පසුගිය රජය ක්‍රියාකළ හෙයින් පාතාල නායකයින් තොග පිටින් රට අතහැර ගිය නමුත් වත්මන් රජය බලයට පැමිණීමත් සමග රට අතැර ගිය පාතාල සාමාජිකයින්ව ආණ්ඩුවේම සමහර නායකයින් විසින් නැවතත් මෙරටට ආනයනය කර ඇතැයිද ඒ මහතා පැවසිය.

පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි තමන් ප්‍රශ්න කළ අව්ථාවේ නිතිය හා සාමය පිළිබද අමාත්‍යවරයා 2015 වසරේදී පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් ඝාතන 443කුත් 2016 සැප්තැම්බර් වන විට ඝාතන 334ක්තු සිදුව ඇති බව ප්‍රකාශ කල බවත් එම ඝාතනවලින් 156ක්ම ස්වයංක්‍රීය ගිනි අවි මගින් සිදු කළ ඝාතන බව ඇමැතිවරයා පැවසූ බවත් එහිදී ඩලස් අලහප්පෙරුම මහතා සදහන් ක‍ලේය.

මේ දිනවල ‍පොලීසිය රාජපක්ෂ පවුලෙග් රත්තරන් අශ්වයෝ, අයථා වාහන භාවිතය ආදී ආණ්ඩුවේ දේශපාලන ඉලක්ක දඩයම් කිරීමේ යෙදී ඇති හෙයින් ‍පොලීසියේ රාජකාරි ඉටුනොකරන බවත් මෙම සිද්ධියට හේතු වූයේ ‍පොලිස් ආරක්ෂාව නොදීම යැයි බන්ධනාගාර විෂය භාර අමාත්‍යවරයාම චෝදනා කරන බවත් ඒ මහතා සදහන් ක‍ලේය.

‍පොලිස් නිලඇදුමින් සැරසී, ස්වයංක්‍රීය ගිනි අවි ගෙන පාතාල සාමාජිකයින් පැමිණ මේ ආකාරයෙන් ඝාතනය කිරීම් නිසා හිටපු ජනාධාපති මහිනද රාජපක්ෂ මහතා, හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, මෙන්ම රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාත් අනාරක්ෂිත තතත්වයකට පත්ව ඇතැයිද ඒ මහතා පැවසීය.

සමයන්ගේ සහ අංගොඩ ලොක්කාගේ ගැටුමකට පමණක් මේ සිද්ධිය ලඝු නොකොට පාතාලයේ හිස එසවීම හේතුවෙන් සමස්ත පුරවැසියාම පාතාල ක්‍රියාකාරකම් වැඩිවිම හේතුවෙන් අනාරක්ෂිත තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (28) බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ජනමාධ්‍ය හමුවේදීය.