රටට හිතකර කැබිනට් සංශෝධනයක් ඉදිරියේදී – රාජිත

රටට හිතකර අයුරින් කැබිනට් සංශෝධනයක් ඉදිරියේදී සිදුකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් සංශෝධනය සඳහා ජනාධිපතිවරයාගේ හා අග්‍රමාත්‍යවරයාගේ එකඟත්වය ලැබී ඇති බව ඔහු පවසයි.

නව ඖෂධවේදීන් 52කුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය සේවකයින්ගේ ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදීමට වත්මන් රජය පියවර ගත් බවය.

සෞඛ්‍ය  සේවකයින් සඳහා මෙම වසරේ අතිකාල දීමනා ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන 04ක අමතර මුදලක් අවශ්‍යව ඇති අතර මුදල් අමාත්‍යාංශය විසින් ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කරනු ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසා සිටියේය.

අගමැති හෝ ජනපතිගෙන් හිගා කා ඇප ලබා ගන්න ඕනෙ නැහැ: විමල් වීරවංශ

ඉකුත් ජනවාරි 10 වනදා සිට සිරගතව සිට අද (07)  අධිකරණයෙන් ඇප ලබා ගත් විමල් වීරවංශ මහතා තමාට අගමැති හෝ ජනපතිගෙන් හිගා කා ඇප ලබා ගැනීමේ උවමනාවක් නොතිබූ බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේය.

අද (07) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරි අවස්ථාවේ දින 87කට පසු මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘‘ මට ඇප ලබා දෙන්න කියලා නීති අංශවලට අගමැතිවරයා උපදෙස් දී ඇත්නම්  එයින් පැහැදිලි වෙන්නේ, මාව දින 87ක් රඳවාගෙන ඇත්තෙත් ඔහුගේ උපදෙස් මත බවයි. අධිකරණයේ ස්වාධීනත්වයට ඉන් ඔහු කර ඇති අවමානය ඉතාමත් බරපතළයි. අද පළව ඇතැයි කියන ප‍්‍රවෘත්තියෙන් පෙනී යන්නේ ‘ බළලා මල්ලෙන් එළියට පැන’ ඇති ආකාරයයි.

ඒ වගේම කියන්න  ඕනි, අපට අගමැතිවරයාගෙන් පමණක් නොවෙයි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් හෝ හිගා කාලා ඇප ලබා ගන්න කිසිඳු උවමනාවක් නැහැ. අපි මාස තුනක් හිරේ හිටියේ ඒ අයගෙන් හිගා කාලා ඇප ලබා නොගත්ත නිසයි. අධිකරණයෙන් ලැබුණු ඇපවල  ලකුණු දමාගන්න කවුරුහරි බොරු ෂෝ දමනවා නම් ඒක ඉතා පහත් පෙළේ උත්සාහයක්.

ඒ වගේම මම ස්තූතිවන්ත වෙනවා අගමැතිතුමාටත්, ජනපතිතුමාටත් කිසිඳු පිළිගතහැකි චෝදනාවකින් තොරව මාව මාස තුනක් හිරේ දාලා මේ රටේ දේශපාලනයේ ඉදිරි පරිච්ජේදය නව ජවයකින් ආරම්භ කිරීමට අවස්ථාව උදා කර දීම පිළිබඳව. අපි මතක්කර දෙන්න  ඕනෙ එක කාරණයක්.

‘‘ උඳුන රත් වුණාට පස්සේ තමයි වානේ හොදට පදම් වෙන්නේ. ’’ ‘‘ උඳුන ’’ රත් කරපු ඒ සියලූම  මහත්වරුනට මම මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ අවනීතියේ අවනඩුවේදී  අපට සහාය දැක්වූ සියලූම මාධ්‍ය ආයතනවලටත්, අසත්‍ය පුවත් මවමින් අපට මඩ ගසා  අපේ සිතට ධෛර්යයක්ගෙනදුන් ඇතැමුන්ටත් අප ස්තුතිය පළ කරනවා.’’

විමල් වීරවංශ මහතාට ඇප ලබා දී මේදී සුවිශේෂී කරුණු ලෙස වීරවංශ මහතාගේ දියණිය රෝගාතුර වීම මෙවර අපොස සා.පෙ විබාගයට පෙනී සිටීම යන කරුණු අධිකරණය විසින් සළකා බැලිණි.

ජනාධිපති සිය බලතල භාවිත කිරීම ප්‍රමාණවත් නැහැ: ඩිලාන් පෙරේරා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලතල භාවිත කිරීම ප්‍රමාණවත්
නැතැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සදහන් කළේය.

ජනාධිපතිවරයාට ඇතැම් අවස්ථාවලදී තමන් ජනාධිපති යැයි අමතක වන බවද මෙවර මැයි දින රැලියේදී ජනාධිපතිවරයාට සියබලතල භාවිත කළ යුතු බවට මතක් කර දීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.

ඇතැම් විට අග්‍රාමාත්‍යවරයා තමා තවමත් විපක්ෂ නායකවරයා ලෙස සිතාත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමන් තවමත් ජනාධිපති යැයි සිතා කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

මීට පෙර සිටි සියලු ජනාධිපතිවරැන් සිය බලතල අභිබවා කටයුතු කිරීම
සම්බන්ධයෙන් චෝදනා පැවතියත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රථම වතාවට සිය බලතල අවම වශයෙන් භාවතකිරීම ඇතැම් අවස්ථාවල ගැටලුවක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඊයේ (මාර්තු 6) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය
සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය ගාලු මුවදාර පිටියේදී

ශී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය ගාලු මුවදාර පිටියේදී පැවැත්විමට වරාය අධිකාරිය අවසර දී ඇතැයි ශී” ලංකා පොදු ජන පෙරමුණ සදහන් කරයි.

දේශපාලන කටයුතු සදහා ගාලු මුවදොර පිටිය ලබා නොදෙන බන වරාය අධීකාරිය මුලින් දැනුම් දී තිබුණත්පසුව කම්කරු දිනය සැමරීම දේශපාලන කටයුත්තක් නොවන නිසා ශී” ලංකා පොදුජන පෙරමුනේ මැයි දින රැළිය පැවැත්වීමට ගාලු මුවදොර පිටිය ලබා දෙන බව වරාය අධීකාරියෙන් දන්වා ඇතැයි ‍ශී” ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය ප”කාශක සංජීව එදිරිමාන්න මහතා සදහන් කලේය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂ මැයි දින සැමරුම් රැළිය පවත්වන ආකාරය සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා පවත්වන බවද ඒ මහතා සදහන ්කලේය.

රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට පනතක්

රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත බව  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඊයේ ( අප්‍රෙල් 3) උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය අමාතයංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුව සහ මෙරට විශ්ව විද්‍යාල ප්‍රමිතිගත කිරීම පිළිබදව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම ව්‍යාපෘතිය ලෝක බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිත වද අමාත්‍යවරයා පැවසීය.

රටේ ආණ්ඩුවේ නියෝජිතයා යුධ අපරාධ චෝදනා පිළිගිනිමින් කතා කරද්දි වෙනත් රටවල් ඒවා ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වන්නේ නැහැ : සරත් වීරසේකර

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙරටට විදෙස් විනිසුරැවන් නොගෙන්වන බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දුන්නද රජයේ නියෝජිතයා වශයෙන් එක්සත් ජාතින් ඉදිරියේ පෙනී සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කරන්නේ ඊට සපුරා පුතිපක්ෂ දෙයක් යැයි නාවික හමුදා රියර් අලුමිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

ඉකුත්දා පැවති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයට රාජ්‍ය නොවන සංවිධානයක මාර්ගයෙන් ඉදිරිපත් වූ ලද අත්දැකීම් පිළිබද සදහන් කරමින්  මාර්තු 30 බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

මංගල සමරවීර මහතා ඉකුත් පෙබරවාරි 23 වැනි දිනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සයිද් අල් හුසේන් කුමරැ ශ්‍රී ලංකා හමුදාවට ප්‍රතිපක්ෂව ඉදිරිපත් කර ඇති කරැණු අනුමත කරමින් කතා කළ බවද හෙතෙම කීය. එසේම අමාත්‍යවරයා මේ පිළිබද සලකා බැලීමට වසර දෙකක කාලයක් ඉල්ලා සිටි මුත් චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරැණු ඉදිරිපත් නොකළ බවද ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ නොකළ බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමේ හැකියාව පැවතියදී එසේ නොකර සිටින බවද ඒ මහතා සදහන් කළේය.

රටේ ආණ්ඩුවේ නියෝජිතයා යුධ අපරාධ චෝදනා පිළිගිනිමින් කතා කරද්දි වෙනත් රටවල් ඒවා ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වන්නේ නැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

තමාට එහිදී කරැණු දැක්වීම සදහා ලැබුණේ විනාඩි එක එමාර බැගින් වූ අවස්ථා දෙකක් බවද දෙමළ ඩයස් පෝරා නියෝජිතයන්ට එවන් අවස්ථා විස්සක් පමණ හිමි වූ බවද හෙතෙම කීය. උසාවියක මෙන් සාක්ෂි සහිතව මෙහිදී කතා කිරීම අනවශ්‍ය බැවින් ඔවුන් හමුදාවට තම අභිමතය පරිදී අසත්‍ය චෝදනා ඉදිරිපත් කළ බවද ඒ මහතා පැවසීය.

එබැවින් ලබන වසරේදී මීට වඩා වැඩි කාලයක් ලබා ගැනීමටත් වඩා හොද වාර්තාවක් සකස් කරගනිමින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීය.

තමාට විශ්ව විද්‍යාල ආචාර් සංගමයේ සමාජිකයන් වැනි විද්වතුන් සකස් කර දුන් වාර්තාවක් එහිදි ඉදිරිපත් කළ බවත් ඒ වාර්තාවේ ශ්‍රී ලංකා හමුදාවට ඇති යුධ අපරාධ චෝදනා සාක්ෂි සහිතව ප්‍රතික්ෂේප කරමින් සකස් කළ බවත් ඒ මහතා සදහන් කළේය.

මෙම අවස්ථාව සදහා මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරැන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන යන මහත්වරැවන්ද සහභාගී වූහ.

ජීනීවා එකඟතා ජනපතිගේ ස්ථාවරයට යටත් විය යුතුයි – සුසිල් ප්‍රේම්ජයන්ත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී ගෙනා 30/1යෝජනාවලියට අදාළව සහ ඊට තවදුරටත් සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා රජය එකඟ වී ඇතත් එය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනටමත් ප්‍රකාශ කර ඇති ස්ථාවරයට අනුකූලව ක්‍රියාත්මක විය යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබේ.

මෙකී යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට තවත් වසර 2 ක කාලයක් ලැබී ඇතත් ඊට සම අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකාව එකඟතාව පළකර ඇතත් “ඔය එකඟතාව පළ කළ අය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරයට අනුගතව ක්‍රියාත්මක වීමට වගබලාගත යුතුයි. ජනාධිපතිවරයාගේ ස්ථාවරය ශ්‍රීලනිපයේ ස්ථාවරයයි”යනුවෙන් මේ ගැන කළ විමසීමක දී ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ‘සත්හඬ’ ට පැවසීය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියාවේ නිල සංචාරයට සහභාගි වෙමින් සිටි ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් දුරකථන මඟින් අප කළ විමසීමේ දී ප්‍රකාශ කළේ කවරාකාරයක හෝ දෙමුහුන් අධිකරණ ක්‍රියාවලියකට එකඟ නොමැති බවට දැනටමත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දරන ස්ථාවරය ශ්‍රීලනිපයේ ද ස්ථාවරය බවයි.

“අපි කතා කරන්නේ, විමසන්නේ සංහිඳියාව ගැන පමණයි. සම අනුග්‍රහය දක්වන්නට ජිනීවාහි දී තවදුරටත් එකඟතාව පළ කළ අය ජනාධිපතිවරයාගේ ස්ථාවරයට අනුව ක්‍රියාත්මක වීමට දැනගත යුතුයි.” ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රීලනිපයේ ප්‍රධාන පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ රජයේ නියෝජිතයන් මෙම යෝජනාවට තවදුරටත් එකඟතාව පළ කළ ද තවත් වසර දෙකකින් පසු ඇති විය හැකි අර්බුදය ගැන අවධානය යොමු කර නොමැති බවය.

ප්‍රභාත් වීරරත්න

සත්හඬ’

වියත්මග සංවිධානය අද වත්මන් රජයට දේශ ද්‍රෝහින් යැයි චෝදනා කරනවා:මංගල සමරවීර

වියත්මග සංවිධානය දකින විට එය හොරුන්ගේ මිනීමරුවන්ගේ සංවිධානයක් දැයි තමාට සැකයක් ඇති වන බවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

තමන්ගේ ධූර කාලයේ කරන ලද විවිධ වංචා දූෂණ වසා ගැනීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙවන් සංවිධාන පිහිටුවාගෙන තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම සංවිධානයේ මූලිකව කටයුතු කරන දයාන් ජයතිලක යනු සිංහල ඊලාම් හිතවාදියෙක් යැයිද, භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණයන් ඝාතනයට පවා සම්බන්ධ අයෙක් යැයිද ඩග්ලස් දේවානන්ද යටතේ අවි පුහුණුව පවා ලබාගත් අයෙක් යැයිද අමාත්‍යවරයා චෝදනා කළේය.

එවන් භයානක අතීතයක් සහිත පුද්ගලයන් අද වත්මන් රජයට දේශ ද්‍රෝහින් යැයි චෝදනා කරන බවද අමාත්‍යවරයා සදහන් කලේය.

එසේම මහින්ද රාජපක්ෂ මහතා සමග අද සමීපව කටයුතු කරන හිටපු මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ශ්‍රී ලංකා හමුදාව පාවා දෙන ලොකුම ලියවිල්ල වන නන්දිකඩාල් රචනා කළ බවද හෙතෙම කීය.

මෙම කෘතියේ වැඩි පුර අන්තර්ගත වන්නේ කැඩුම් බිදුම් පිලිබදව නිසා ගෙවල් කඩාල්, හන්දි කඩාල් යනුවෙන් පොත නම් කළ යුතු යැයි අමාත්‍යවරයා යෝජනා කළේය.

මෙම කෘතියේ ඉංග්‍රීසි පිටපත් මේ වන විට දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් යුරෝපය පුරා බෙදා හරිමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කළේය.

හමුදාව පවා දෙමින් තමන්ගේ සාක්කුව පුරවා ගන්නා මෙම පොත කියවීමට තරම් වටිනා එකක් නොවන බවත් දේශ ප්‍රෙමින් මෙය ඉදිරියේදී ගිනි තබනු ඇති බවත් හෙතෙම කීය.

එසේම රණවිරැවන්, යුද වීරයන් කිසි විටකත් කාන්තාවන් දූෂණය කරන්නේ වත් දරැවන් අහිංසකයන් ඝාතනය කරමින් ගෙවල් කඩා බිද දමන්නේ නැති බවත් හෙතෙම අවධාරණය කළේය.

පසුගියදා විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාතයවරයා මේ බව සදහන් කළේය.

ඒකාබද්ධවිපක්ෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට සන්දේශයක්

වත්මන් රජය පළාත්පාලන මැතිවරණය පැවැත්වීම දින නියමයක් නැතුවම කල් දමමින් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගෙනඇති හෙයින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජයට බලකරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට සන්දේශයක් භාරදීමට ඒකාබද්ධ විපක්සය තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්තී” රෝහිත අබේගුණවර්ධන මහතා ඒ සදහා මේ වන විටත් ජිනීවා නුවරට ගොස් ඇති අතර මාරුත් 22 දා එම සන්දේශය භාර දිමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුවේ සිදු වන බාධා මැඩ පැවැත්වීමට කතා නායක වරයා මීට වඩා මැදිහත්විය යුතුයි

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉකුත්දා පාර්ලිමේන්තුමේන්තුවේ කටයුතු වලට දිගින් දිගටම බාධා කරන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබින් ඉවත්ව ගියේ විරෝධතාවය පල කිරීමට නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම නිසා ඇතැම්විට පාර්ලිමේන්තුවේදී විපක්ෂය සදහා වෙන් කර ඇති අසුන් වල අසුන් ගන්නා බවත් සිද්ධිය ඇතිවූ අවස්ථාවේදී එම සියලු දෙනා එක්තැනකට එක්ව සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කල යුතු නිසා විනයානුකූලව එසේ සභා ගැබින් පිටත්ව ගිය බවද හෙතෙම අවධාරණය කළේය.

එසේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කතා කිරීමෙන් තමන්ට අවස්ථාවක් නොලැබීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරැන් අතර මේ අවස්ථාවේ යම් නොසන්සුන්තාවයක් ඇති වූ බවද හෙතෙම පැවසීය.

ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.

එසේම කථානායක කරු ජයසූරිය මහත්මයා වෙනත් කථානායකවරයෙකු ලබා නොදෙන තරම් අවස්ථා ගණනාවක් දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දුන් බවද අමාත්‍යවරයා සදහන් කළේය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශව කතානායකවරයා විවේචනය කරන මුත් ඒ මහතා කටයතු කළේ ඉතා ඉවසීමෙන් යුතුව වෙනත් ඕනෑම කථානායක වරයෙක් කටයුතු කරන ආකාරයෙන් බවද අමාත්‍යවරයා සදහන් කළේය.

අදාළ සිදුවමේදී කරු ජයසූරිය මහතා ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ බවත් දිනේෂ් ගුණවර්ධන මහතාට විනය නීති ක්‍රියාත්මක කිරීම සදහා පැවති ඡන්ද විමසීමේදී සිය පාර්ෂවයේ සියලු ඡන්ද පවා ඔහුට අහිමි වීමෙන් ඒකාබද්ධ විපක්ෂයේ තත්ත්වය පැහැදිලි වූ  බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම කතානායක තනතුරට වෙනත් පුද්ගලයෙක් පත්කීරීමේ කිසිදු අදහසක් නොමැති බවද හෙතෙම අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ඇති වන මෙවන් බාධා කිරීම් ත්ත්වයන් මැඩ පැවැත්වීම සදහා කතා නායක වරයා මීට වඩා මැදිහත්විය යුතු යැයි එම අවස්ථාවට සහභාගී වූ ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සදහන් කළේය. කතානායකවරයාගේ ඇතැම් තීන්දු තීරණ සම්බන්ධයෙන් තමා මෙන්ම ඇතැම්  මන්ත්‍රීවරැන් ඇතැම් අවස්ථාවල එකග නොවන මුත් පාර්ලිමේන්තුවේ නීතියට අනුව එය පිළිගත යුතු බවත් ගරු කළ යුතු බවත් අමාත්‍යවරවා වැඩිදුරටත් සදහන් කළේය.