හෙට දිනයේදී (23) විශේෂ පක්ෂනායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව කතානායක කාර්යාලය සඳහන් කළා.
මෙහිදී පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකස් කිරීම්ට හා තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත්කිරීම යන කාරණා පිළිබඳ සාකච්ඡා කිරීම්ට නියමිත බව වාර්තා වේ.
හෙට පෙරවරු 9 ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි
ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ අනිකුත් පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ  මෙම සර්ව පාක්ෂික රැස්වීම පැවැත් වුණා.
කෙසේ වෙතත් මෙම සර්ව පාක්ෂික රැස්වීමට පැමිණිම කථානායක කරු ජයසූරිය මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කර තිබුණි.
සර්ව පාක්ෂික රැස්වීම අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී. පෙරේරා මහතා පැවසුවේ එක්සත් ජාතික පෙරමුණට 113ක බහුතරය තිබේන බවත් අවශ්‍ය නම් එය දිව්රුම් පෙත්සම් මගින් හෙට උදැසනට ජනාදිපතිවරයාට පෙන්විය හැකි බවත්ය. එම අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දැක්වු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තුවේදී කටයුතු කරමින් අවසන් තීන්දුවකට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි.
කෙසේ වෙතත්, හෙට උදෑසන 11ට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

සංහිදියාව කියලා රට බෙදන ව්‍යවස්ථාවක් ගෙනත් රණවිරුවෝ ජිව්ත පූජාවෙන් බේරා ගත්ත රට බෙදන්න හදනවා -මහින්ද රාජපක්ෂ

මේ මහින්ද ජනතාවත් එක්ක විතරයි. නායකයෝ එක්ක නැහැ. යු. ඇන්.පී ය එක්කත් නැහැ. ඩිල් නැහැ. මගේ ඩිල් ජනතාව එක්ක විතරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  (12) පැවසීය. එ් මහතා මෙසේ පැවසුවේ අනුරාධපුර සල්ගාදු කි‍්‍රඩාංගනයේ පැවැති ජනරැුළිය අමතමිනි. වත්මන් ආණ්ඩුවේ අසම්මත ගමනට එරෙහි රජරට රැුළිය නමින් එ්කාබද්ධ විපක්ෂය මෙම රැළිය සංවිධානය කර තිබිණි. වසර 15ක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ නිමල් කොදාගොඩ මහතා ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක්  මෙහිදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරරමුණ සමඟ එක්වීම විශේෂතිවයක්. 
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ එ් මහතා මෙසේද පැවසිය.
අද යයිද අමුඬේ ගහගෙන. යන්න වෙයිද. මේ මහ ජන ගංගාව ගලාගෙනඇවිත් තියෙන්නේ මේ ආණ්ඩුව මැතිවරණවලින් සමුප්ර්ණයෙන් අතුගා දමන්න සූදානම් බව කියන්නයි. අපි එකපාරක් රැවටුනාට දෙවැනි පාර රැවටෙන්නේ නැහැ. අපි ජනතාව  සමග ඉන්නවා. මේ ආණ්ඩුව පිහිටවපු දවසේ ඉදලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කලා. අගමැතිවරයා පත්කළ හැටි, අගවිනිසුරු අසුකළ හැටි සියල්ල වුනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටට රටේ නිතියට හා ව්‍යවස්ථාවට විරුද්ධව. ජනතාවගේ අභිමතය.් ජනතාවගේ බලාපොරොත්තු- සුන් කර රනිල් වික‍්‍රමසිංහ අගමැති කලේ ජන හදවතට පයින් ගහලා. එ් නිසයි අද අපිත් අටත් මේ තත්ත්වයට ඇද වැටිලා තියෙන්නේ. මාසෙන් හොරකම් කරන්න පටන් ගත්ත බව ජනාධිපති කියනවා. හරියට හොරුත් එක්ක හෙළීවැල්ලෙන් ඉන්නවා වගේ. එයා අපිට හොරු කියන්න මතක් වුනේ අවුරුදු 10ක් ගිහින් නොමිනේෂන් කෝල් කරාම.රටේ ජනතාව ඇත්ත දන්නවා. ජනතාව රවටන්න බැහැ. මෙහෙ පැත්තෙන් ගොවි ප‍්‍රදේශයකින් උපන් කුමාරයෙක් ඇමැතිකම් කරනවා. ජනාධධිපතිකම් කරනවා. මුලින්ම කලේ පොහොරවලට ගහපු එක. අපේ කාලේ ස්වයං පෝසිත වුනු රට. පිටරට සාගිනි නිවන සංවිධානයට අපේ හාල් දුන්නා. එහෙම කරපු රටක් අද නැව් එනකල් බලන් ඉන්නවා. එ් තත්ත්වයට අපි වැටුනා. එහෙම වුනේ රටේ ගොවි ජනතාවට දුන්න සහන  කපපු නිසයි. හාල් අරන් ගිහින් මම හදපු මත්තල ගුවන් තොටුපලේ දැම්මා. මෙයාලට තියෙන්නේ ඉරිසියාව. යුද්ධයක් ඉවර කරලා අධීවේගී මාර්ග හදලා  පාරවල් කාපට් කරලා ගොඩනැගිලි හදලා රෝහල් හදලා අධිකරණ සංකීර්ණ හදලා මේ සියල්ල මේ යෝධයා කලේ කොහොමද කියලා අහලා බාල්දු කරනවා. සත පහකට වැඩක් නැහැ කියපු දේවල් කෝටි ගණන් වලට ගන්න විදේශිකයෝ පෝලිමේ එනවා. සම්පත් විකුණපුවම දරුවන්ට ඉතිරි වෙන්නේ මොනවාද. ෂැංගිලා එකට අක්කර පහක් දුන්නා කියලා කෑගහපු උදවිය හෙට අනිද්දා ෂැංගිලා එක විවෘත කරාවි. රටේ සංවර්ධනය පොනුනා. ලෝකය දැක්කා. අපිට ආයෝජකයෝ ගලා ගෙන ආවා. අද ආයෝජකයෝ දුවනවා. ගොවි ජනතාවට ගහලා පටන් අරන් සෑම ජන කොටසකටම ගැහුවා. රාජපක්ෂගේ ණය නිසා මේවා විකුණනවා කිව්වාට මුන් අවුරුදු තුනක් යන්න කළින් අපි ගත්තා වගේ 90% වැඩිපුර ණය අරන් කරපු කෙං ගෙඩියක් නැහැ. පාරට පස් ටිකක් වත් දාලා නැහැ. 
මේ වැඩ කරන්න බැරි ආණ්ඩුවක්. වැඩ අනාගන්න ආණ්ඩුවක්. අයවැයෙන් සහන දුන්නාලූ. දිපු සහනයක් නැහැ. ඉදිරිපත් කරපු බද්ද අස්සේ තවත් බදු. ඇස් කණ්නාඩියටත් බදු ගහලා. මේකයි ඇත්ත. මීයෝ රා බිව්වම කියන කතා ගැන කතා කරලා වැඩක් නැහැ. මේ රටේ ජනතාව වෙන දේ දන්නවා. බොරු කියලා මොකුත් කරන්න බැහැ. යූ. ඇන්. පී ආණ්ඩුවේ ඉදගෙන මහින්ද ඩිල් ගහනවාලූ. රනිල් එක්ක විතරක් නොවේ මෛතී‍්‍ර එක්කත් ඞීල්ලූ. මේ මහින්ද ජනතාවත් එක්ක විතරයි. නායකයෝ එක්ක නැහැ. යු. ඇන්.පී ය එක්කත් නැහැ. ඩිල් නැහැ. මේ මැතිවරණය ඔබ . ජනතාව ලබා ගත්ත දෙයක්. පාද යාත‍්‍රා ඇවිත් බැටන් පොලූවලින් ගුටි කාලා.,අමාත්‍යඞශ වටලලා ලබා ගත්ත මැතිවරණයක්. ආණ්ඩුවට පාඩමක් උගන්නන්න ලබා ගත්ත මේ මැතිවරණය ජයග‍්‍රහණය කිරීමේ වගකිම ඔබට තියෙනවා. 
සංහිදියාව කියලා රට බෙදන ව්‍යවස්ථාවක් ගෙනත් රණවිරුවෝ ජිව්ත පූජාවෙන් බේරා ගත්ත රට බෙදන්න හදනවා. එදා රට එක්සත් කරපු රට එ්කීය රටක් කරපු එක, ප‍්‍රභාකරන් යුද්ධ කරලා ගන්න හදපු රටයි මේ දෙන්න යන්නේ. අද ආගමික නායකයින්ට අපහැස කරන තත්ත්වයක් ඇති වෙලා. චීවරධාරියා කියලා මහා සංළරත්නයට බැන වදිනවා. පන්සලේ පිංකැටේට බදු ගහපු යුගයක් ඇවිත්. එ්කයි ඇත්ත. කන්දේ විහාරයට යනකොට පිංකැටේ සීල් කරලා යනවා නිලධාරීන්. පන්සලේ පිංකැටේටත් ගහලා ඉතිහාසගත වෙන ආණ්ඩුව මේකයි. ප‍්‍රතිපත්තියයි වැදගත් ළකුණ නෙවෙයි වැදගත්. එදා එක්සත් ජාතික පක්ෂයෙන් අස්වෙලා හදපු ශී‍්‍ර ලංකා නිදහස ්පක්ෂය අද යූ. ඇන්.පී. යට පාවාදීලා. ප‍්‍රතිපත්තිය රකින්නේ මෙතන. සියලූ වාමාංශක පක්ෂ මෙතනයි. එ් නිසා අපි මේ ආණ්ඩුව පරදන්න සූදානම් වෙමු. එ් සදහා ඔබේ සම්පුර්ණ සහාය දෙන්න. 
 
 
එ්කාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා 
මාතෘභූමියේ ආරක්ෂාට දේශපාලන නායකත්වය දුන්න මහින්ද මහත්තයා පසුගිය වතාවේ මේ මහා රැුළිය පැවැත්වීමේදී දියුණූ රටක් බවට රට පරිවර්තනයකරන්න පොරොන්දු වුනා. රනිල්ට බහුතරය තිබුනේ නැහැ. බහුතරය අපිට ගන්න තිබියදි මහින්ද මහතතයාව අගමැතති විදියටකැදෙව්වේ නැහැ. එක්සත් ජාතික පක්ෂෂයේ නායකයාවයි අගමැති කරලා ආණ්ඩුව පිහිටවූයේ. එ් අගමැති රට භාර ගත්ත හැමදාම රටට භයානක පියවරයි ගෙන තියෙන්නේ. ඊයේ පෙරේදා අහම්බෙන් 2002 බලය ගිහින් රනිල් ප‍්‍රභා ගිවිසුම අත්සනන් කරලා රට පාවාදුන්නා. දැන් එ් පරාජයට පත්වුනු රට බෙදීමේ වුවමනාවට අනුව රට බෙදන ෆෙඩර් ආණ්ඩුවකට පාර කපන්න. මේ ද්‍රෝහී යෝජනාව පරාජය කරන්න එ්කාබද්ධ විපක්ෂය එක හඩින් පෙනී සිටිනවා. ආහාර, වස්ත‍්‍ර නිවසා කියන මුලික දේවල් සහතික කරන්න බැරි ආණ්ඩුවක් වෙලා ඉවරයි. රට කඩා වැටිලා බංකොලොත් වෙලා. බදු බර වැඩි වෙලා. වෙනදා වගේ බත් පිගාන දරුවෝ එක්ක කන්න බැරි තැනට ගෙවල් පත් වෙලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ඡුන්දය පාවිච්චි කිරීමේ අයිතිය දිනාගනන්න අපි නොනවත්වාම කළ බලකිරීම නිසා පුංචි ඡුන්දය අද අපිට ලැබිලා තියෙනවා. 
අපි නිදහස් අද්‍යාපනයට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.රටේ වැඩ කරන ජනතාව දිනාගත් කම්නරු අයිතිවාසිකම් අහෙහා්සි කරන යෝජනාවක් ගෙනත්. මේවාට ඉඩ දුන්නොත් මව්බිම නැති මිනිස්සු විදියට මැරෙන්න වෙන්නේ. මේ ආණ්ඩුවට විසදුම් දෙන්න බැහැ. මේ ආන්‍ඩුව ඉවත් කරන්න අත්වැල් බැදගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානනත්වයෙන් කටයුතු කරනවා. අපේ මන්තී‍්‍රවරු වැඩි වුනා මසක් අඩු වුනේ නැහැ. ආණ්ඩුවට කියන්නේ වැරදි ගමනක යන ගමන නවත්වන්න නම් ඇති එකම මග මේ පොදු පෙරමුණ ජයග‍්‍රහණය කරවිමයි.අ පි ආණ්ඩවකට විරුද්ධ වෙලා රාජදෙ(ා්හින් වුනාට කමක් නැහැ. නමුත් දේශයට ද්‍රෝහීවෙලා දෙනෙත් පියාගන්න එපා. අද  යුගයේ ජිව්තවන ඔබයි දේශය ආරක්ෂා කරන්න ඉන්නේ. 
එ්කාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා 
2018 වසරේදී නියත වශයෙන්ම අගමැතිධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කරනවා. අද පරම්පරාාගත හොදම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂකාරයෝ ඉන්නේ මහින්ද මහත්තයා එක්ක. වත්මන් ජනාධිපතිතුමා එක්ක ඉන්නේ එහෙන් මෙහන් පැනපු පැරසුට්කාරයෝ. එස්. බී, මහින්ද සමරසිංහ, අප්පච්චි මළා, ඩිලාන් පෙරේරා මේ ඔක්කොම චිට් එකෙන් ආපු අය. එස්. බී ටී.වී එකේ කියනවා එ්කාබද්ධ විපක්ෂයේ අය අපි එක්ක ?ට ?ට කතාකරනවා. හෙට අනිද්දා බඩගාගෙන ජනාධිපතිතුමා ලගට එනවලූ. එයාට වෙන්නේ හතරගාතෙන් මහින්ද මහත්තයා ළගට එන්නයි. ජනතාවගේ කුතුහළයක් තියෙනවා මේ පර මුක්කු ගහයි කියලා. යූ ඇන්ත පී එක්ක ඉන්නකල් මුක්කු ගහන්න තියා හතර මායිමේ යන්නේ නැහැ.  ඕනම පක්ෂෙක නායකයා වෙන්න  ඕනේ මහින්ද මහත්තයා. ලේකම් වෙන්න  ඕන අපේ එකෙක්. බර්ටි හිටියා නම් ඉන්නෙත් මහින්ද මහත්තයා එක්ක.බර්ටිලා අපි දේශපාලනය කරන කොට ඔය දුමින්ද කොට කලිසමේ චූදාගෙන හිටියේ. අපි ආයේ රැුවටෙන්නේ නැහැ. මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් සියලූම පළාත්පාලන මැතිවරණ ජයග‍්‍රහණය කරනවා. 
ජාතික නිදහස් පෙරමුනේ නායක , පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ  මහතා 
අපි මේ හිටගෙන ඉන්නේ සොලි ආක‍්‍රමණිකයන්ගෙන් මව්බබිම නිදහස ්කරගන්න අපේ මුතුන් මිත්තෝ සටන් කරපු භූමියේ. ලෝවා මහා පෑය ඉදිකරපු ඉංජිනේරුවා බිහිවුන පොලව මත. දැනට හොයාගෙන තියෙන පැරණිතම රෝහල මිහින්තලා රෝහල. විශ්මිත වාර් තාක්ෂණය කළ පිංබිමයි. ජයසිරිමාබෝ සමිදුන් පාලවුනු රැුකගත් භූිමිය. සාගත ආවත් ජයශී‍්‍ර මහා බෝධිය රැුක ගත්තු මිනිසුන් බිහිවුනු. මහරජ ගැමුණුගේ පාපද පහස ලද පූජනිය අනුරාධපුර භූමියයි. එ් භූමියෙනුයි මේ ද්‍රෝහී ආණ්ඩුව ගෙදර යවන සටන අරඹන්නේ. මැතිවරණ කල් දැම්මටා තියන්න වෙන දවසක් එනවා. මැතිවරණ කල් දැම්මේ අපිව හිරේ දාලා යටත් කර ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. එ් බලාපොරොත්තු කඩවෙලා ඡුන්දය දෙන්න වුනා. එ් අභීයෝගයටයි අපි එකතු වෙලා ඉන්නේ. රට් ආර්ථිකය.්, දේශපාලන ස්ථාවරත්වයක්, සමාජීය සංහිදියාවත් එකම ලෙවල් එකකට ගෙනත් තිබුනා. මේ ආණ්ඩුව එතනින් පහලට රට ඇද දාලා. මේ ද්‍රෝහීආණණ්ඩුව දෙමල බෙදුම්වාදයට  ඕනේ විදියට රට බෙදන වැඬේට බැහැලා. ෆෙඩරල් ව්‍යවස්ථාව හදන වැැඬේර රනිල්ගේ ගෝලයන්ට පඩි ගෙවනවා. මේ පොලව යුද්දෙන් බෙදන්න බැරි බව ඔප්පු කළා. දැන්වික‍්‍රමසිංහය ව්‍යවස්ථාවෙන් රට බෙදන්න හදනවා. මේ රටට හතුරු කම් කරන්න පුළුවන් නම් ලොකුම හතුරුකම රණවිරුවෝ දිවිදුන් එ්කිය භාවය නැති කිරීමයි. 
මේ අපරාධය කරන්න ආණ්ඩුවට තවත් ඉන්න දෙනවාද. ව්‍යඏස්ථාවෙන් බෙදන්න හදන ගමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නාම්බෙක් ඇවිත් යුද හමුදාවේ අපරාධවලට සම්බන්ධ අය ඉන්නවා නම් අධීකරණවලට ගේනවාලූ. මංගල ප‍්‍රඥ්ප්තිය අත්සන් කරපු නිසයි එහෙම කරන්න පුළ්වන් වෙන්නේ. එ් නිසයි සුද්දා කියන්නේ උසාවි ගෙනියන බව. මේක තමයි ඉහළම පාවාදිම. යුද අපරාධකාරයා කියලා හංවඩු ගහනකල් බලන් හිටියෝත් පණ තිබුණත් මේ ජාතිය පණ නැති ජාතියක්.  කට ඇරියම ලොරි ටෝක්්. ජාත්‍යන්තරය ජයගෙන ඇත. තෙල් ටිකක් ඉල්ල ගන්න තැනක් නැත. ති‍්‍රකුණාමලයේ බාල තෙල් ගොඩබාමින් ඇත. මෙහෙමත් බෙලහින ආණ්ඩුවක්. දැනුයි තරුණයින්ට රාජපක්ෂ ආණ්ඩුව මොනතරම් ස්මාර්ට්ද කියලා. තෙල් නැව ආවේ නැත්නම් අපි අනුරාධපුරේ ඇවිල්ලත් ඉවරයි. රජරට ගොවියා අසරණයි. උතුරේ ණයගෙවා ගන්න බැරිව වහ කනවා. මුන් බලය බෙදන්න හදනවා. මංගල පින්සිරි නල්ල මලේ අයවැයක් ගෙනාවා. ගොවි ජනතාවට රාජ්‍ය සේවකයාට විදේශ ගත ශ‍්‍රමිකයාට කිසිවක් නැත. ඇත්තේ බියර්  බීම සදහා අනුග‍්‍රහය දිම පමණි. මේවගේ අයවැයක් මිට කළින් ඇවිත් නැහැ.
2014 ට වඩා රුපියල් බිලියන 984කින් බදු බර ඉහළ ගිහින්. 2014ට වඩා එක පුද්ගලයෙක් අලූතෙන් එක්ලක්ෂ විසිදහසක් ගෙවන්න වෙනවා.  මේ රටේ මැද පන්තිය හම්බ කරලා බදු ගෙවන එකයි කරන්නේ. රාජපක්ෂ ජනාධිපතිතුමා සාමය ස්ථාවරභාවය ගෙනාවාම ලංකාව නැගිටින එක නවත්තන්නයි මේ දෙන්නා බලයට ගෙනාවේ. ණය ගත්තාට කරපු ඉටිගෙඩියක් නැහැ.මේ බදු පැනවුවාම මුලූ බදු ආදායම රුපියල් බිලයන 2034යි. ඔන්න වෙනස. කන්න බදු පොරියල්. නඩත්තු කරන්න මේ රට පාවාදෙන පරපුටු තන්ත‍්‍රය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට  ඕනේ මේ රටේ ආර්ථිකය වට්ටන්න. ආර්ථිකය බෙලිහීන වෙන කොට රටම විජාතික කොළණියක් වෙනවා. ජාතියේ අවසානය එ්කෙන් ලියවෙයි. මේ අපරාධය වෙනකල් බලන් ඉන්න බැහැ. දැන් මැතිවරණ කොමාසාරිස් බෝලේ මැද මැද ඉදලා දනය කියපු ගමන් ලැම්බෝගිනි, රත්තරන් අස්වයෝ, තාජුඞීන් එළියට එනවා. මොන පිල්ලි නැටුවත් අපි එකා වගේ එක අරමුණකට වැඩකරලා මේ ඡුන්දය දිනවමු. ගෙදර පලයව් කියන පණිවිඩය ආණ්ඩුවට දෙන්න. 
පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. චන්ද්‍රසේන මහතා
අපි අද මේ සටන ආරම්භ කරන්නේපුරුදු වෙන්න නෙවේ. ජයසිරිමා බොධීන් වැදගෙන එදා 2005 දී ඇරඹූ සටන ජයග‍්‍රහණය කළාට පස්සේ අපි මැතිවරණ කල් දැම්මේ නැහැ. මේ පූන්‍යභූමියනේ සියලූ කටයුතු ඇරඹූවා. රජරටට රජෙක්  ඕනේ කියද්දි රජරට ජනතාව රැුවටුනේනැහැ. ජනාධිපතිවරණයේදී රජරට අපි මහින්ද රාජපක්ෂ මහත්තයාව ජයග‍්‍රහණය කෙරෙව්වා. ඊට පස්සේ දින 100 ආණ්ඩුව යටතෙත් මහිනද් රාජපක්ස මහතා වෙනුවෙන් අනුරාධපුුර ජයග‍්‍රහණය කළා. අද මැතිවරණයට යන්න සිද්ධ වෙලා මේ ආණ්ඩුවට. ගැසට් පත‍්‍රය 12ට පෙර ගහන නිසා මැතිරවණය සදහා කරන රැුස්විමක් කරමු කියන යෝජනාව මහින්ද මහත්තයා කළා. එ් පණිව්ඩය ජනතාව අතරට යාමත් සමග ආරම්භක වෙඩිමුරය සල්ගාදු පිටියෙන් තියන්න අපේ ජනතාව සහයෝගය දී තිබෙනවා. 
අද රාජ්‍ය බලලය නැති වුනත් ජනතාව මහින්ද මහත්තයාට සලකන්නේ මේ රටේ රජතුමා විදියටයි. සොභාවික පරිසරයත් ඔබතුමා වෙනුවෙන් පෙනි සිටිනවා. අපේ නගර සභාවයි ප‍්‍රාදේශිය සභා 18යි අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය කරනවා. 
ප‍්‍රජාතතන්ත‍්‍රවාදි වාමාංශික පෙරුමනේ ප‍්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා 
පළාත් පාලන ඡුන්දයකට ළගයි. ෆයිසර් මුස්තාපා තටමමින් සිටි ගැසට් පත‍්‍රය අද පලවුනා. දැන් මැතිවරණ කොමිෂමේ කි‍්‍රයාදාමය ඇරඹෙනවා. මේ ඡුන්දය ඉබේ ආවා නෙවේ. අපි නුවර ඉදන්් පාගමන් ඇවිත්, ගෝල්ෆේස් පිටියේදි අභියෝග කළා, අමාත්‍යංශය වටකරලා පොරොන්දු ගත්තා. එ් විදියටයි මේ ඡුන්දයට සමීප වුනේ. මේ මංගල රැුළිය පවවත්වන්නේ පළාත් පාලන මැතිවරණයේ ජයග‍්‍රහණය අහන්නට ලැබෙවි යන අදහස ඇතිවයි. කිසිම රසක්, පාටක් නැති තව දුරටත් ජනතාවට බර පටවන අයවැයක් ඇවිත්. හාල් පොල් 100යි ජිවත් වෙන්න බැහැ කිව්වම යන්න එන්න පුංචි කාර් දෙන්න යනවා. බියර් ටින් එකේ මිල අඩු කරලා. ප‍්‍රංශයේ මහා විප්ලවය වූ වදියේ ජනතාව පාරට ඇවිත් අපිට පාන් දියව් කිව්වම මාරි ඇන්ටොනොව් කිව්වා පාන් කන්න බැරි නම් කේක් කාපල්ලා කිව්වා. කිසිම දෙයකක් ගැන වගක් නැති මේ ආන්‍ඩුව අයවැයෙන් සියලූ ජාතික සම්පත් විදේශීය බලවේගවලට යටත් කරන්න යනවා. එ් බව අයවැයේ වගන්තියෙන් වගන්තියට කියලා තියෙනවා. නිදහස් අයිතිවාසිකම් සියල්ල අපිට මිලදි ගන්නයි වෙන්නේ. මිල පාලනයක් කරන්නේ නැහැලූ. එ්ක නිසයි හාල් පොල් 100ට යන්නේ. මේක තමයි උග‍්‍ර ධනපතිවාදය. මේහවුල් ආණ්ඩුවේපක්ෂ සියල්ලම අපි අද ඡුන්දයකට කොටු කරලා. දැන් තියෙන්නේ හතරගාතෙන් වැටෙන්න තදබල පහරක් දීමටයි ජනතාව සූදානම්  වෙන්න තියෙන්නේ. 
පාර්ලිමේන්තු මන්තී‍්‍රනී පවිත‍්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය.
ෆේස්බුක් එකේ හොද හොද කතා තියෙනවා. නැව් දෙකක් එනකල් බලන් හිටපු කතාව එකක්. ශී‍්‍ර මහා බෝධිය වඩම්මනකල් බලාගෙන හිටියට පස්සේ බලාගෙන හිටියේ තෙල් නැව එනකල්ලූ. අද මේ ආණ්ඩුව අපිට ප‍්‍රශ්න අමතක කරන්න උප්පරවැට්ටි දානවා. .ලංකා ඉතිහාසයේ වුනු ලොකුම හොරකම වෙනුවෙන් රනිල් වික‍්‍රමසංහ කූඩුවට නගින්න දවස් හතරක් තියෙද්දි තෙල් නැවක ප‍්‍රශ්නයක් රටේ ඇති කරනවා. සයිටම් ප‍්‍රශ්නය හදන්නෙත් ආණ්ඩුව. ජනතාව දුක් විදින ප‍්‍රශ්නවලින්ම ජනතාව අමතක කරන්න ආණ්ඩුව හදනවා. ලංකා  ඉතිහාසයේ ජිවත්වෙන්නම බැරි යුගය මේකයි. අද ජිවත් වෙන්න තියෙන අමාරුව  කාන්තාවන් දන්නවා. ජිවත් වෙන්න බැරිව වහදාලා අයිස්කි‍්‍රම් දිලා මැරෙන තත්ත්වයක් ඇති කලේ මේ වැඩ බැරි ආණ්ඩුවයි. මහින්ද මහත්තයා දුන්න පොහොර සහනාදාරය නැහැ. බඩ ඉරිගුවලට මිලක් නැහැ. වී කිලෝව රුපියල් 50ට මනින්නේ නැහැ. අපිට වැඩ කරන කොට ඉහළින් බලපපෑම් කියලා ආණ්ඩුවේ ඇමැතිවරුන්ම කියනවා. හොදයි කියන ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේකද. අනිත් පැත්තෙන් ජනාධිපති කියනවා ආණ්ඩුවේ මිනිස්සු මට විරුද්ධයි ආණ්ඩු ඇතුලෙන්ම මට ප‍්‍රශ්න හදනවාලූ. මේක ආණ්ඩුවක්ද. කුණූ කදු පිපිරිලා මිනිස්සු මැරෙන්න හදන ආණ්ඩුව ලෝකයේ අත්හදා  බලන ති‍්‍රවිල් මේ රටට ගේන්න හදනවා. අද රුපියල් 1000ට සත 25ක බද්දක් ගහලා මැදමුලන  බද්දලූ. එ්ක ආණ්ඩුවේ නොහැකියාව හෙරකම් නිසා කරපු බැදුම්කර බද්දයි. ෆී වයි ෆයි ගැන කියලා අද කුළුණු වලටත් බදු ගහනවා. පළෘත් පාලන මැතිවරණය ආණ්ඩු පෙරලන මැතිවරණයක් කර ගනිමු. ඊළග සියලූ මැතිවරණ ජයග‍්‍රහණය කර මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් ආණ්ඩුව මේ වසරේදීම ගන්නවා. 
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගිතා කුමාරසිංහ මහත්මිය 
පෙලි ගන්න එකේ සිමාව ඉවරයි. පුච්චලා මරන්න බැරිකොට මන්තී5කම ගත්තා. එ් මන්තී‍්‍රකම නැති වුනා කියලා ගිතා කුමාරසිංහ ඉදිරියටත් එ්කාබද්ධ විපක්ෂයටයි සහාය දෙන්නේ. ජනතාවගේ ගෞරවය රකිමින් ජනතාවගේ ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට ගියේ. අද කාන්තා ප‍්‍රතිශතය නංවනවා කියලා දකුණු පළාතටම හිටපු එකම කන්තාව එළියට දැම්ම එකයි කලේ. මන්තී‍්‍රකම උදුරා ගත්තාට මම ඔබලා හැමදාම ආදරය කරපු ගිතා කුමාරසිංහ.ප‍්‍රාදේශීය සභා ඡුන්දය දවසට අපි අපේ බලය පෙන්වනවා. මගේ අම්මා ටික දිනකට පෙර මිය ගියා. පාර්ලිමේන්තුවට පත්වුනු දවසේ අම්මා කිව්වා යන්න පාර්ලිිමේන්තුවට. හැබැයි වරප‍්‍රසාද වරදානවලට තැන නොදී ජනතාව ලග ඉන්න කිව්වා. මට ඇමැතිකම් දෙන්න කතා කළාට මම ගියේ නැහැ. කාන්තාවන්ගේ අභීමානය රකිමින් මම හරි තැන හිටගත්තා. 
ශී‍්‍ර ලංකා පොදුජන පෙරුමණේ නායක ජී. ඇල්. පිරිස් මහතා 
අද අපේ රටේ අදහා ගන්න බැරි තත්ත්වයක් ඇති  වෙලා. ජනාධීපතිතුමා ඇයවැය ලේඛණයේ බියර් සම්බන්ධයෙන් සහන දිමට විරුද්ධයිලූ. එ් කියන්නේ තමන්ගේ රජයේ අයවැයටයි විරුද්ධ. මේ අයවැය  සම්පූර්ණ ප්‍රෝඩාවක්. 
පිවිතුරු හෙල උරුමය වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් සුගීස්වර මහතා, ප‍්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණ නියෝජනය කරමින් අබ්දුල් සල්බායි, ජාතික විශ්ව විද්‍යා ආචාර්ය සංගමයේ ලේකම් චන්න ජයසුමන,  ශී‍්‍ර ලංකා මහජන පක්ෂයේ ප‍්‍රධාන ලේකම් පළාත් සභා මන්තී‍්‍ර අසංක නවරත්න මහතා, ලංකා සමසමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා, ද මෙහිදී කතා කළහ. 

ඇමරිකාවේ සකසා ලංකාවේ ආණ්ඩුවට යවල – ඇමරිකානු කොංග‍්‍රස් මන්තී‍්‍ර ඬේවිඞ් ප‍්‍රයිස්

ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු ව්‍යවස්ථාව ඇමරිකාවේ සකසා ලංකාවේ ආණ්ඩුවට යවා ඇතැයි ඇමරිකානු කොංග‍්‍රස් මන්තී‍්‍ර ඬේවිඞ් ප‍්‍රයිස් මහතා ලංකා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර නියෝජිත පිරිසකට පවසා තිබේ. 

ඔහු මෙලෙස පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේන් ඇමරිකාවට ගිය නියෝජිත පිරිසක් සමඟ පැවැති සාකච්ඡුාවක් අතරතුරදිය.

එම නියෝජිත  පිරිසට ඇතුළත්ව ඇත්තේ අමාත්‍ය වසන්ත අලූවිහාරේ, එ්. සරවනභවන්, අනුරාධ ජයරත්න, බුද්ධධික පතිරණ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන පාර්ලිමේනතු මන්තී‍්‍රවරුන්ය. 

මෙම නියෝජිත කණා්ඩායම සිටි මන්තී‍්‍රවරුන් අතර වැඩි පිරිස ආණ්ඩුවට සම්බන්ධ මන්තී‍්‍රවරුන් වන අතර එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරයෙක් වශයෙන් සිට ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මන්තී‍්‍රවරයා පමණි.

ඇමරිකාවට ගිය ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු නියේජිත පිරිසට කොංග‍්‍රස් මන්තී‍්‍ර ඬේවිඞ් ප‍්‍රයිස් කෙළින්ම සදහන් කර ඇත්තේ නව ව්‍යවස්ථාවේ අවසාන කෙටුම්පත ශී‍්‍ර ලංකා ආණ්ඩුවට දැනටමත් යවා ඇති බවයි.

එහිදී අදහස් දැක්වා ඇති ඬේවිස් ප‍්‍රයිස් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ශී‍්‍ර ලංකා පාර්ලිමේනතුවේ සියලූ දෙනා එය පිළීගෙන ඇතත, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන එ්කාබද්ධ විපක්ෂය පමණක් ඊට විරුද්ධව ඇති බවයි.

නියෝජිත කණ්ඩායමේ සිටි සියලූ මන්ති‍්‍රවරුන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නන් යැයි සිතා ඬේවිඞ් ප‍්‍රයිස් අදහස් දක්වන බව තේරුම් ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා එ් අවස්ථාවේදී වහා නැගිට සඳහන් කර ඇත්තේ තමන් මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම නියෝජනය කරන බවයි.

ලබන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මන්තී‍්‍රවරුන් විශේෂ පරික්ෂාවකට

ලබන වසර සඳහා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බ‍්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතය. 
ඊට පෙර දින  පාර්ලිමේන්තුවේ සියළු කාමර ,මන්තී‍්‍රවරුන්ගේ ඇඳ කාමර,ආදිය විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට නියමිත බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටියේය. 
 
අය වැය ඉදිරිපත් කරන දින මහජන ගැලරිය සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර ඊට ඇතුල් විය හැක්කේ විශේෂ ආරිධිත අමුත්තන්ට පමණි. 
එම සියලූම ආරාධිතයින් පස්වරු 2 පමණ වන විට පාර්ලිමේන්තුවට පැමිණීය යුතු අතර ඔවුන්ගේ වාහන පාර්ලිමේන්තුවට ඇතුල් කිරීමට හැකියාවක් නොමැත. 
අමුත්තන්ගේ ගමන් පහසුව සඳහා පාර්ලිමේන්තු ප‍්‍රධාන පිවිසුමේ සිට විශේෂ රථ වාහන සැළැස්මක් කි‍්‍ර‍්‍රයාත්මක කිරීමටද නියමිතය. 
ඊට අමතරව එදින පාර්ලිමේන්තුවේ රථගාල සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර මන්තී‍්‍රවරුන්ගේ සියලූ වාහන ජයන්තිපුර රථගාල වෙත යැවිය යුතුය. 
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු විසින්ම පදවා ගෙන එන වාහන අදාල මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවට ඇතුළූ වූ පසු පාර්ලිමේන්තු රියදුරන් විසින් එම වාහන ජයන්තිපුර රථගාල වෙත ගෙන යාමට නියමිතය. 
 
එදින පස්වරු 3ට පමණ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අයවැය කතාව ආරම්භ කිරීමට නියමිත අතර ඔහු අමාත්‍ය්‍යධූරයට පත්වූ පසු ඉදිරිපත් කරන පළමු අයවැය කතාව මෙය වීමද විශේෂත්වයකි. 
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද එදින පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය. 

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන්

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා පත්කළ ජනාධිපති කොමිෂමේ සාක්ෂි විභාග ඊයේ (17) අවසන් විය. 
 
මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් සාක්ෂි විමසීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් අගමැතිවරයා කොමිෂම හමුවට කැදවන බව කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත‍්‍රසිරි මහතා ඊයේ පැවසීය.
 
කොමිෂම හමුවේ අවසානයට ඊයේ සාක්ෂි දුන්නේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස්ගේ පුද්ගලික ලේකම් ස්ටීල් සැමුවෙල් ය.
 
මේ අතර මීට පෙර බැදුම්කර කොමිෂම හමුවේ සාක්ෂි දුන් අනිකා විජේසුරිය නැමැත්තියට හිටපු මුදල් ඇමැතිවරයාගේ සමීපතමයෙකුගෙන් මරණ තර්ජන එල්ල වන බව පවසමින් ඇය විදෙස්ගතව ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව කොමිෂම හමුවේ සදහන්කලේය.
දේපල වෙලදාම් සමාගමක අධ්‍යක්ෂක ධූරයක්ද හෙබවූ ඇය එම සමාගමේ ඔවුන්ට අයත් 63.9% ක් වූ කොටස් කොටස් වෙලදපොලේ විකුණා දැමීමට ද පියවර ගෙන තිබේ. 
 
පර්පෙචුවල් ටෙෂරිස් සමාගමේ හිමිකාර අර්ජුන ඇලෝසියස් රුපියල් ලක්ෂ 116ක් ගෙවමින් මහල් නිවසක් කුළි පදනම මත ගෙන එය හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයකට ලබාදුන් බවට බැදුම්කර කොමිෂම හමුවේ සාක්ෂි දුන්නේ අනිකා විජේසූරියයි. 
 
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටි. චිත‍්‍රසිරි මහතාගේ සභාපතීත්වයෙන් හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න සුජිව ජයවර්ධන, විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමී වේලූපිල්ලේ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පත්කෙරුණු මෙම කොමිෂමේ කාලය මාස තුනක් වුවද එම කාලය ඇතුලත කොමිෂමේ කටයුතු අවසන් කිරිමට නොහැකි වීම හේතුවෙන් අවස්ථා දෙකකදී කොමිෂමේ කාලය දිර්ඝ කිරීම පියවර ගෙන තිබිණි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලූවේදී දෙමල ඩයස්පෝරාව හා ගොලීය සංසදය අතර උනුසුම් තත්වයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලූවේ 36වන සැසිවාරයට සමගාමීව ”ශ‍්‍රී ලංකාවට එරෙහි  ජිනීවා යෝජනා වල නීත්‍යානුකූල බව ” යන මාතෘකාව යටතේ පැවති සම්මන්ත‍්‍රණයකදී කොටි හිතවාදීන් හා ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ  සාමාජිකයන් අතර උනුසුම් තත්ත්වයක් ඇතිවිය. 
මෙහි ප‍්‍රධාන දෙශ්ණය රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් පවත්වන ලද රටවල් ගනනාවක් නියොජනය කරමින් ශ‍්‍රී ලංකිකයන් සම්මන්ත‍්‍රණයට එක්වී සිටියහ. 
බි‍්‍රතාන්‍ය ජාතික ඬේවිඞ් බෙලී විරෝධතා වක් මතුකරමින් කියාසිටියේ ලංකාවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් තවත් හිටපු හමුදාපතිවරයෙකු   වන ජගත් ජයසූරිය යුධ අපරාධ කර ඇති බව පීලිගෙන ඇති  බවයි. 
එසේම තමිල් චෙල්වම්ගේ බිරිඳ  එදා රජයට පක්ශව සම්මුඛ සාකච්ඡුා දුන්නේ බල්පෑම් යටතේ  බවද ඔහු පැවසීය.  මීට පිලිතුරු දුන් ආචාර්ය නාලක ගොඩහේවා ප‍්‍රශ්න කලේ ඬේවිඞ් බෙලී මෙහි පැමින මානව හිමිකම් ගැන කතාකරන්නේ  ඩයස්පෝරාව විසින් ගෙවන මුදල් නිසා නොවේද කියායි. 
තමිල් සෙල්වම්ගේ බිරිද අද මානව හිමිකම් කොමිසමට පැමින බොරුකියන්නේත් එදා හමුදාව වෙනුවෙන් පෙනී සිටි සරත් ෆොන්සේකා අද මෙවැනි ප‍්‍රකාශ කරන්නේත් මුදලේ බලයට යටවී යැයි පෙන්වාදුන් නාලක ගොඩහේවා පෙන්වා දුන්නේ එදා යුද පිටියේ සිදුවූ සියලූ දේ වාර්තා කරන්නට මාධ්‍ය වෙදින් සිටි බවත් තමිල් චෙල්වම්ගේ බිරිද මෙන්ම සුසෙගෙ බිරිදත් හමුදා අතඩංගුවට පත්වූ විට හමුදාව එය රහසක් වශයෙන් තබාගත්තේ නැති බවත්ය 
සුහන්දරන් නැමත් දෙමල ඩයස්පෝරව නියොජිතයා චැනල් 4 වාර්තා සදහන් කරමින් යම් යම් සිද්ධීන් ගැන ප‍්‍රශ්න  කල විට ගෝලීය සංසදයේ නියොජිතයන් උදාහරණ  සහිතව පෙන්වා දුන්නේ මෙම මාධ්‍ය  ආයතනය දෙමල ඩයස්පෝරාවෙන් යැපෙන හොරනැවක් බවය. 
මේ සිදුවීම් කිහිපයක් ගැන ප‍්‍රශ්න  අසන සුහන්දරන් එල් ට් ට් ය නිරායුද පොලිස් නිලධාරීන් 600 වෙඩිතබා මරණ  විට සිටියේ කොහේද කියා ඔවුහු පෙරලා ප‍්‍රශ්න කලහ

අලුත් පක්ෂයක් හදනවානම් නම්බුකාර ලෙස ශ්‍රීලනිපයෙන් ඉවත් වන්න – මහින්ද අමරවීර

අලුත් දේශපාලන පක්ෂයක් හදනවා නම් දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සිටින එකී වුවමනාව ඇති පිරිස නම්බුකාර ලෙස ශ්‍රීලනිපයෙන් ඉවත්විය යුතු බව  ධිවර අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.

දික්ඹ්විට ධිවර වරායේ පැවැති උත්සවයකට එක් වූ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්  අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර ඇති බව පැවැසූ ඇමැතිවරයා සියලු දෙනා පක්ෂයේ තබා ගන්නවා මිස කිසිවකු ඉවත් කිරීමට අදහසක් නැති නමුත් වෙනත් පක්ෂ හදන අය අයින් කරන්නට සිදුවන බවද පැවැසීය.

සිල්රෙදි බෙදාදීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයට පෙත්සමක්

කුත් ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි හැටක සිල්රෙදි බෙදාදීමේ චෝදනාවට වැරදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහත්වරුන් සම්බන්ධයෙන් මහහාධීකරණය දුන් තීන්දුවට එරෙහි අභියාචනා පෙත්සමක් ඊයේ (11) අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇත. 
කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් තිබූ සිල්රෙදි බෙදාදීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ තින්දුව පසුගිය 07 වැනිදා ප‍්‍රකාශයට පත් කළ අතර එහිදී ලලිත් වීරතුංග මහතාට සහ අනූෂ පැල්පිට මහතාට බරපතල වැඩ සහිත වසර තුනක සිර දඩුවම් හා ලක්ෂ විස්ස බැඟින් වූ දඩයක් නියම කෙරිණි.
මෙම අභියාචනා පෙත්සම ගොනු කිරීමත් සමඟ අභියාචනාධිකරණ පෙත්සම විභාග කරන තුරු මොවුන්ට ඇප ඉල්ලා සිටීමේ අවස්ථාව හිමිවන හෙයින් අභියාචනය විභාග කරන තෙක් ඇප ලබා දෙන ලෙස වූ ඉල්ලීමක්ද ඊයේ නිතිඥවරු විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබේ. 
ඇප ඉල්ලීම තහවුරු කිරීම සදහා හෙට දිනයේ මහාධිකරණය හමුවේ කරුණ ඉදිරිපත් කිරීමටද නීතීඥවරුන් අදහස් කර තිබේ. 

පක්ෂයේ ස්වර්ණමය යුගය හදපු නායකයාට සංවත්සරයට ආරාධනා කරන්න මතක් වෙන්නේ අහම්බෙන් – මහින්ද රාජපක්ෂ

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය හදපු නායකයාට පක්ෂ සංවත්සරයට ආරාධනා කරන්න කට්ටියට මතක් වෙන්නේ අහම්බෙන් වගේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.
 
එ් මහතා මෙසේ පැවසුවේ රජ්ගම හලවස්සාගොඩ මහා මණඩලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකර ලද හිටි පිළීම වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට එක් වෙමිනී.
 
පක්ෂ සංවත්සරයට එන්නයි තමන්ට ආරාධනාව ලැබුනේ පසුගිය 31 වැනිදා යැයිද එ් මහතා පැවසීය. 
‘අපි වැඩ නැති මිනිස්සුද. රට පුරා හැම තැනකම මේ වෙනකොටත් උත්සව භාරගෙන තියෙන්නේ ’ යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා එහිදී සදහන්කලේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මන්තී‍්‍රවරු 56ක් සමග භාරදුන් පක්ෂය මන්තී‍්‍ර 127ක් කර, පළාත් සභා සියල්ලත් ශී‍්‍රලනීපයට දිනා දුන්නේ තමන් යැයිද එ් මහතා කීවේය. 
 
පක්ෂයේ ශක්තිමත්ම යුගය අමතක කර දමා, පක්ෂය වෙනුවෙන් කැපවුනු අයට නොමිනේෂන්වත් දෙන්නේ නැතැයි කියන විට ජනතාව සමග දේශපාලනය කිරීමට සිදුවන බවද එ් මහතා කීවේය.