ශ්‍රීලනිපයේ 5කට සාමාජිකත්වය අහෝසියි

රී ලංකා පොදුජන පෙරමුනට සහ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දුන් නිදහස් පක්ෂ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ සාමාජිකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අත්හිටුවා තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුනි සොයිසා, එස්.බී. දිසානායක, ඩිලන් පෙරේරා සහ ඒ.එච්.එම්. ෆවුසි යන සාමාජිකයින්ගේ සාමාජිකත්වය අත්හිටවු බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුනි සොයිසා, එස්.බී. දිසානායක සහ ඩිලන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  වෙතින් සාමාජිකත්වය ද විජිත් විජයමුනි සොයිසා සහ ඒ.එච්.එම්. ෆවුසි එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කර තිබෙනවා

මුරලිගේ ජන්ද කතාව

මේ අතර මේ රටට ඕනේ ආදර්ශමත් සහ ජනතාවට විශ්වාස නායකයකු බවත් තමන්ගේ ඡන්දය ලැබෙන්නේ එවැනි නායකයකුට පමණක් බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති වියත් මග සමුළුවට සහභාගී වෙමින් මේ බව සඳහන් කළා.
“නායකයකු වුණාම හැමෝටම ආදර්ශයක් වෙන්න ඕනේ. කතා කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. වචන හරි ලස්සනයි. හැබැයි ආදර්ශයක් වෙන්න හැමෝටම බැහැ. එය ඉතා දුෂ්කර සහ අමාරු කාර්යයක්. මිනිස්සු විශ්වාස කරන්නේ ආදර්ශයක් වුණොත් විතරයි. මට මේ රටට ඕනේ එහෙම නායකයෙක්. මගේ ඡන්දය හම්බවෙන්නේ එහෙම නායකයකුට පමණයි. නායකයා ලෙස තෝරා ගන්නා ඕනෑම පුද්ගලයකුට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙන්නත් පුළුවන්, ඕනෑම නායකයකුට විසඳන්න ප්‍රශ්න රැසක් තිබෙනවා. ඔවුන් තමයි ප්‍රශ්න විසඳන්න ඕනේ. නායකයෝ දෙවියෝ නෙමෙයි. ඔවුන් ඔබේ ප්‍රශ්න විසඳන්න කැමැතියි. ඔවුන් රටේ ප්‍රශ්න විසඳන්න කැමතියි. ඔවුන් ඔබට සේවය කරන්න කැමතියි. රට ආරක්ෂා කරන්න කැමතියි. ඒවා තමයි වැදගත්.
අපේ රටේ ආගම්, ජාතීන් රැසක් ඉන්නවා. නායකයාට මේ හැමෝම එකයි. තාත්තා කෙනෙක් වගේ. තාත්තා කෙනෙක් දරුවන්ට සලකනවා වගේ. තාත්තා දුවද පුතාද බලන්නේ නැහැ. පළවෙනි දරුවද දෙවැනි දරුවද කියලා වෙනසක් කරන්නේ නැහැ. හැමෝටම ආදරෙයි. අපිට නායකයා විදියට ඉන්න ඕනේ ඒ වගේ පුද්ගලයෙක්.ඒ වගේම ඔහුට නිවැරැදිව සහයෝගය ලැබෙන්න ඕනේ. රට විශාලයි. අංශ ගණනාවක් තිබෙනවා. ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.
සමාජ ප්‍රශ්න, කාන්තාවන්, සුබසාධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. එක මනුස්සයකුගේ මොළයකට මේ සියල්ල කරන්න බැහැ. ඔහුට කණ්ඩයාමක් ඕනේ. අපිට ඕනේ කණ්ඩායමක් පාලනය කරන්න පුළුවන් නායකයෙක්. අණ කරන, අණ දෙන කෙනෙක් නෙමෙයි පාලනය සහ කළමනාකරණය කරන කෙනෙක්. නායකයා කියන දේ විශ්වාස කරන සහ ඒ ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් කරන කණ්ඩායමක් තමයි අපිට ඕනේ. රට වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම් කියලා සමහර අය කියනවා මට ඇහිලා තියෙනවා. මම නම් කියන්න කැමැති නැහැ. ඇයි ඔබ මැරෙන්නේ? ඔබ රට පාලනය කළ යුතුයි. ඔබට රට පාලනය කිරීමේ වගකීමක් තිබෙනවා. මට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් දෙන්න.
මං මැරිලා හරි විකට් ගන්නම්. ඔබ මැරුණොත් විකට් ගන්නේ කවුද? ඒක නෙමෙයි හරි ක්‍රමය. ඔබ තීරණ ගන්න ඕනේ. නායකයකු වුණාම ස්මාර්ට් වෙන්න ඕනේ. උපදෙස් ගන්න ඕනේ, හරි වුණත් වැරැදි වුණත් නායකයා තමයි තීරණ ගන්න ඕනේ. අපිට ඕනේ ඒ වගේ නායකයෙක්. අපේ රටේ ප්‍රශ්න රැසක් තිබෙනවා. ඒ නිසා අපිට ඕනේ ඒ වගේ නායකයෙක්. මම හදවතින්ම ඒ වගේම නායකයෙකුට සහයෝගය දක්වනවා. මම දෙමළ ජාතිකයෙක්. මම බය කියන්නේ මොකක් ද කියලා හොඳට දන්නවා. පාකිස්තානයේ දී වැඩි වැදුණාම තත්පර දෙකකට මට බය මොකක්ද කියලා දැනුණා. එතකොට හමුදා සාමාජිකයෝ යුද්ධයට යනවා. අපේ තත්පර දෙක වගේද ඒ බය. සොල්දාදුවෝ කොතරම් දුෂ්කර කාර්යයක් කරනවාද? මිනිස්සු මේ රට වෙනුවෙන් කැප කිරීම් කරනවා. අපි හැමදේම ඇපයට ගන්නවා. බය කියන්නේ පුංචි දෙයක් නෙමෙයි. එය මහ විශාල දෙයක්.
අපි බයෙන් ජීවත්වුණා. 72 දී, 77 දී. මගේ තාත්තට කඩු පහරවල් වැදුණා. තාමත් ඔහුගේ පිටේ මැහුම් පාරවල් තියෙනවා. අපේ ගෙවල්වලට ගිනි තිබ්බා. සියයට 80ක් ඉන්දියාවට ගියා. මම ශ්‍රී ලාංකිකයෙක්. මට මේ රටින් යන්න ඕනේ නැහැ. ඒ කාලයේ ආණ්ඩුව කරපු දේවල් වැරැදියි. එල්.ටී.ටී.ඊය කරපු දේවලුත් වැරැදියි. ඔවුන්ට තේරීමක් තිබුණා. අන්තිමට වුණේ මොකක්ද? අහිංසක මිනිස්සු සැමන් වගේ තැලුණා පොඩි වුණා. දෙමළ මිනිස්සු විතරක් නෙමෙයි, හැමෝම. 97, 98 දී මම හිටියේ පැලවත්තේ. මම කවදාවත් පාර්ලිමේන්තු පාරෙන් ගියේ නැහැ. අපි වටේට ගියා. බෝම්බයක් පිපිරෙයිද කියලා බයෙන් ජීවත් වුණා. කොළඹ වුණත් එහෙමයි.
2009 දී වෙනසක් වුණා. බෝම්බයක් පිපිරෙන්නේ නැතිව නිදහස් යන්න පුළුවන් හැඟීමක් ඇතිවුණා. අද ආයේත් අපේ හිත්වලට බයක් ඇතිවෙලා. ඒ නිසා මේ මැතිවරණයේදී වැදගත් වෙන්නේ ජනතාවට ආරක්ෂාව දෙන්නේ කවුද කියන එකයි. නිදහසේ ජීවත්වීමට පරිසරය හදන නායකයෙක්. ඒ වගේ නායකයෙක් විතරයි මට ඕනේ. ගොඩක් අය ඒවි. මං නම් කියන්න ඕනේ නැහැ. ඒ වගේ නායකයෙක් දැක්කොත් මම ඔහුට ඡන්දය දෙනවා. කවුද කියලා මම කියන්නේ නැහැ. ඒක ඔබේ තේරීම. මම කියනවා ඔහු කලින් දේශපාලනඥයෙක් විය යුතුයි. නායකයා කියන පුද්ගලයා දේශපාලනඥයකු විය යුතුමයි. මේ රටේ මිනිස්සු වැරැදි පාරවල්වල යනවා. ව්‍යාපාරිකයෝ එනවා. විසඳන්න බලන්න ගොඩක් දේවල් තියෙනව ද? ව්‍යාපාරිකයාට පුළුවන් ද? ක්‍රිකට් ක්‍රීඩකයෝ, ඔවුන් මොනවද දන්නේ? හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. හොඳ මහත්මයෙක් වෙන්න පුළුවන්. රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගොඩක් දේවල් කරලා තියෙන්න පුළුවන්.
එහෙත් ඔහු මොනවද දන්නේ? මට වුණත් එච්චරයි. මාව තෝර ගත්තොත්, මට වුණත් එච්චරයි. මම හොඳ නායකයෙක් නෙමෙයි. මං දන්නේ ක්‍රිකට් ගහන්න විතරයි. මං ව්‍යාපාර ගැන ටිකක් දන්නවා. මං දේශපාලනය ගැන කිසිදෙයක් නැහැ. දේශපාලනයේ අත්දැකීම් තියෙන්න ඕනේ. වයස හරි වෙන්න ඕනේ. අවුරුදු 20, 30 ක, 40ක අත්දැකීම් තියෙන්න ඕනේ. රට වෙනුවෙන් සේවය කරලා තියෙන්න ඕනේ. දේශපාලන අත්දැකීම් තියෙන්න ඕනේ. දෙයක් කරලා තියෙන්න ඕනේ. අපි බලා ඉමු. නාම යෝජනා දේවි, මැතිරවණ කොමිෂන් සභාව ඒ නම් නිවේදනය කරාවි.
එතකොට අපි බලමු කවුද හොඳ නායකයා කියලා. තේරීම තිබෙන්නේ ඔබේ. එතකොට ඔබේ නායකයා තෝරාගන්න. රටට දෙයක් කරලා තියෙන කෙනෙක් තෝරාගන්න. එය තමයි වැදගත්.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, ආචාර්ය නාලක ගොඩහේවා, හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා යන මහත්වරු සහ මුත්තයියා මුරලිදරන් මහතාගේ බිරිඳ මතිමලර් රාමමූර්තී මහත්මිය යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එජාපයේ අපේක්ෂයා ගැන තීරණයක්

ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් වුණත් තවමත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කරළියට නොපැමිණීම දේශපාලන වේදිකාව උණුසුම් කරන මාර්තෘකාවක් බවට පත් වෙලා.
මේ නිසාම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කරලා. ඒ  ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සහ නව සන්ධානය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනිමේ අරමුණින්. ඔවුන්ගේ මෙම හමුව හෙට (05) දිනයේදී සිදුවෙනු ඇති බව වාර්තා වෙනවා. කොහොමවුනත් එජාප අපේක්‍ෂකයා ප්‍රමාදවීම ගැටළුවක් බව එක්සත් ජාතික පෙරමුණේ සාමාජික අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙන්ම බොහෝ මැති ඇමතිවරුන් සදහන් කරනවා.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමත් සමග එජාපයේ දෙපිලකට බෙදී ගිය බවක් පෙනෙන්නට තිබෙනවා. ඒවගේම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව පැවසෙන්නේ එජාප පෙරමුණ සජිත්ට අකමැති වුණොත් ඔහු ජනාධිපති මෛත්‍රී සමග එකතු වන බවයි.
අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජනපති අපේක්ෂකයා ලෙස නම් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් නව වැඩපිළිවෙලක් ආරම්භ කරමින් ඔවුන්ගේ අත්සනින් යුත් ලිපියක් පක්ෂ නායකත්වයට භාර දෙන්නත් මේ වන විට කටයුතු යොදලා තියෙන්නේ පක්‍ෂ නායකයා මේ පිළිබදව දරන නිහඩතාවය නිසා.
මේ පිළිබදව අදහස් දක්වමින් එජාපය පවසන්නේ  ඉදිරි ජනාධිපති  අපේක්ෂකයා තෝරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් බවත් එම කටයුත්තට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුත් එකතුවීම ගැටලුවක් නොමැති බවත්ය.
කෙසේ වුවත් සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන පාර්ශ්වය විසින් සංවිධාන කර ජන රැළි සාර්ථකව රට පුරා යද්දී එය එසේ නොකරන්නට පක්ෂ නායකයා දැනුම් දුන්නත් එම දැනුම් දීම නොතකා සජිත් ප්‍රේමදාස තුන්වන ජන රැලිය හෙට (05) දිනයේ කුරුණෑගල දී පැවැත්වීමටද නියමිතයි. මීට පෙර ඔවුන්ගේ මෙම ජන රැළි දෙක බදුල්ල සහ මාතරදී පැවැත්වුණා.
එමෙන්ම මුස්ලිම් කොංග්‍රසය වගේම TNA අද දවසේදී පැවසුවේ ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්න කාටද යන්න තීරණය කරනු ලබන්නේ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බවටය.

මංගලගේ දේශපාලන දිවියට වසර 30යි…..

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පැවති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

වසර 1989 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරිපත් වූ මංගල සමරවීර මහතා එදා මෙදා තුර අමාත්‍ය ධූර ගණනාවක් හොබවමින් රටේත්මාතර පුරවරයේත් ජනතාවගේ දියණුව වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළා. 

සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලූවානමින් මෙම උත්සවය සංවිධානය කර තිබූණා

1 (1) (14)1 (4) (12)1 (5) (11)1 (7) (8)

ගෝඨා වැඩ අරඹයි….

එළිය සංවිධානයේ නව කාර්යාලයේ වැඩ ආරම්භ කිරීම පසුගියදා කිරුළපන පිහිටි එම කාර්යාලයේදී සිදුවුණා.

ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ
ආරාධනයෙන් විපක්ෂ නායක හිටපු
ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද  මධ්‍යයේ සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළ අතරමෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්ඩලස් අලහප්පෙරුමවිමල් වීරවංශමහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

1 (1) (11)1 (4) (10)

අගමැති හා අරුන් සිද්ධාර්ථ් හමුව….

පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක අදහස් පළකල ආවා කල්ලියේ නායකයෙකු වි සිටියාය කියන අරුන් සිද්ධාර්ථ් මෛත්‍රීයන් දිනයේදී ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා.

මෙම හමුවට අමාත්‍ය රාජිත සේනාරත්නද සහභාගී වි සිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය ප්‍රදේශයේ කළ සංචාරය අතරතුරදී මෙම හමුව සිදුව තිබෙන්නේ.

එම හමුවේ ඡායාරූප කිහිපයක් පහතින්

1 (1) (10)1 (2) (9)

යාපනය විශ්ව විදවිද්‍යාල පරිශ්‍රය තුළ මෙලෙසින්  නිදහස් දිනයට විරුද්ධත්වය පළ කරමින් අද දිනයේ (04) කළු කොඩි ඔසවා විරෝධතාවය ප්‍රදර්ශනය කොට තිබුණා.
යාපනය විශ්ව විද්‍යාලය සිසුන් පැවසුවේ උතුරු නැගෙනහිර  ඉඩම් නිදහස් නොකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම ඇතුළු උතුරු නැගෙනහිර ‍ජනතාව වෙනුවෙන් රජය ලබානොදුන් පොරොන්දු ඉටු නොකර රජය නිදහස් දින සැමරුමක් පැවැත්වීමට තමන් විරුද්ධ වන බවයි.
උතුරේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,අතුරුදහන්වූවන් සොයාදීම හා උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්,දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් අද(04) වව්නියාව, කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්යන්ගේ විරෝධතා වැඩසටහන්ද පැවැත්වූ අතර උතුරු  නැගෙනහිර ජනතාවට සාධාරණ ඉටු කරන ලෙසට ඉල්ලීම් කරමින් තමන් මෙලෙසින් කළු කොඩි ඔසවා විරෝධතාව පළ කළ බව විශ්වවිද්‍යාල සිසුන් පැවසුවා.

මැතිවරණ නැතිනම් ඉල්ලා අස්වනවා-මැ.කෝ.

පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10 වැනි දිනට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් තමන් මැතිවරණ
කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසනවා.

පළාත් සභා මැතිවණය දිගින් දිගටම කල් යාම ගැන අදහස් පල කරමින් ඔහු අද මේ බව කියා සිටියේ.

මැතිවරණ නොපැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කිරීමක් යයිද සභාපතිවරයා මෙහිදි සදහන් කලා.

මටත් හෘද සාක්ෂියක් තියෙනවා. මැතිවරණය කල් දැමීම වැරදියි. 2019 වසරේ නොවැම්බර් 09ත් දෙසැම්බර් 9ත් අතරතුර පළාත් සභා මැතිවරණය නියමිත පරිදි පවත්වන්න කටයුතු සම්පාදනය නොවුනොත් මා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙනවා” යනුවෙන් අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

ගෝඨාගේ පුරවැසිකම ඉවත් කිරීමේ අයදුම්පත ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පිලිගනී…

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම සදහා වන ඉල්ලුම් පත‍්‍රය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිලිගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව දින කිහිපයක් ඇතුලත රාජපක්‍ෂ මහතාට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට හැකිවනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාද මෑතදී මාධ්‍ය වෙත වරින් වර කියා සිටියේ සති දෙකකින් පමණ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට තමනට හැකි බවයි.

මීලග ජනාධිපතිවරණය සදහා තමන් සුදානම් බවටත් ඔහු විසින් මෑතකදී කියා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ ලියකියවිලි පදනම් කරගෙන විමල් වීරවංශ මහතා  විසින් ප‍්‍රකාශයට පත්කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගොනු කළ නඩුවෙහි තීන්දුව ජනවාරි 11දින කොළඹ වාණිජ මහාධිකරණයේදී ප‍්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව විමල් විරවංශ මහතා බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කිරීම හේතුවෙන් පැමිණිලිකරුට ඉල්ලා සිටි සියලු සහන ලබා දීමට අධිකරණය තීන්දු කරන ලදී. එහිදී රුපියල් මිලියනයක වන්දියක් පැමිණිලිකාර ටිල්වින් සිල්වාට ගෙවන ලෙසට අධිකරණය විත්තිකරුට නියම කරන ලදී. එමෙන්ම “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය මුද්‍රණය කර අලෙවි කිරීමෙන් උපයන ලද සම්පුර්න මුදල ගණනය කර ව්‍යවස්ථාපිත අලාභ මුදලක් ගෙවන ලෙසත්නැවත මුද්‍රණය කිරීම තහනම් කර දැනට මුද්‍රණය කර ඇති සියලු ම කෘතින්  විනාශ කරන ලෙසත්නඩු ගාස්තු ගෙවන ලෙසත් විත්තිකාර විමල් වීරවංශට අධිකරණය විසින් නියෝග කරන ලදී.

දේශපාලන සුජාතභාවය වෙනුවෙන් නිරන්තරයෙන් වේදිකා දෙවනත් කරන විමල් විරවංශ නීතිය නොදැන සිටියා යැයි සිතිය නොහැකිය. නීතිය කුමක් දැයි දැන දැනම වැරදි කිරීම වඩාත් අයහපත්ය. විමල් විරවංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සිටියදී සකච්ඡාවට ලක් කරන ලද විවිධ ලියකියවිලි මෙම කෘතියට අඩංගු කර ඇති අතර එහි ඇතැම් ලියකියවිලි අනවසරෙන් උපුටා පළ කරමින් සිය කෘතිය නිර්මාණය කර ඇත. යුක්තිය පසිදලීම ප්‍රමාදය. නීති පද්ධතිය තුළ අඩුලුහුඩුකම් එමටය. නීති රාමුවේ නම්‍ය භාවය හේතුවෙන් ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් නිර්මාණයන්ට හිමිවිය යුතු වටිනාකම ඇති ඉඩ ප්‍රස්ථාව ද මැකී යා හැකිය. 2008 වසරේ ගොනු කළ නඩුවේ තීන්දුව ලැබුවේ 2019 වසරේය. බලය උරුම කර ගැනීමේ අරමුණෙන් දේශපාලන වේදිකාවල මඩ ගසා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර දේශපාලන වේදිකාවන්හිදී ප්‍රතිවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්න කරන අයුරින්ම එයට අනුරූපව සිය ප්‍රතිරුපයද  ගොඩ නගා ගැනීමට දේශපාලඥයින් සමත් විය යුතුය.