මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිවලට අයහපත් බලපෑමක් සිදුව ඇත්තේ නියෝජ්‍ය අධිපති නිසා: රවී කරුණානායක

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්තිවලට අයහපත් බලපෑමක් සිදුව අති බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා චෝදනා කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා (12) අරලියගහ මන්දිරයේ පැවති, ග්‍රීන් බ්ලඩ් සංවිධානය මඟින් සංවිධානය කල ආර්ථික හා ව්‍යවසාය සංවර්ධනය පිලිබඳ විශේෂ සාකච්ඡා මණ්ඩපයට සහභාගී වෙමිනි.
මෙම සාකච්ඡා සභාවේ දී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යය ඉරාන් වික්‍රමරත්න මහතා ද අදහස් දැක්වූ අතර ඊට ග්‍රීන් බ්ලඩ් සංවිධානයේ විශාල පිරිසක් සහ වෘර්තීයවේදීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
 සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලැබුවේ ග්‍රීන් බ්ලඩ් සංවිධානයේ සතිර සරත්චන්ද්‍ර සහ විමුක්ති දුෂාන්ත යන මහත්වරුන් විසිණි.

බන්ධනාගාර රැදිවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විරෝධතාවක්

බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරිමටත් වැලිකඩ සමූහ ඝාතනයේ මිනිමරුවන් අත් අඩංගුවට ගැනීමටත් රජයට බලකිරීමේ අදහස ඇතිව සුරැකිමේ කමිටුව සහ රැදවූවන්ගේ ඥාතින්ගේ සහභාගීත්වයෙන් ඊයේ 14 වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දි විරෝධතවයක් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පවතින අපරාධ නීතිය කි”යාත්මක කර වැලිකඩ සමූහ ඝාතනය හේතුවෙන් මරණයට පතුවූ අයගේ පවුල්වලට සාධාරණත්වය ඉටුකිරීම වෙනුවට එම සිද්ධියෙන් මියගිය 16 දෙනෙකුට පමණක් වන්දි මුදල් ප”ධානය කර තමන්ගේ විරුදධවාදීන් හීලෑ කිරිම යහපාලනය නොවන බවද විරෝධතාකරුවන් සදහන් කළහ.

බන්ධනාගාරගතවුවන් වෙනුවෙන් නිවෙස්වලින් රැගෙන එන ආහාර පරික්ෂා කිරීමේ කටයුතු ප”මිතියකට අනුව සිදු නොකෙරෙන බවද ඥාතීන් පවසති.

බන්ධනාගාරය ඉදිරිපිට මෙම විරෝධතාවය පවතින අවස්ථාවේ ඊට සහයෝගය දිමක් වශයෙන් බන්ධනාගාර රැදවූවන් 250ට අධික පිරිසක් ආහාර වර්ජනය කළ බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන ්කලේය.

මේ වනවිට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබ සිටින්නන්ගේ සිර දඩුවම වසර 20ට සීමා කරන ලෙසද මෙහදී විරෝධතාකරුවන් ඉල්ලා සිටියේය.

බන්ධනාගාර ආඥා පනත‍ේ 40 වන වගන්තියේ ප”ථිපාදන අනුව සිව්මස සමාලෝචනය කි”යාත්මක කළ යුතු වුවත් මෙම සමාලෝචන කි”යාවලිය නිසිපරිදි කි”යාත්මක නොවන හෙයින් දිර්ඝ කාලීන සිර දඩුවම් විදින රැදවියන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවත් මෙම විරෝධතාව

සංවිධානය කළ බන්ධනාගාර රැදවූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කරයි.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට නම් 6ක් !

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා පසුගිය මාර්තු 1 වන දින විශ්‍රාම ගැනීම හේතුවෙන් පුරප්පාඩු වී තිබෙන එම ධුරය වෙනුවෙන් මේජර් ජෙනරාල්වරු 6 දෙනකුගේ නම් යෝජනා වී ඇත. මේ වන විට එම නම් 06 ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කොට ඇති අතර සුදුසු අය පත් කිරීම ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇත.

සාමාන්‍යයෙන් මෙම තනතුර සඳහා හමුදාපතිවරයා විසින් යුද හමුදාවේ සිටින වඩා සුදුසුම නිලධාරියකු නම් කර යැවීම සම්ප්‍රදාය වූවත් මෙවර 6 දෙනකුගේ නාම යෝජනා  ලබා දීම හමුදාව තුළ වන බලපොරය පෙන්වන්නක් බව ආරක්ෂක අංශ විචාරකයෝ පෙන්වා දෙති. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සාමාන්‍යයෙන් සැලකෙන්නේ මීළඟ හමුදාපති ධුරයට පත් වීමට ඉහළම සුදුසුකම් සැපිරීමක් ලෙසය. ඒ අනුව චන්න ගුණතිලක මහතාව නම් කරනු ලැබුවේ ද වත්මන් හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා විසිනි. එහෙත් ගුණතිලක මහතාට වයස අවුරුදු 55 සම්පූර්ණ වීම පසුගිය මාර්තු 01 වන දින සිදු වීම නිසා ඔහුට විශ්‍රාම ගැනීමට සිදු විය.

ඒ කෙසේ නමුත් මේ වන විට නම් කර තිබෙන මේජර් ජෙනරාල්වරු 6 දෙනා අතර වන බොනිපස් පෙරේරා මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී විශ්‍රාම ගැනීමටත් උපුල් විතානගේ මේ වසරේ ජුනි මාසයේදීත්, සුදන්ත රණසිංහ ලබන වසරේ ජනවාරි මාසයේදීත්, මහේෂ් සේනානායක මේ වසරේ අගෝස්තු මාසයේදීත්, ජනක වල්ගම මේ වසරේ මැයි මාසයේදීත්, උදය පෙරේරා ලබන අප්‍රේල් මාසයේදීත් වයස 55 සපුරා විශ්‍රාම ගැනීමට නියමිතය.

මේ අතර හමුදා ආරංචි මාර්ග පවසන්නේ මෙම මේජර් ජෙනරාල්වරු අතරින් තිදෙනකුට වංචා දූෂණ හා කාන්තාවන්ට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවය. ඇතැමකු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ චෝදනා විමර්ශනය කිරීම ද මේ වන විට සිදු වෙමින් තිබේ.

එසේම මෙම නිලධාරීන් අතුරෙන් දෙදෙනකු යුද්ධය හේතුවෙන් විශේෂ බඳවා ගැනීමේ ක්‍රමවේදයක් වන Short Service Commission ක්‍රමයට බඳවා ගත් අය නිසා ඔවුන්ට හමුදාපති තනතුර සඳහා සුදුසුකම් නොමැත. එසේම මෙම නිලධාරීන් දෙදෙනාවම ඊට අදාළ විභාගවල දී කිහිප වතාවක් අසමත් වී ඇති බව ද වාර්තා වේ.

මෙම ක්‍රමයට හමුදාවට ඇතුළත් වන අයට මෙරට දී මේජර් ජෙනරාල් තනතුර දක්වා උසස්වීම්  මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ දී ලබා දී ඇති නමුත් බොහෝ රාජ්‍යයන්වල දෙවන ලුතිනන් තනතුරෙන් ඉහළ පත්වීම ලබා නොදේ.  හමුදාපතිවරයකු ලෙස පත්වීම ලබන්න කැඩෙට් නිලධාරියකු ලෙස හමුදාවට එක් වී නියමිත ලෙස ඉහළ තනතුරුවලට පත්වීම සිදු විය යුතුය. එසේම මේජර් ජෙනරාල් තනතුර ලබා ගැනීමේ දී දක්වා ඇති ජ්‍යෙෂ්ඨත්වය ද මෙහි දී සලකා බැලේ.

ඒ අනුව මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක 2009 ජූලි මාසයේ දී මේජර් ජෙනරාල් තනතුරට පත්ව ඇති ජ්‍යෙෂ්ඨතමයා වන අතර අනෙක් මේජර් ජෙනරාල්වරු ඊට වසර එකහමාරකට පසුව එම තනතුරුවලට පත්ව ඇත.

රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශ ධූරයට නීතිඥ කපිල වෛද්‍යරත්න

රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශයේ  වත්මන් ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉන් ඉවත් කර ඒ වෙනුවට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න  මහතා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දැන ගැනීමට තිබේ.

මෙම තනතුර සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ද යෝජනා වී තිබූ නමුත් මේ වන විට වෛද්‍යරත්න මහතා වඩා සුදුසු අය ලෙස තෝරාගෙන ඇත. අතිරේක සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා ලබන ජුනි මස විශ්‍රාම ගැනීමට නියමිතය.

හෙට්ටිආරච්චි මහතා මේ වන විට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම මෙයට හේතු වශයෙන් සඳහන් වේ.

 

අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව තවමත් පියවරක් ගෙන නැහැ:ඇමරිකාවෙන් චෝදනාවක්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව රජය මෙතෙක්‌ පියවර ගෙන නැතැයි ඇමරිකානු රජය ඊයේ (8 දා) සිය වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර ඇත.පසුගිය ඔක්‌තෝබර් මස රජයේ පාර්ලිමේන්තු කමිටුවක්‌ විසින් මහේන්ද්‍රන් අයථා ලෙස ක්‍රියාකර ඇති බවට නිගමනය කර තිබූ බවද එම වාර්තාවේ දක්‌වා තිබේ.

රජයේ දූෂණ ක්‍රියා පිළිබඳව වාර්තා රැසක්‌ ඇති අතර රජයේ විවිධ අංශවල නිලධාරීන් දූෂණ ක්‍රියාවල යෙදෙන බවද ඇමරිකානු වාර්තාවේ සඳහන් කර ඇත.

දඹුල්ල රෝහලේ සිදු වූ බලහත්කාර පවුල් සැලසුම් අද සිට අත්හිටවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් නියෝගයක්

දඹුල්ල රෝහලේ ක්‍රියාත්මකවූ දරු ප්‍රසූතියෙන් පසු පැය 48 ක් ඇතුළත පළඳවන පසු ප්‍රසව ලූපය පැළඳවීම අද  දින සිට තාවකාලිකව අත්හිටුවන බවත්, අනෙකුත් අත්‍යවශ්‍ය  පවුල් සැලසුම් ක්‍රම රෝගියාගේ කැමැත්ත ලිඛිතව ලබාගෙන වෛද්‍ය අධිකාරිවරයා වෙත යොමු කොට අනුමැතිය ලබාගෙන පමණක් සිදු කිරීමට තීරණය කළ බවත් දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය චාල්ස් නුගවෙල මහතා පවසා තිබේ.

අද (08) උදෑසන දඹුල්ල ප්‍රදේශයයේ විහාරස්ථාවල වැඩසිටින භික්ෂුන් වහන්සේලා, අලුත්ගම උපනන්ද හිමියන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිත කණ්ඩායමක්  දඹුල්ල රෝහලට පැමිණ වෛද්‍ය අධිකාරිවරයා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා පැවැත්වූහ.

එහිදී සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල්  දොස්තර ජයසුන්දර බණ්ඩාර මහතාගේ වාචික නියෝග මත ඉහත තීරණයට එළඹි බව වෛද්‍ය අධිකාරිවරයා ලිඛිතව පැමිණි පිරිසටද දැනුම් දුන්නේය .

තවද දැනට සිදුකරන පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමටත්, පසුගිය කාලයේ දඹුල්ල රෝහලේ දරු උපත් සිදුකොට පවුල් සැලසුම් ක්‍රියාවට ලක්වූ මව් වරුන්ගේ නිවෙස් වලට ගොස් ඒවා බලහත්කාරයෙන් කළේද යන්න ලිඛිතව විස්තර ලබාගැනීමට තීරණය කර එම කටයුතු සිදුවෙමින් පවතින බව සඳහන්ය.

දින කීපයක සිට දඹුල්ල මුලික රෝහලේ ගැබිණි වාට්ටුවේ දරු ප්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටව යන මව් වරුන්ට බලහත්කාරයෙන් දරු උපත් පාලනය කරන උපකරණයක් ශරීරයට සවි කරන බවටත්, උපකරණය සවි කිරීමට අකමැති මව්වරුන්ට නිවෙස් වලට යාමට නොදී දින ගණන් රෝහලේ වාට්ටු තුළ අලුත උපන් දරුවාද සමග බලහත්කාරයෙන් රඳවා ගන්නා බවටත් චෝදනා කරමින් ඉකුත් 5 වෙනිදින මව්වරුන් හා පියවරුන් විසින්  බලධාරීන්ට පැමිණිලි කළහ.

දින ගණනාවක් තිස්සේ ටිකට් කපා ඇති තම බිරින්දෑවරුන් හා දරුවන් නිවෙස් වලට රැගෙන යාමට නොහැකි නිසා වාට්ටුවට ගොස් පියවරුන් දොස්තර වරුන්ට දොස් නඟන්නටද  විය.

ඇතැම් මව් වරුන්ට මෙම උපත් පාලන උපකරණය සවි නොකරීම නිසා දරුවාගේ උප්පැන්න සහතික ලියන පෝරමය පවා නොදෙන බව ට පැමිණිලි කර  ඇති අතර උපකරණය පැළදීමට අකමැතිව විරෝධය පළකළ  පියවරුන්ට බලෙන් ටිකට් කපාගත් තම දරුවා හා බිරිඳ වාට්ටුවෙන් එළියට කැටුව ඒමට නැවත රෝහල තුළට ගමන් කිරීමට පවා නොදී ආරක්ෂක අංශ යොදා බාධා කරන  බවද වාර්තා වී තිබිණි.

අර්ජුන් මහේන්ද්‍රන් කළ නියෝගයක් ගැන ආන්දෝලනාත්මක සාක්ෂියක්

බැඳුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් වූ රුපියල් බිලියන 10ක ලංසුවට අනුමැතිය දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැවසූ බව මහ බැකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමේන්තුවේ අධිකාරීවරිය ලෙස කටයුතු කළ දීපා කාන්ති සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති කොමිසම හමුවේ හෙළි කර තිබේ.

මහෙන්ද්‍රන් මහතා කළ නියෝගයට ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් සියළු දෙනා විරුද්ධ වු නමුත් මහෙන්ද්‍රන් මහතාගේ තීරණය වෙනස් නොකරන බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා දැනුම් දීමෙන් අනතුරුව සෙසු සාමාජිකයින්ද අදාළ ලේඛණයට අත්සන් කළ බව සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කර ඇත.

මහ බැංකුවේ වෙනත් දෙපාර්තමේන්තුවක රාජකාරී කළ තමා මෙම බැඳුම්කර නිකුතුව සිදු කිරීමට දින දෙකකට පෙර රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවට ස්ථාන මාරූවීමක් ලබා පැමිණි බවත් මෙම බැදුම්කර වෙන්දේසිය තමාගේ මුල්ම බැදුම්කර වෙන්දේසිය වු බවත් ඇය පවසා තිබේ.

සියලු පුරවැසියන් වයස අවුරුදු 13දක්වා අධ්‍යාපනය ලැබිය යුතු බවට පනතක් ළගදීම

සියලු පුරවැසියන් සදහා අවුරුදු 13දක්වා අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කිරීමට ඉදිරියේදී පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සදහන් කළේය.

සැමට අධ්‍යාපනය ලබා දීම මෙහි අරමුණ බවද අඩු අධ්‍යාපන තත්ත්වය නිසා විශාල පිරිසක් අඩු වැටුප් ලබන රැකියා වල නිරත වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඉන් පසුව හැකියාවට අනුව උසස් අධයාපනය ලබා ගත හැකි යැයිද රාජ්‍ය වියදමින් සියලු පුරවැසියන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීම සංවර්ධිත රටකට වුවත් අපහසු කාරණයක් යැයිද අමාත්‍යවරයා සදහන් කළේය.

ඊයේ (මාර්තු 8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එසේම රජයේ වියදමින් සැමට උසස් අධ්‍යාපන අවස්ථා විවර කර දීම අපහසු තත්ත්වයක පැවතියදී ඒ සදහා යම් පෞද්ගලික ආයතනයක් ඉදිරිපත් වන්නේ නම් ඒ සදහා සහයෝගය දීම රජයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බවද ඒ මහතා පැවසීය.

පලාත් පාලනයේ කාන්තා නියෝජනය 25% අහෝසි කරන්නට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක්

මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කිහිපයක්ම පලාත් පාලනයේ කාන්තා නියෝජනය 25% අහෝසි කරන්නට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බව  කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි.

ඔහු කියා සිටියේ ගෙවී ගිය දශක 50 තුළ ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව කේෂ්ත්‍රයේ ලැබූ එකම තීරණාත්මක ජයග්‍රහණය පලාත් පාලනයේ 25% ක කාන්තා නියෝජනය බවයි.

“යුරෝපයේ බොහෝ රටවල් කාන්තාවන්ට ඡන්ද අයිතිය ගැන කථා කරන්නටත් පෙර, 1931 දී ලංකාවේ කාන්තාවට සර්වජන ඡන්ද බලය හිමිවුණා.  ඉන් වසර තිහකට පසුව ලෝකයේ පළමු අගමැතිනිය බිහි කිරීමට ශ්‍රී ලංකාවට හැකිවුණා. නමුත් අද ලංකාවේ මහජන නියෝජිතයින් අතුරින් 5% ක් වත් කාන්තාවන් නොවේ. 2016 වසරේ ජගත් කාන්තා දිනයට සැමරුවේ 25% කාන්තා නියෝජනය ඉදිරියට දමමින්. අද 25% ත් නෑ. ඡන්දත් නෑ.  ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවයත් නෑ” යැයි ද ඔහු සඳහන් කළේය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේ දී කාන්තා නියෝජනය ඉහළ නැංවීමට ඉදිරිපත් වූ යෝජනා කෙටුම්පත් අවස්ථාවේ තිබිය දී පුළුල්  ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ නම් පුරුෂ මුලික ප්‍රතිපත්ති තීරකයින් විසින් කාන්තා මහජන නියෝජනය ඉහළ නැංවීමේ බලාපොරොත්තුව අඩපණ කළ බවද කියා සිටියි.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අතර 5 වන ස්ථානයේ හිමිව ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට වන අතර 2006 සිට 2016 වසර 10 පුරා ලෝකයේ ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය නරක ලෙසම බිදවැටුණු රාජ්‍යය ශ්‍රී ලංකාව ලෙස නම් ලබා ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

විමලෙගෙ උපන්දිනේ!

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන් දිනය මාර්තු (07)වැනිදාට යෙදී තිබුණි.

පසුගිය රජයේ අමාත්‍යවරයෙකුව සිටියදී රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර  අදට දින 56කි.
ඒ මහතාගේ උපන්දිනය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පක්ෂ සාමාජිකයින් බෝධි පූජා පින්කම් ඇතුළු ආගමික වැඩසටහන් රැසක් රට පුරා සංවිධානය කර තිබු බවද වාර්තා වේ.