තවත් බිත්තර මිලියනයක් මෙරටට රැගෙන එයි

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර මිලියනයක තොගයක් මෙරටට රැගෙනවිත් ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව එම බිත්තර තොගයේ සාම්පල ලබා ගැනීම එළඹෙන සඳුදා දිනයේ සිදු කරන බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.

එසේම තවත් බිත්තර මිලියන 2 ක් සඳහා ඇනවුම් ලබාදී ඇති බවත් එයද ලබන සතියේ දිවයිනට පැමිණෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ගම් බිම් බලා ගිය ජනතාවට කොළඹ බලා පැමිණීමට ප්‍රවාහන සේවා අද සිට ක්‍රියාත්මකයි

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් අද (15) සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන අංශ පවසනවා.

ඒ අනුව අද දිනයේ මගීන්ගේ ඉල්ලුම පරිදි 10% ත් 15% ත් අතර ප්‍රමාණයකින් බස් ධාවනය කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.

හෙට (16) දිනයේ පිට පළාත් බස් රථ 50% ක ප්‍රමාණයක් සහ අනිද්දා දිනය වන විට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ, ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට අවශ්‍ය බස් රථ යෙදවීමට කටයුතු කරන බවයි.

එසේම ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ දුම්රිය කිහිපකයක් යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

හෙට ප්‍රදේශ කිහිපයකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක්

හෙට (14) ප්‍රදේශ කිහිපයකට උණුසුම් දර්ශකය, “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් කොළඹ, ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චි, වවුනියා, මුලතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙලෙස උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

9c9dd5e5e22ee5301a09d568966fe825

7e20f5b9c80fb221605baa17ccdf273b

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළි ගන්න සියලු දෙනා සූදානමින් සිටිති. තවත් මිනිත්තු කීපයකින් එනම් අද පෙරවරු 8.35ට පුන්‍යකාලය උදා වේ.

එය රාත්‍රී 9.23 පුන්‍ය කාලය ගෙවී යැයි.

නව අවුරුදු උදාව දහවල් 2.59ට සිදුවන අතර අද පෙරවරු 8.35ට සියලු වැඩ කටයුතු අත්හැර පින්කම් කටයුතුවල යෙදිය යුතු බව ජ්‍යෙතිෂයේ සදහන් වේ.

ඉන්දියාවේ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළ යාමක්

ඉන්දියාවේ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව පසුගිය පැය 24 ක කාලය තුළ ඉන්දියාවෙන් වාර්තාවී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 10,158 ක් බවයි සඳහන් වන්නේ.

එසේම මරණ 16 ක් ද වාර්තාවී ඇති බවද, මෙය මාස 7 කින් පසු වාර්තාවූ ඉහළම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

සෑම වසරකම වැඩිම අනතුරු ප්‍රමාණයක් සිදුවන්නේ අප්‍රේල් මාසයේ 13,14,15 දිනවල – අජිත් රෝහණ

සෑම වසරකම වැඩිම අනතුරු ප්‍රමාණයක් සිදුවන්නේ අප්‍රේල් මාසයේ 13,14,15 යන දිනවල බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

වර්තමානයේ අලුත් අවුරුද්ද සැමරීමේදී තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

ඉන්ධන අලෙවිය සහ QR කේතය මගින් ඉන්ධන ලබා ගැනීමට ඉහළ යයි

පසුගිය සතිය තුළ ජාතික ඉන්ධන අලෙවිය සහ QR කේතය මගින් ඉන්ධන ලබාදීම සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව බලශක්ති ඇමති කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 66ක ඉන්ධන අලෙවිය තාවකාලිකව අත්හිටුවීමෙන් පසු 60%ක පමණ තිබු QR කේතය මගින් ඉන්ධන අලෙවිය 80%කට වඩා ඉහළ වර්ධනයක් ලබා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදාහැරීම වර්ධනය කර ඇති අතර, ඒ අනුව දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4,650ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රක් ටොන් 5,500ක් නිකුත් කර බෙදාහරිනු ලැබෙන බවයි Twitter පණිඩිඩයක් නිකුත් කරමින් අමාත්‍යයරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ Twitter පණිවිඩය පහතින්.

445f12299dd5f60c5d62367f77e241ff

රස කැවිලි හා කෙසෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට

අද (12) දිනයේ වෙළඳපොළේ රසකැවිලි මිල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් චෝදනා කරනවා.

එසේම කෙසෙල් මිලද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර කෝලිකුට්ටු කිලෝවක මිල රුපියල් 600 ත් 700 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ, මෙලෙස වැඩිවන මුදල් රජයට නොයන බවත් අතර මැදි කළුකඩ මාෆියාවට යන බවයි.

හෙට සහ අනිද්දා රටපුරා සුරාසැල් වැසෙයි

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (13) සහ අනිද්දා (14) දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ නමුත් සුරාබදු රබී 07 සහ විශේෂ බුටික් විලා බලපත්‍රලත් හෝටල් වල නේවාසික සංචාරකයන්ගේ පහසුව උදෙසා එම බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

8ae657bf5a8ac2da89ca6c8e4b861a4d

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අප්‍රේල් 17 වනදා සිට සාමාන්‍ය පරිදි සිදු කිරීමට තීරණය කර ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.