ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදයි.
ඒ අනුව අද (28) පස්වරුවේ මේ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදයි.
ඒ අනුව අද (28) පස්වරුවේ මේ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අප්‍රේල් මස 29 වන දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව 29 වනදා පෙරවරු 11.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල , රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්හිටවන බවයි සඳහන් වන්නේ.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොළේදී ලබාදෙන තීරු බදු සහනය මැයි 1 වනදා සිට ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඒ සඳහා වන චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට බැංකු ක්‍රමය හරහා එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සඳහා සැලකිල්ලට ගනු ලබන අතර කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට සිය රටට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් තහනමක් පනවා තිබෙනවා.
යුද ගැටුම් පැවති සමයේ එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමේ දී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් හේතුවෙන් වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පැනවීමට තීරණය කර තිබෙනවා.
අධිවේගී මාර්ගවල අයකරන සේවා ගාස්තු ඉහළ දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර රු.50 සිට ඉහළට සියලු අධිවේගී මාර්ග සේවා ගාස්තු මෙමඟින් සංශෝධනය කර තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙය බල පැවැත්වෙන බවයි එම ආයතනය සඳහන් කරන්නේ.
අදාළ ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
ඊයේ (25) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සමඟින් මෙරට වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 672,143 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
අද (26) මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.
ඒ අනුව කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් විය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ.
සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින් 13 ක් නිරුපද්‍රිතව බේරාගත් බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසනවා.
ඒ අනුව Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඉතිරි පිරිස ඉන්දියාවේ හෝ සෞදි අරාබියේ සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන බවයි.
මේ වන විට සුඩානයේ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු කොටුවී සිටින බවත් මේ වන විට එහි පවතින අස්ථාවරත්වය හේතුවෙන් ඇතිවී ඇති යුද ගැටුම් නිසා එරට සිටින පිරිස් අනාරක්ෂිතභාවයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.