දිවයින පුරා ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පවසන්නේ.
දිවයින පුරා ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පවසන්නේ.
විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් සිදුකළ මුදල් වංචාවකට අදාළව සැකකරුවන් දෙදෙනෙක් කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 163කට අධික මුදලක් මෙම පුද්ගලයින් දෙදෙනා වංචාකර ඇති බවට පැමිණිලි 7ක් ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ.
සැකකරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 35 ක් වන අතර ඔවුන් ඉඹුල්ගොඩ හා හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
තවදුරටත් මැර බලයට සහ යටත් කිරීම්වලට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සූදානම් නොමැති බව ලංකා ගුරු සංගමයේ සංගමයේ උප සභාපති එම්.ඒ. විමලසිරි පවසනවා.
ජනාධිපතිවරයා මඩකලපුව ප්‍රදේශයේ අහිංසක දරුවන් සිටින පාසලක් වෙත ගොස් බෙදුම්වාදය සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කථා පවත්වන බවද, ඒ පිළිබඳ ලැජ්ජාවන බවද ඔහු සඳහන් කරනවා.
එම නිසා මින් පසු කිසිඳු පාසලකට ඇතුළු වීමට ජනාධිපතිවරයාට ඉඩ නොදෙන බවද, හැකිනම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඕනෑම පාසලකට පැමිණ පෙන්වන ලෙසද ඔහු අභියෝග කරනවා.
පසුගිය 24 වනදා බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය අසලට රැස්වූ ගුරු විදුහල්පතිවරුන්ට එල්ල වූ පොලිස් ප්‍රහාර හෙළා දැකීම සඳහා, ඉබ්බාගමුව නගරයේ ගුරුවර ගුරුවරියන් විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අතරතුර ඔහු මේ බව සඳහන් කළා.
ඉදිරියේදී ගුණාත්මක ඖෂධ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව නව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.
මුදල් අමාත්‍යාංශය විසින් ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවද, සෞඛ්‍ය සේවකයින් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද ඉදිරියේදී පියවර ගන්නා බවද ඔහු අවධාරණය කරනවා.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලී ඊයේ (27) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීම යන චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
අද (28) දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (28) යෙදී තිබෙනවා.
වස්සාන සමයේ පෙරවස් එළැඹුන භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් මෙම පොහොය දිනයේ සිදුව ඇති බව සඳහන්.
භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වන්නේ ද මෙම පොහොය දිනයේදීයි.
සැරියුත් මහ නාහිමියන් ප්‍රඥාලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, මෛත්‍රී බෝ සතාණන් ගෞතම බුදු සසුනෙහි පැවිදි වීම ඇතුළු ශාසනික සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම පොහොය දිනය වැදගත් වනවා.
ගුරු වෘත්තීය සමිති අද (27) දහවල් දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබුණා.
ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව ඔවුන් පාසල් ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරතවී ඇති අතර මේ සඳහා විශාල ගුරුවරුන් පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.
පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවැති විරෝධතාව අතරවාරයේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළකරමින් සහ වැටුප් විෂමතා ගැටලුව මුල් කරගනිමින් මෙම විරෝධතා සංවිධානය කර තිබුණා.

ඖෂධ සැපයීම වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය ගෙවීම් පියවීම සඳහා රුපියල් බිලියන 5.6ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.
ඒ අනුව ඉදිරි මාස 02 සඳහා ඖෂධ සැපයීම වෙනුවෙන් අමතර ප්‍රතිපාදන ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ අද (27) පැවති විශේෂ සමුළුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 8 වැනිදා දක්වා කල්දමා තිබෙනවා.
නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
විත්තිකාර විමල් වීරවංශ අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර කරුණු සලකා බැලූ විනිසුරුවරයා එදිනට විත්තිකරුගේ අසනීප තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.
පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබූ අතර මේ වන විට ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබෙනවා.