බෲනෝ දිවාකර අත්අඩංගුවට

SLVLOG නම් YouTube නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පැය 8 ක පමණ ප්‍රශ්න කිරීමකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (01) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට (01) රාත්‍රී 8.00ට ජනාධිපතිවරයා විසින් එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

OnmaxDT ඇතුළු 8ක් පිරමීඩ යෝජනාක්‍රම ලෙස තීරණය කරමින් මහ බැංකුවෙන් නිවේදනයක්

තමන් වෙත ලැබුණු පැමිණිලිවලට අනුව කළ විමර්ශනයන් හි ප්‍රතිඵලයක් ලෙසින් බැංකු පනත උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 8 ක් හඳුනාගෙන ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා.

අදාළ ආයතන ලැයිස්තුව පහතින්.

* Tiens Lanka Health Care (Pvt) Ltd.
* Best Life International (Pvt) Ltd.
* Global Lifestyle Lanka (Pvt) Ltd.
* Mark-Wo International (Pvt) Ltd.
* V M L International (Pvt) Ltd.
* Fast 3Cycle International (Pvt) Ltd (F3C)
* Sport Chain App, Sports Chain ZS Society Sri Lanka
* OnmaxDT

මෙවැනි පිරමීඩ යෝජනා ක්‍රම වලට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දෙනවා.

අදාළ මහ බැංකු නිවේදනය පහතින්.

07edae933824255cb7a759d34f639deb

c1bccf98ec1b1ba95e1ccaa534ef8601

882d5dffacaad2d0e387d01748b42548

නෙළුම් කුලුනේ බිත්ති කුරුටු ගෑ යුවළක් අත්අඩංගුවට

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් කුලුන මත ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (30) සවස ඔවුන් දෙදෙනා කුලුනේ යොදවා සිටින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාව එහි දේපළවලට හානි සිදුකළහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවයි නෙළුම් කුලුන පෞද්ගලික ආයතනය සඳහන් කරන්නේ.

ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතුයි – රංජිත් සියඹලාපිටිය

ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු වී ඇති නිසා ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියෝජිතයන් ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, මිල වැඩිවීමේ වේගයට සාපේක්ෂව මිල අඩුවීම සිදුවන්නේ ඉතා මන්දගාමී ආකාරයෙන් බවයි.

ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂණය කරමින් මසකින් රැස්වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඩොලරය වැඩිවීමට සාපේක්ෂව ද්‍රව්‍යවල මිල වැඩිවීමේ වේගයෙන් අඩුවීම සිදු නොවන බවත් මේ හේතුවෙන් නීතියානුකූල මඟ පෙන්වීමක් සිදුකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ ගිනි නිවීමේ ඒකකයේ දුරකථන අංකය වෙනස්වෙයි

කොළඹ ගිනි නිවීමේ ඒකකයේ දුරකථන අංකය වෙනස්වීම සම්බන්ධයෙන් එම ඒකකය විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව හදිසි ගින්නක් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ 011-2686087 දුරකථන අංකය භාවිත කරන ලෙස කොළඹ ගිනි නිවීමේ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පෙර ක්‍රියාත්මක වූ 011-2422222 හෝ 110 අංකය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොවන බවයි කොළඹ ගිනි නිවීමේ ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසය වනවිට ලබාදීමට කටයුතු කරනවා – විභාග කොමසාරිස් ජනරාල්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වනවිට ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, ජුනි සහ ජුලි මාසවල ප්‍රයෝගික පරීක්ෂණ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි. විවිධ ගැටලු හේතුවෙන් සිදුවූ ප්‍රමාදයන් වලක්වා ගනිමින් හැකි ඉක්මනින් ප්‍රතිඵල ලබාදීමේ කටයුතු සිදුකරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන්ගේ රීට් පෙත්සමේ තීන්දුව ජූනි 23 ප්‍රකාශයට පත් කෙරේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රීට් පෙත්සමේ තීන්දුව ජූනි 23 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය සඳහන් කර තිබෙනවා. තමන්ව සැකකරුවකු ලෙස නම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පුද්ගලික පැමිණිල්ලක් බල රහිත කරන ලෙස ඉල්ලා ඔහු විසින් අදාළ පෙත්සම ගොනුකර තිබුණා. දීර්ඝ කරුණු විභාගයකින් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ආගමික අසමගිය ඇතිකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා – ආරක්ෂක අමාත්‍යංශය

රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් සිටින විවිධ අරමුණු සහිත කණ්ඩායම් පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව එම අමාත්‍යංශය පවසනවා. ඒ අනුව පසුගිය සමයේ අත්විඳින ලද දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමට උත්සහා දරන්නාවූ අවස්ථාවක විවිධ කණ්ඩායම් විසින් රටතුළ තවත් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරණ බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරන්නේ. මේ හේතුවෙන් යම් පුද‍්ගලයෙකු හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සහා දරන්නේනම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ), (ආ) අනුව නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවයි ආරක්ෂක අමාත්‍යංය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන සාකච්ඡා යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය

නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව එම තීරණය ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් විශ්වාසනීයත්වයක් ඇති කිරීම සඳහා ඵලදායී සංචාරයක ජනාධිපතිවරයා නිරත වූ බවයි බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.