IMF පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදුකරනවා – ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මෙම සමාලෝචනය සිදුවන තෙක් දැනට සිදුකර ඇති ප්‍රතිසංස්කරණ කිසිවක් වෙනස් කළ නොහැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

දේශපාලන ස්ථාවරත්වය අද ගොඩනැගී ඇති බවත්, ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගීමට අවශ්‍ය පසුබිමද නිර්මාණය වී ඇති බවද ඔහු සඳහන් කළා.

මෙම වසර අග වන විට මීට වඩා ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කීමට හැකිවනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද ආරම්භ වෙයි

2022 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (12) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 42 කදී ලබන 21 වනදා දක්වා අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් කළේ.

මේ සඳහා අපේක්ෂකයින් 20,084 ක් සහභාගි වීමට නියමිතව ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

පාස්කු නඩුවට මෛත්‍රී රුපියල් මිලියන 15 ක වන්දි මුදලක් ගෙවයි

රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඔහු විසින් වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා තිබෙනවා.

තමන්ට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප් වශයෙන් මාසිකව රුපියල් 97,500/- ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ද ආදායම වශයෙන් ලැබෙන බවයි මෛත්‍රීපාල සිරිසේන සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෝසමේ සඳහන් කර තිබෙන්නේ.

ඒ අනුව ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් වසර 10 කින් ලබන වසරේ ජුනි 30 වනදා සිට ගෙවීම ආරම්භ කිරීමට අවසර දෙන ලෙසයි ඔහු සිය මෝසම මඟින් ඉල්ලා තිබෙන්නේ.

උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ හෙට සිට ආරම්භ වේ.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (12) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හෙට සිට 21 වෙනි දා දක්වා මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

පෙරදිග සංගීතය හා නර්තනය යන විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ජූලි මස 06 වැනි දා අවසන් වුණා.

සතොස ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සකස් කිරීමට කැබිනට් අනුමැතිය

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අදාළ කටයුතු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සතොස ආයතනය ආර්ථිකයට ඵලදායි අයුරින් දායකත්වයක් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

සතොස ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කටයුතු ඉටුකිරීම සඳහා මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත්කර යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට මෙලෙස අනුමැතිය හිමිව ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

64acfc436ef98

‍ඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ කොන්දේසි ප්‍රකාශයට පත් කෙරේ

ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව බලපත්‍රයක් ප්‍රදානය කිරීමේදී අමාත්‍යංශ ලේකම්වරයා වෙත බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

2023/24 වසරවලදී ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

2023 සහ 2024 වසරවලදී ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට නියෝග කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

64aca94d6097dpdf_page_0

ඉන්දීය විදේශ ලේකම් දිවයිනට

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

විනේ මොහාන් ක්වාත්‍රා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණ තිබෙනවා.

මුදල් හුවමාරු ආයතන 15 ක බලපත්‍ර අලුත් නොකිරීමට මහ බැංකුව තීරණය කරයි

මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

අදාළ ආයතන පහතින්.

64abdffb4f7adpdf_page_0

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාවක්

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රථම ගුවන් ගමන ආරම්භ කරමින් තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (09) රාත්‍රියේ 10.10ට පමණ ගුවන් යානයක් පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

එම ගුවන් යානයෙන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 දෙනෙකු මෙරටට පැමිණ සිටි අතර නැවත ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රී 10.00ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා, යළි රාත්‍රී 11.00ට තායිලන්තයේ දොන් මුවාන් ගුවන්තොටුපොළ වෙත පිටත්ව යාමට නියමිතයි.