OnMax DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හය දෙනෙකුගේ බැංකු ගිණුම් අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අදාළ ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත් කර තිබූ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළේ.
එසේම අදාළ සමාගමට අයත් බැංකු ගිණුම් 95ක්ද මේ වන විට අත්හිටුවා ඇති බවද විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබෙනවා.
මොවුන් විසින් වංචා කර ඇති මුදල කොතෙක් ද යන්න මෙතෙක් සඳහන් කළ නොහැකි බවත්, අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හයදෙනාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 79 මෙන් විසි ගුණයක් පමණ ඔවුන් උපයාගෙන ඇති බවට සැක කරන බවයි අධිකරණයට දැනුම්දී ඇත්තේ.
අදාළ සමාගමේ ආයෝජන ලෝකයේ විවිධ රටවල ඇති බවට සමාගම සඳහන් කළ ද, මෙතෙක් ඒ පිළිබඳව කිසිඳු සාක්ෂියකින් තහවුරු කිරීමට ඔවුන්ට හැකි වී නොමැති බවද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Category: news_sub
2024 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
2024 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන අයඳුම්පත් කැඳවීම සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අදාළ අයඳුම්පත් අගෝස්තු මස 18 වැනිදා දක්වා යොමුකළ හැකි බවයි අධ්‍යපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාළ අයඳුම්පත් පාසල්වල විදුහල්පතිවරුන්ට භාරදිය හැකි බවයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ලබන වසරේ සිට පාසල් විභාග නියමිත කාලයේම පැවැත්වීමට කටයුතු කරනවා – අධ්‍යාපන ඇමති
ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
පසුගිය කාලය තුළ රටේ පැවති අර්බුද තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වීමේ කාල වකවානු සංශෝධනය කිරීමට සිදුවු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වැඩි දුරටත් සඳහන් කළේ, මේ සඳහා ගුරුවරුන්ගේද සහයෝගය අවශ්‍ය බවයි.
අනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය අද විවෘත කෙරේ
අනුරාධපුර සිට ඕමන්ත දක්වා ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය මාර්ගය ධාවනය සඳහා අද (13) දිනයේ නිල වශයෙන් විවෘත කෙරෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
එම දුම්රිය මාර්ගයේ පැයට කිලෝමීටර් 100කින් දුම්රිය ධාවනය කරවීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.
සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑම වහා නවතා දැමීමට කටයුතු කළ යුතුයි – අන්තර් සමාගම් සේවක සංගමය
දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට මුවාවී සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑම වහා නවතා දැමීමට කටයුතු කළ යුතු බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා.
ඒ අනුව එසේ නොවුනහොත් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් එක් කර ගනිමින් දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බවයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කළේ.
සනත් නිශාන්තට එරෙහි පෙත්සම් 3 ක් සැප්තැම්බර් 27 යළි කැඳවීමට නියෝග
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් 03 ක් සැප්තැම්බර් මස 27 වන දා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම පෙත්සම් අද (13) අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ, මෙම පැමිණිල්ලට අදාළව කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවයි.
එම අවස්ථාවේදී එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, එවැනි පරීක්ෂණයකින් තොරව මෙම පෙත්සම පවත්වාගෙන යාමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.
ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 27 යළි කැඳවන ලෙසයි අභියාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.
අස්වැසුම අභියාචනා සහ විරෝධතා මිලියනයකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා – ශෙහාන් සේමසිංහ
අස්වැසුම සුබසාධන වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව අභියාචනා 982,770ක් සහ විරෝධතා 62,368ක් මේ වනවිට ලැබී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ හිමියන්ට මෙම මාසයේ සිට අදාළ දීමනා ලැබෙන බවත් වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා ගෙවීමේ වෙනසක් සිදුනොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සද්ධාරතන හිමි ඇප මත මුදා හැරේ
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ අනුව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදාහැර ඇති බව සඳහන් වන්නේ.
ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
සිය Twitter ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර තිබෙනවා.
බලපත්‍ර නොමැති බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම්
බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා විශේෂ වැටලීම් ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ සඳහා කණ්ඩායම් 4 ක් යොදවා ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනාරාල්, ආචාර්ය නිලාන් මිරෙන්ඩා සඳහන් කළේ.
පසුගිය දා පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලමින් බස් රථයක් ඔයට පෙරළී සිදු වූ අනතුරක් සිදුවූ අතර එම බස් රථයද බලපත්‍රයක් නොමැතිව ධාවනය කර ඇති බවටයි චෝදනා එල්ල වුණේ.
