වික්ටර් කසාද බැන්ඳා,එච්චරයි

සංඛ රඹුක්වැල්ල

මම ඔබෙන් ඇහුවොත් ඔබ පිරිසිදු මනුස්සයෙක් ද කියලා කොයි වගේ උත්තරයක් ඔබ මට දෙයි ද ? පිරිසිදුකම නේද ? ඔබ හොඳින් හරි බරි ගැහිලා වාඩිවෙලා ඔබේ පවිත්‍රත්වය පැය ගානක් වුණත් කියවයි.සංස්කෘතියෙන් ඔබ ලද පෝෂණය,බුදු දහමේ ආශිර්වාදයෙන් ලැබුණු පෝෂණය,දෙමාපිය ආදර්ශයන් මේ හැමදේම නිසා ඔබ කළල් ජලයෙන් මතු වුණ නෙළුමක් වගේ පිරිසිදුයි කියලා ඔබ මට කියයි.ඔය ප්‍රශ්නය මම ඔබෙන් විතරක් නෙවෙයි.ලංකාවේ මිනිස්සුන්ගෙන් සීයට අනූවකගෙන් ම ඇහුවොත් ඔවුන් සේරම කියයි ඔවුන් සියලු දෙනාම ඉතාමත් පිරිසිදු අයවළුන් බව.කතාව ඇත්ත වුණත් කාගෙවත් පෞද්ගලික කරුණු කාරණා අදාළ නැති නිසා ඒ කියන්නේ ඇත්තම ද කියලා අපි සාමාන්‍යයෙන් ඔහු හෝ ඇය ඉස්සරහා ප්‍රශ්න කරන්න යන්නේ නෑ.ඔහු හෝ ඇය කියන කාරණය වම් කණින් අහලා දකුණු කනින් පිට කරන ගමන් අපි වෙන කාගෙන් හරි මෙහෙම අහනවා .” මේ අරයා එහෙමද ,එයා මෙහෙම ද ” කියලා.මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා ඔබ ඔබ කවුරුදැයි කීවත් කිසිම දවසක ඔබ ඔබ ගැන කියන දේ මිනිස්සු පිළිගන්නේ නෑ.ඒ නිසා ඔබට හිත හදාගෙන බලාගෙන ඉන්න වෙනවා සත්‍ය එළියට එනකම් ම.සත්‍ය එළිවෙන්න කොයිතරම් කාලයක් ගියත් ඔබට මට හිත හදාගන්නම වෙනවා.

ඒ කතාව එහෙම ම තියලා මම පොඩ්ඩක් වික්ටර් රත්නායක පැත්තට හැරෙන්නම්.අද මේ ලිපිය මම ලියන දිනයට මගේ වයස අවුරුදු විසි හයක්.මේ අවුරුදු විසි හයටම මම අහපු නිර්ලජ්ජීම සමාජමය වටිනාකමක් ලැබුණු ඕපාදූපය ඇහුවේ වික්ටර් රත්නායක ගැන.වික්ටර් වයස තිහක කාන්තාවක් හා විවාහ වෙලාලු. ඒක අහපු ගමන් මට අනිත්පැත්තට අහන්න හිතුණේ “ඉතිං මොකද ? ” කියලා.නිසි වයස එළඹුනාට පස්සේ මනුස්සයෙක්ට තමන් කැමති කෙනෙක් එක්ක නීත්‍යානුකූලව විවාහවෙන්න අයිතියක් තියෙනවා.ඒ අයිතිය නීත්‍යානුකූලව වික්ටර් පාවිච්චි කළානම් ඊට එහා ඔබට එය ප්‍රශ්න කරන්න තියෙන සදාචාරාත්මක අයිතිය මොකක් ද ? ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ගැහැණියෙක්ට ‍රැඳී ඉන්න අමාරුම ක්ෂේත්‍රවලින් එකක් කියලා මම කීවොත් ඔබ ඒක පිළිගන්නවද ? ලංකාවේ කලා ක්ෂේත්‍රය කියන්නේ සල්ලාල මඬුවක්.බලය ගොඩ නගාගත් ,බලය තහවුරු කරගත් පිරිමින් පිරිසකට යට වුණ පුරුෂාධිපත්‍යයට නතු වුණ සල්ලාලයන්ට නතු වුණ කෙළි බිමක්.ඒ කෙළි බිම ඇතුලේ ඔබ දකින පරමාදර්ශී චරිතවල නිර්ලජ්ජී නිර්වස්ත්‍ර පැතිකඩ බලාගන්න පුළුවන් අවශ්‍යනම් ඔබට. සිංදුවක් කරලා දෙන්නම් නංගී,ෆොටෝ ෂූට් එකක් කරලා දෙන්නම් නංගී,‍ෆිල්ම් එකක පොඩි කෑල්ලක් රඟපාන්න දෙන්නම් නංගී කියන කාලාකාමී අයියලා හැරුණ තැපෑලෙන් ආපහු මෙහෙම කියනවා.”හැබැයි කෙල්ලේ,අපිට සලකන්න ඕන හරි ද ? ” කියලා.ඒ සැලකීම මත්පැන් බෝතලේ ඉඳලා ලිංගික කටයුත්ත දක්වා ඉදිරියට විහිදෙනවා. ඉතිං එහෙම තැනක වික්ටර් ට චෝදනා කිරීම කෙතරම් පදනම් විරහිත දෙයක් ද ? ඔබට හිතන්න බැරිද වික්ටර් කියන්නේ සුපිරි “පොරක්” කියලා.හොරගෑණියෙක් තබා නොගෙන ඔහු ගැහැණියක් සමඟ විවාහ වුණා.එච්චරයි. වික්ටර් ගේ වත් ඒ ගෑණු කෙනාගේවත් රෙද්ද අස්සේ ඇඟිලි ගහන්න යන්න එපා.ඉඩකඩම්,දේපළ ප්‍රශ්න තියෙනවානම් ඒ මිනිස්සු ඒවා විසඳාගනී.මොකද ඔය කුණු හොයන්න යන ඔබෙත් මගෙත් කිල්ලෝටවල හුණු ඕන තරම් ඉතිරිවෙලා තියෙනවා අපි කාටවත් නොකීවට. ඔබට රිදුනද ? රිදුනනම් සමාවෙන්න

“ආශාවරී” හෙළුවෙන් එන්න

සංඛ රඹුක්වැල්ල

ඔබ රාත්රී” දහයට විතර ගාලු පාරේ ඇවිදලා තියෙනවානම් දකින්න පුළුවන් වෙයි රාත්රිෙයේ අවදිවන්නට බලාපොරොත්තුවෙන් ඉන්න ජීවිත.ඒ ජීවිත අවදිවෙන්නේ රාත්රිනයට,ගාලු පාරේ දිගටම තියෙන තරු පන්තියේ හෝටල් වල නිල් පාට එළිය අතරින් ජීවිතේ වෙනම ඉසව්වක් හොයන මිනිස්සුන්ගේ අත පය එහෙට මෙහෙට විසිවෙනවා ඔබට මහපාරේ ඉඳලා බලාගන්න පුළුවන්.මෙතන පන්සිල් පද පහම කැඩෙනවා.පහම කීවම ඔබ බලයි පළවෙනි පන්සිල් පදය කැඩෙන්නේ නෑනේ කියලා,ඇයි මතක නැද්ද “රෝයල් පාක් සුරූපිනිය”,අහ් ඔව් ඔව් බඹර නාදේ සිංදුව හැදුනේ ඒ සිංදුව පදනම් කරගෙන තමයි.
කොහේදෝ අස්සක හැංගුණ මතකයක් එකපාර මට මතක් වෙනවා.ඒ මතකය කෙටියෙන් මම ඔබට කියන්නම්.අප්රිතකාවේ ගෝත්රි ක කාන්තාවක් ජලය ‍රැගෙන එන්න දිය කඩිත්තක් අසලට යනවා.ඇය ශරීරයේ යට කොටස පමණක් වැහෙන්න විතරයි ඇඳගෙන ඉන්නේ.ඇය ජලය පුරවාගැනීමට සූදානම් වෙනකොටම ඒ අසලින් විදේශිකයෙක් යනවා.විදේශිකයා දැක්ක ඇය එක්වරම කළබල වෙලා ඇය ශරීරයේ යට කොටසට ඇඳ සිටි රෙද්ද ගලවලා ඇය ඒකෙන් මූණ වහගන්නවා.එය එක්තරා මට්ටමක බුද්ධිමත් ක්රිලයාවක් කියලා ඇතමෙක් ට තර්ක කරන්නත් පුළුවන්.මොකද මනුස්සයෙක් අඳුනගන්නේ මුහුණෙන් මිසක් අනිත් අංගෝපාංග වලින් නෙවෙයි නේ.

ලංකාවේ ඕනෑම දෙයක් සම්බන්දයෙන් පවතින විචාර කලාව අර මම උඩින් කීව කතාව හා සමානයි.මූණ වහගත්ත හෙළුවැල්ලෙන් ඉන්න පිරිසක් “හුරේ රන්” කියලා බැනගෙන බැනගෙන යනවා.”දැන් කාලේ වගේ නෙවෙයි ඒ කාලේ,”අම්මට සිරි” අපි හිටියේ කොහොම ද? අපි බැලුවෙ අහවල් නාට්යය,අපි බැලුවේ අහවල් චිත්‍රපටි,ඒවගෙන් දුන්න සමාජ ආදර්ශය අපිව කරකවලා අතෑරියා….” ඕනෑම රූපවාහිනී හෝ ගුවන් විදුලි වැඩසටහනකට පැමිණෙන විචාරකයෙක් පට්ටපල් බොරුවක් හැමදාම ඔහොම කියන්න පටන්ගන්නවා.මේක මහ පට්ටපල් බොරුවක්.ඒ වගේම අර මුලින් කීවා වගේ මූණ වහගෙන හෙළුව ප්රිදර්ශනය කිරීමක්.මම එහෙම කියන්නේ ඔය සාම්ප්රූදායික “ජහුතා ” වගේ සංදර්ශන වල තිබුණේ අමු කුණුහරුපමය දෙබස්.එව්වා කට ඇරගෙන අහගෙන ඉඳලා මානසික ස්වයන් වින්දනයේ යෙදිලා අප්පේ ඉතින් රූප පෙට්ටියට ඇවිල්ලා දාර ටෝක් දෙනවා මූණ විතරක් වහගෙන හෙළුව ප්රිදර්ශනය කරගෙන.නිරුවත හෝ ලිංගිකත්වය නිර්මාණ වලට එන්නේ ප්ර ධාන කාරණා දෙකක් පදනම් කරගෙන.එකක් තමයි ආත්ම ප්රාකාශන නිර්මාණාත්මක ආවේශනයක දී ඒ චරිතයට අදාළව,අනෙක වෙළඳ ප්රමචාරණය සඳහා( මාර්කට් කිරීමට) හැබැයි හිරවෙච්ච,ඉදිමෙච්ච,කුණුවෙච්ච ලංකාවේ රසිකයා හැමදේම වගේම මේකත් පටලවාගෙන ඉන්නවා.ඒ නිසාම ෆ්ලයින්ග් ‍ෆිෂ් චිත්ර පටය වෙනුවෙන් අප්රඅමාණ කැප කිරීමක් කෙරුව නිළියට පලු යන්න බණිනවා.බණින ගමන් අන්තර්ජාලයේ තියෙන ඒ විනාඩි දෙකේ වීඩියෝ ක්ලිප් එක බලනවා.බලලා අහනවා “ඒ සීන් එක ඇත්තටම කරන එකක් ද ?” කියලා.ඔන්න ඕකයි ලංකාවේ ප්රේාක්ෂකයගේ රස වින්දනය.
“ආශාවරී” එළියට එන්නේ හෙළුවැල්ල මාර්කට් කිරීම පදනම් කරගෙන.රාත්රීර සමාජ ශාලාවක ජීවිත ගැන අල්පෙනෙති තුඩක තරම් අවබෝධයක් මේ විඩියෝව හරහා දෙනවා.මම ඒක නෑ කියන්නේ නෑ.අර මුලින් කලාත්මක සිනමාවට බැන්න මිනිහම ආයේ දෙපාරක් නැතිව “ආශාවරී” ටත් බණිනවා.ඒ බණින ගමන් හිතනවා.”ශික් අපරාදේ” මේක හෙළුවෙන්ම කරන්න තිබ්බා නේ කියලා.

” “ආශාවරී” මත්ද්රකව්යබ අරන් පන්සිල් පද වලින් කිහිපයක් ම කඩලා උදේට නැගිටිනවා.රාත්රිකයේ මත්ද්ර ව්යය වලින් වගේම ලිංගිකවත් දෙපාරක් මත් වුණ ඇය උදේට නැගිටින්නේ “ස්පෝර්ට් බ්රාම” එකක් සහ යට කලිසමක් ඇඳගෙන.”ඒක එහෙම වෙන්න විදිහක් නෑ.ආශාවරීට එහෙම නැගිටින්න බෑ.ඒක වැරදී.වීඩියෝ වේ ඒකීය ධාරණාවට එය විරුද්ධයි,රස වින්දනයට එය බාධාවක්,ඒ නිසා ආශාවරී එන්න ඕන හෙළුවෙන්,ඇය බාත් රූම් එකට යන්න ඕන හෙළුවෙන්,ඒක ක්ලෝස් අප් එකක් ගන්න ඕන.කියලා යටි හිතෙන් අපේ මිනිස්සු කියන ගමන් අපිට අපේ ළමයි හදාගන්න ඕන.අවුරුදු දෙදාහස් පන්සීයයක අතීතයක් එක්ක බැඳුණු සංස්කෘතියක් තියෙනවා අපිට.අපේ සංස්කෘතිය සභ්යීත්වය ඉවරයි,අපි ඉවරයි,”ආශාවරීගේ ” හෙළුවැල්ල අපිව කෑවා.අපිව විනාශ” කළා කිය කියා යූ ටියුබ් එකේ මිලියන තුනක් විතර ආශාවරී වීඩියෝව නරඹනවා. මේක නිකම් මහ අමුතු රටක්,අමුතු වින්දනයක්.ආශාවරීට බණින්නේ නැතිව වීඩියෝව නොබල ඉදපල්ලකෝ දෙයියනේ.එහෙම නැත්නම් කොහේ හරි සීඩී කඩයකට ගිහින් පරණ සින්දු ටිකක් සීඩී එකකට රයිට් කරලා උදේ හවා පිරිත් දානවා වගේ ඇහුවනම් ඉවරනේ.හැත්තැව දශකයේ ‍ෆිල්ම් ටිකක් ගෙනල්ලා බැලුවනම් ඉවරනේ.මෙච්චර තාක්ෂණය දියුණු එකේ ඒවා නොකර “ආශාවරී” ගේ රෙද්ද අස්සේ ඇඟිල්ල ගහන්න ඕන නෑනේ.මොකද ඔය කියන මහා සංස්කෘතිය ඇතුලේ තමයි විනාඩියකට එක ගැහැණියක් දූෂණය වෙන්නේ.සෑම විනාඩි තුනකට වරක්ම කුඩා ළමයෙක් අපයෝජනය වෙන්නේ.”ආශාවරී” ගේ හෙළුවැල්ල වෙනුවෙන් හඬ නගන උන් ඒ වෙනුවෙන් හඬ නැගුවානම් අඩුම එක ගැහැණියෙක් හරි බේරාගන්න පුළුවන් වෙයි.ඒ නිසා මුහුණ වහගෙන හෙළුව ප්ර දර්ශනය කරන්න ඕන නෑ.”ආශාවරී” ඔබ හෙළුවෙන් එන්න.මිලියන තුන මිලියන දහය වෙනවා.මම කැට තියලා කියන්නම්.පොඩ්ඩක් බණී.හැබැයි ඒ ආදරේට.

“එක ලකුණක් අඩුවීම දත් දොස්තර වීමට සුදුසුකමකි , දෙකක් අඩුවීම කොන්දොස්තර වීමට හේතුවේ”

දමිත් විලේගොඩ

අධ්යාපනය යනු අයිතියකි. ඒ අයිතියට අකුල් හෙලීම දඬුවම් ලැබිය හැකි වරදකි.මේ වනවිට අපේ රටේ දොස්තර ප්රශ්නය හිඟන්නාගේ තුවාලයක් බවට පත්ව ඇත.අනෙක් අතට අනෙක් සෑම ප්රශ්නයක් ම දේශපාලනීකරණයකට ලක්කරනවා මෙන්ම දොස්තර ප්රශ්නය ද දේශපාලනික මුහුණුවරක් ගෙන ඇත.එය කෙතරම් හාස්යජනක ද යත් එවකට එනම් සයිටමය පටන් ගැනීමේ වකවානුවේ රට කරවපු ඇත්තාම දැන් ඊට විරුද්ධවීමයි. සයිටමය යනු රෝගීන්ට “මරුවා සමග වාසේ” සේ සේ යැයි කෙනෙක් අර්ථ දක්වයි.

අනාදිමත් කාලයක් මානවයා ටිකෙන් ටික එකතුකරගත් දැනුම් සම්භාරයක් නිදහසේ ඉගෙනීමේ අයිතියක් ලංකාවේ ඇත.එමෙන්ම නිදහස් සෞඛ්යය සේවාවක් ද ඇත. නිදහස් අධ්යාපනයට හෙණ ගසා ගැණීම අධ්යාපනය විකිණීම යයි කියාද පැවසිය හැක.

ඉස්සර අපි ජොලියට කියන කථාවක් ඇත.එනම් , “එක ලකුණක් අඩුවීම දත් දොස්තර වීමට සුදුසුකමකි , දෙකක් අඩුවීම කොන්දොස්තර වීමට හේතුවේ” එය අප ජොලියට කියපු කතාවක් වුව එහි බරපතල යටි අරුතක් ඇත.එනම් සියළු කාරනා සඳහා අවශ්ය සුදුසුකම කියන කාරණාවයි. ලංකාවේ වෘත්තීයමය ගරුත්වය කියන කාරනාව දොස්තර ශ්රේෂ්ත්රයේ ඉහල තැනක ඇත.

ඉස්සරනම් එතන බැබළුණේ නඩුකාර උන්නාන්සේලා ය.අද රථ වාහන නඩුවකට උසාවි ගියොත් ලෝයර් නොනලා මහත්තුරු කතරගම මල් විකුණන මල් කෙල්ලන් සේ යැයි මට නම් සිතේ.

දොස්තරලා පැටවු ගැස්සවීම වුව පිළිගත් ක්රමවේදයකට ලංකාවේ ම සිදුකිරීම හොඳය.මොකද ලංකාවේ බැරිනං MBBS London , MBBS China හෝ රුසියාවට හෝ යාමට අපේ උන්දැලා සැදී පැහැදී සිටී.ගෙයක් ඉඩමක් විකුණා හෝ උකස් කර රට ගොස් දොස්තරලා වූවෝද ලෙඩ්ඩුන්ට බේත් කරති.එමෙන්ම දොස්තරලා වැඩිවීම ද රටට අයහපත් ප්රතිඵල අත්කරදෙනු ඇත.

අපේ අසල්වැසි ඉන්දියාව දොස්තරලා අතිරික්තයක් ඇති රටවල් අතර ඉදියෙන් සිටී .අපේ රටේ හෝ වේවා පිටරටක හෝ වේවා ඉන්දියානු වෛද්යවරුන් කීදෙනෙකු සේවයේ නිරතවේදැයි බලන්න.

අනෙක් අතට අනෙක් අතට A/L වලිං ගත් දැනුමෙං වෙදකං කරන්නේ නැත. S3ක් යනු High result එකක් නැතත් විභාගය සමත් බවය. විශ්වවිද්යාලවල ඉඩ තිබුනා නම් S තුනටත් යන්න තිබුනා යයි සිතිය හැක.

ලංකාවේ ඕනෑම විශ්වවිද්යාලයකට සිසුන් ඇතුළත් කර ගනු ලබන්නේ පිළිගත් ක්රමවේදයකට අනුවය.එනම් Z ලකුණ හා දිස්ත්රික් කුසලතාවයය.මෙහි ගැටලු සහගත තත්ත්වයක් ඇත.එනම් කොළඹින් A2 B1 ගත් ශිෂ්යයාගේ දිස්ත්රික් කුසලතාවය 31 යයි සිතමු.කොළඹින් වෛද්ය විද්යාලයට තෝරාගන්නේ 30 ක් නම් 31 වන සිසුවාට වෛද්ය විද්යාල වරම් අහිමි වෙයි.නමුත් නුවරඑළිය දිස්ත්රික්කයේ A1 B2 ගත් සිසුවා දිස්ත්රික් කුසලතාවය එක වී වෛද්ය විද්යාලයට තේරී පත්වෙයි. එවිට කොළඹ 31 ගත් සිසුවාට සල්ලි තියවා නම් වෛද්ය උපාධියක් ගත්තාට වරදක්නැත.

මෙය සාපේක්ෂව අනෙක් දිස්ත්රික් වලටද අදාළ කරගත හැකි පිළිගත් ක්රමවේදයකට සිදුකල හැකිය.

එතකොට සල්ලි නැති අය???????? එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවිතය ගැට ගහගන්න දෙමාපියන්ගේ දරුවන් ????? ඒ ප්රශ්නය ට උත්තර කියවන ඔබට වත් ලියන මටවත් මං හිතන්නේ නෑ තියනව කියල . අවසාන වශයෙන් මෙසේ ලියමි. වෛද්ය වෘත්තීය හා ඔටෝ මොබයිල් වෘත්තීය වෘත්තීන් දෙකක් මිසක් එකක් නෙවෙයි.

“ඇයි තමුසේ අර ගෑණි ගාවට ගියේ ? “

සංඛ රඹුක්වැල්ල

නුගේගොඩ තියෙන බෝඩිම් කාමරයට යන්න හැමදාම මම කොළඹ විශ්ව විද්‍යාලය ගාවින් ගොඩවෙන්නේ 138 බස් එකට.මිනිත්තුවකට 138 බස් එකක් දෙකක් එතනින් යන නිසාම කිසිම තරඟයක් නැතිව ගොඩවෙන්න පුළුවන් බස් එකක් නිසා 122 වගේ වේගයෙන් යන බස් වලට ගොඩ නොවන්නත් 125 වගේ අඩු වේගයෙන් ඒත් හදිස්සියෙන් යන බස් වලටත් ගොඩ නොවී සැහැල්ලුවෙන් ගමනාන්තය දක්වා යන බස් එකකට ගොඩවෙන්න මම කැමතී.

ජීවිතය කියන්න තරඟයක් කියලා මම දන්නවා.ජීවිතය දිනන්න කෙසේ වෙතත් ජීවත් වෙන්නත් තරඟයක් දෙන්න ඕන කියලත් මම දන්නවා.ඒත් තරඟ කරන්න ඕන සමාන අවස්ථාවන් ඔක්කොටෝම තියන පිටියක මිසක් එක්කෙනෙක් සුගතදාස එකේ දුවද්දී තව කෙනෙක් ගමේ සොහොන් පිට්ටනියේ ඉතුරු වෙච්ච පුංචි කොටසේ දුවන එක තරඟයක් වෙන්නේ නෑ.

ඒ නිසා මවාගත්ත “පොෂ්” එකකුත් නැතිව වැළපුමක් නැති “පුස්” එකකුත් නැතිව ඉහෙන් කණෙන් දාඩිය බේරෙන 138 බස් එකේ මම නුගේගොඩ බලා යනවා.බස් එක නුගේගොඩ හෝල්ට් එකට දාන්නේ හරියට ඉස්සරහ රෝද දෙක උපරිම හරවලා,තවත් පොඩ්ඩක් වැඩිපුර කපලා සනීපෙට බ්‍රේක් පාරකුත් ගහලා.හිර වෙච්ච කලිසම් ඇඳගත්ත අක්කලා නංගිලා වගේම ඇන්ටිලත් මූණ බෙරි කරලා බස් එකේ ඉන්න පිරිමි දිහා බලනවා ඒ බ්‍රේක් පාරේ සැරට.බ්‍රේක් ගැහුවේ අපි නොවන නිසා ඒ අය කරබාගන්නවා ඇති කියලා අපි හිතහදාගමු.

නුගේගොඩ බස් ස්ටැන්ඩ් එකෙන් බැස්ස මම හැටන් නැෂනල් බැංකුව ගාවට ඇවිල්ල එතනින් ගුවන් පාලම යටින් රිංගලා පාරේ අනිත් පැත්තට යනවා.ඒ යන්නේ කොහුවල හංදියට යන පාර පැත්තට.හරියටම කොහුවල පැත්තට හැරෙනකොට “ඕපල්” එක තියෙනවා..ඊට පස්සේ “නෝ ලිමිට් ” එක තියෙනවා.”නෝ ලිමිට්” එක පහුවෙනකොටම බහුතරයක් අය “ලිමිට් ” කරා කියලා පෙන්නන කාර්යයක් “අන්ලිමිට්” විදිහට පාවිච්චි කරන කෙනෙක් මුණ ගැහෙනවා.

ඇයට ගණදෙනුකරුවෙක් මුණ නොගැසෙන ඕනෑම අවස්ථාවක ඇය එම ස්ථානයේ ඉන්නවා.තැඹිලි පාට ටී ෂර්ට් එකකින් සැරසුන ඇය ඩෙනිම් වර්ගයේ රෙද්දකින් නිම කරපු කෙටි සායකින් හැඩවෙලා ඉන්නවා.උස අඩි පහක් විතර වන ඇය කොණ්ඩය කොටට කපලා ඉන්නේ.

කළු පාට පබළු දෙකක් වගේ කරාඹු දෙකකින් අලංකාර වුණ ඇගේ කන්පෙති වලට ඇය ඒ තරම් ලොකු වටිනාකමක් නොදුන්නේ ඇයි කියලා වෙලාවකට මට ප්‍රශ්නයක් මතුවෙනවා.කොහොම නමුත් ඈ එක් අවස්ථාවක් එනතුරු බලාගෙන ඉන්නවා.අවස්ථාව කෙතරම් සංකීර්ණ වුණත්,කෙතරම් සරළ වුණත් තරඟයක් ඇති මිනිසුන් වෙනුවෙන් තරඟයක් නැතිවම ඈ විකිණෙනවා.අයෙක් ඒක අනුකම්පා කළයුතු දෙයක් විදිහට දකිද්දි තවත් අයෙක් එය අනුමත කළ හැක්කක් ලෙසත් තර්ක කරන්න පුළුවන්.අනුමත කිරීම හෝ නොකිරීම පුද්ගලයා සතු පෞද්ගලික කියවීමක් මිසක් එය සමස්තයේ කියවීම නොවන බවනම් මතකතබා ගත යුතුම කාරණාවක්.

මේ ඊයේ පෙරේදා එක්තරා ගුවන් විදුලි නාලිකාවක මධ්‍යහන පුවත් විකාශනය තුළින් එක විශේෂ පුවතක් වාර්තා කරනවා.එක් උප ප්‍රධාන නගරයක පවත්වාගෙන යන ගණිකා නිවාසයක් වසා දමන්න කියලා පංසලේ හාමුදුරුවොයි ,ගමේ කාන්තාවන් සහ පිරිමින් එකතුවෙලා උද්ඝෝෂණයක්.කට්ටිය බොහොම ‍රැඩිකල් විදිහට “වොයිස් කට් ” දීලා කියනවා මේ ගණිකා නිවාසය එම ස්ථානයෙන් ඉවත් කරන්නලු.එතෙක් කලක් පැවතුන සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාස වෙනවලු.ඒ අතරේ එක් කාන්තාවක් මාධ්‍ය නාලිකාවට මේ විදිහේ “වොයිස් කට් ” එකක් දෙනවා..

“අපේ ස්වාමිපුරුෂයන් අපිට ආරක්ෂා කරගන්න ඕන,ඒ නිසා අපි පොලීසියට කියන්නේ ,කරුණාකරලා මේ ගණිකා නිවාසය මෙතනින් ඉවත් කරන්න ”

කියලා ඈ කියනවා.ඈ කියන කතාව මටනම් හරියට අකුණක් ගැහුවා වගේ දැණුනා. “අපේ ස්වාමිපුරුෂයන්” ආරක්ෂා කරගන්න ඕන කියලා ඈ කීවේ ඇගේ අවංක හැඟීමෙන් වෙන්න ඇති.ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමි පුරුෂයාව ගණිකාවකගෙන් ආරක්ෂා කිරීමත් ආසියාවේ සාම්ප්‍රදායික ගැහැණියට අයත් කාරණයක් ද කියන එක.ගණිකාවක් සමඟ ලිංගිකව හැසිරිලා එන උත්තම පුරුෂයා කහ දියර ඉහළා පිළිගන්න තවමත් ආසියානු ගැහැණිය සූදානම් ද කියන කාරණය.

ඒ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තවමත් ගැහැණිය පුරුෂාධිපත්‍යට යටයි කියන එක ද ?  ඇයගේ ප්‍රකාශය හරහා එළියට ආවේ සම්ප්‍රදාය කරේ තියාගෙන ඉන්න සිතිවිලි වලින් දුප්පත් වූ ආසියාතික පීඩනයෙන් මිරිකෙන ගැහැණිය කියලයි මම හිතන්නේ.ඒක වඩාත් සරළව කියනවානම් මෙහෙම .

බිරිඳ සැමියගෙන් අහනවා “ඇයි තමුසේ අර ගෑණි ගාවට ගියේ ? ” කියලා.එතකොට සැමියා උත්තර දෙනවා “උබට මොකටද ඒක? මම පිරිමියෙක් ” කියලා.එතකොට මේකද ආසියාතික ගැහැණිය ආරක්ෂා කිරීමට වෙර දරන සංස්කෘතිය.

සංස්කෘතිය එහෙම ආරක්ෂා කළා කියලා හිතුවත් කෝ සමානාත්මතාවය?

සංස්කෘතිය ආරක්ෂා කිරීමේ සහ සම්ප්‍රේෂණය කිරීමේ වාහකයා ලෙස ගැහැණිය ලෙස හැඳින්වෙද්දී කාන්තාවක් අහම්බයෙන් මුණ ගැහුණොත්,චාන්ස් එකක් ලැබුණොත් ඒ අවස්ථාව “පිරිමියෙක්” වීම නිසා ප්‍රයෝජනයට ගැනීමට පිරිමියාට සාධාරණ අයිතියක් තියෙනවා කියලා ගැහැණිය ඉවසන්න ඕන කියන එකද ඒ කතාවේ යටිපෙළ අර්ථය.ඒක මහ පුදුම සංස්කෘතිකමය ලක්ෂණයක් කියලා හිතෙන්නේ මට විතරක් ද ?.

ඊටත් වඩා පුදුමය ගැහැණිය පුරුෂාධිපත්‍යය දිගින් දිගටම රඳවාගෙන යන්න අනුබල දීම නෙවෙයි ද ? කොහොමද මේ අවස්ථාවන් දෙක තුලනය කරගන්නේ අපි.ඒ කියන්නේ ගමේ ඉන්න ගෑණු ටික කැති පොරෝ අරන් ඇවිල්ලා අර ගණිකා වෘත්තිය කරන අහිංසක ගෑණු ටික පන්නලා දැමීම ද ඒ මහා සංස්කෘතිකමය තුලනය කිරීම ?

ඒක මහ පුදුම තුලිතකරණයක්.එතකොට ඔය උද්ඝෝෂණයෙම ඉන්න ඒ ගණිකාවන්ගෙන් පහස ලබපු පිරිමින්ට ලබාදෙන්න පුළුවන් දඬුවම මොකක් ද ? උන්ට දඬුවමක් නැත්නම් අර ගැහැණුන් දඬුවම් ලබන්න තියෙන අයිතිය මොකක් ද ?

ඒ දඬුවම් ලැබීමට එකම සුදුසුකම ගෑණු ” ගෑණු” වීම නම් අපි තවමත් ඉන්නේ පිරිමියා විසින් සිය ආධිපත්‍ය තහවුරු කිරීමට කෘත්‍රීමව ගොඩ නගපු ඊනියා සංස්කෘතියක කියලා කණගා‍ටුවෙන් වුණත් කියන්න වෙනවා.ඒ නිසා පිරිමින්ගේ සංකෘතියක් ආරක්ෂා කිරීම වෙනුවෙන් අසීමිතව ගැහැණු පෙළ ගැහෙන අමුතු පන්නයේ රටක ජීවත් වීමේ “ලල්” එක ඔබත් විඳින්නකියලා අවසාන වශයෙන් මම කියන්නම්.

 

 

Valentines Day – Lovers express their Adoration to their Sweethearts

By: Pramod Kandanarachchi

Many lovers would take advantage of February fourteenth – Valentines Day – to express their adoration to their sweethearts in the form of greeting cards and chocolates (perhaps few smooches tooJ).  It was a celebration of more than one Christian Saints since about 200AD that may not had much to do with love. Most notable Christian martyrs named Valentine who were honored on this day were Valentine of Rome and valentine of Terni.

If you are eager to make use of this February fourteenth to make a move on your sweetheart and hopefully get reciprocated (get lucky…) maybe you should thank Geoffrey Chaucer (in addition to Saint Valentine of course) who had made the first documented association between the Saint Valentine’s day and romantic love.

It was the year 1382. King Richard II of England was about to rejoice his matrimony to Ann of Bohemia held in Westminster Abbey. It wasn’t a popular merger for his subjects since it brought little financial benefits to England (no dowry?). The rumor was that he paid a big sum to her brother get their consent. The journalists (and paparazzi too) of the late middle ages were also not very sympathetic to his bride Ann. However the King apparently had a very romantic heart (well… he and his newlywed were just fifteen years old so there is no brainer there). The King hired Chaucer to write a poem in honor of their union.

Chaucer wrote his ‘Parliament of Fowls’ that drew parallels between human courting and the mating of birds. One of Chaucer’s stanzas decodes to modern English as: this Valentine’s Day every bird comes here to choose his mate.

So the modern Valentine’s Day was born….

The love birds all over the globe please come and greet fourteenth of February with flowers, sweets and of course a few poems.

Then there is this war on Saint Valentine’s Day coming from the East: The arguments against celebrating this day have origins in both religious and political perspectives.

The religious censures arising from more traditional sages stem from the belief that the amatory display of affection is somehow a sin. This kind of thinking is not limited to Eastern religions such as Hinduism or Buddhism but also to almost all other mainstream religions including Christianity. In fact most of the present day values on the subject of etiquette in physical affection claimed by most easterners as their own were introduced to them by western missionaries when they were aggressively converting the natives to Christianity.

Interestingly, there was a rich custom of celebrating erotic love in ancient India personified by Kamadeva. Unfortunately this tradition was lost by the Middle Ages.

More political types with nationalistic predilections from the East consider this as another instance of an adulteration of traditional Asian cultures by western influence. Their censures have an economic component stemming from the belief that one of the ways how neocolonialism exploits countries like Sri Lanka is by commercialization of all aspects of their life including love. They see the greeting cards, gifts, flowers, etc. are nothing but empty gestures performed by youth because they were brainwashed by exploitative market-based economic campaigns.

It is difficult (and useless too) to make a case for or against putting aside a day to celebrate love. Maybe we should end this article with the fable of Saint Valentine of Rome that would hopefully be some food for thought….

It was about the year 270 A.D. when the Roman Emperor Claudius II assumed that falling in love and getting married (and subsequently making babies) is not good for his soldiers. Obviously he did not want to make his army mellow by allowing them to become husbands or fathers. Of course that was not very nice of the Emperor to take away the ultimate happiness from the very people who would get maimed or killed by fighting on his behest. This also reminds us of one such mean-spirited person from Sri Lanka who instituted similar edict in early 1980s on his young boy and girl combatants but could not follow the decree for himself. Anyway, those Roman soldiers had a liberator in the name of Saint Valentine. He secretly performed Christian weddings for soldiers and one of the nice gestures he did was cutting out hearts from parchment and giving them to soldiers and persecuted Christians.

            Saint Valentine was imprisoned for this treasonous act. It is said that the Emperor himself visited Saint Valentine in prison and attempted to convert him to Roman Paganism (talk about unethical conversions…). Well… the word is that Saint Valentine refused and in fact tried to convert the Emperor to Christianity but evidently failed.

So, he was executed.

But not before he performed a miracle and gave eyesight to the daughter of his jailer (perhaps his tormentor if we go by the present day standards of the penitentiaries – think about the compassion extended not only to his followers but also to his enemies too).

He also wrote the first ever Valentine’s card to her signing as “from your Valentine”.

I think that is one nice person worth remembering whether you get lucky or not on this fourteenth day of February.

 

සමලිංගිකත්වය සම්බන්ධයෙන් විසාකේස චන්ද්රසේකරම් සමඟ කළ සම්මුඛ සාකච්ඡාව

සාකච්ඡා කළේ
බාසුරු ජයවර්ධන

නව ව්යවස්ථාව හරහා සමලිංගිකත්වය නීති ගත කළ යුතු බවට විදෙස් කටයුතු අමාත්යංශය කරනු ලැබූ යෝජනාව ප්රතික්ෂේප වීමෙන් බොහෝ දෙනා මේ පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි හා වෙනත් මාධ්යය හරහා වැඩි වශයෙන් අදහස් දක්වන්නට විය. මේ තත්වය පිළිබඳව තරමක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට චිත්රපට අධ්යක්ෂකවරයෙකු හා ලේඛකයෙකු මෙන්ම නීතීඥවරයෙකු ද වන විසාකේස චන්ද්රසේකරම් මහතා බොස්ටන් ලංකා වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වූ අතර පහත පළ වන්නේ ඒ මහතා සමඟ අප සිදු කළ සාකච්ඡාවයි.
_visakesa_chandrasekaram_

සාමාන්යයයෙන් සමලිංගිකත්වයට කෙනෙක් නැඹුරු වෙන්න හේතු වෙන්නෙ මොන වගේ කාරණාද?

ලංකාවේ සමකාමී හා සංක්රාන්තික ලිංගික ප්රජාව (LGBT) භාවිතා කරන්නෙ සමකාමී, සම රිසි හෝ සම සරාගී කියන යෙදුම්. මේ යෙදුම් වලින් හුදු ලිංගික සබඳතා වලින් ඔබ්බට යන මානව සබඳතාවයන් සහ උප සංස්කෘතියක් ගැන කියා පානවා. ඉතින් ඔබත් මේ යෙදුම් භාවිතා කරන්න පළමුව. ඉතා කෙටියෙන් කියනවනම් සමකාමීත්වය ජානමය හා ශාරීරික හෝමෝන වලට සම්බන්ධ ඉතා ස්වාභාවික මානුෂීය නැඹුරුවක්. මේප්රශ්ණය වැඩිදුර අධ්යාපනයක් ලබා ඇති මනෝ වෛද්යවරයෙකු ගෙන් අසන එක තමා වැදගත් වන්නෙ. මම සයපෙති කුසුම චිත්රපටයනිර්මාණය කළ නිසා ම මගෙන් හැමෝම මේ ප්රශ්ණය අහනවා.

මානවයාගේ ඉතිහාසය අනුව බලද්දි සමලිංගිකත්වය පිළිබඳව මුලින්ම වාර්තා වෙන්නෙ කොහොමද?

සමකාමීත්වයට, යුදෙව් ක්රිස්තියානි ආගම් වල ආගමනයට පෙර හැම ශිෂ්ඨාචාරයකම වගේ ඉඩක් තිබුන බවට සාධක තියෙනවා. ඉන්දියාවේ කජරාවෝ දෙවොලේ සමකාමී කාන්තාවන්ගේ සම්බන්ධතා ඉතා විස්තරාත්මකව ප්රථිමා මගින් ඉදිරිපත් කරළ තියෙනව. ග්රීසියේ හා රෝමයේ නම් හැම කෞතුකාගාරයකම, ඉතිහාස පොතකම මේ ගැන සඳහනක් තියෙනව. උතුරු අමෙරිකානු ආදිවාසීන් සමකාමීන් දෙස බලා ඇත්තේ ආත්ම ද්විත්වයක් ඇති පුද්ගලයන් ලෙස. ඕස්ට්රේලියානු ආදිවාසීන් සමකාමීත්වය දෙස බලන්නේ සාමන්ය දෙයක් ලෙස. මෙයට අමතරව සංක්රාන්ති ලිංගිකයන් සමාජයේම යම් තැනක් හිමි පිරිසක් ලෙස පැසිෆික් දූපත් වල (පෆාෆිනි පුද්ගලයන්) ත්, ඉන්දියාවේත් (හිජ්රා) සහ ථෙරවාද බෞධ තායිලන්තයේ (කටෝයි) සළකනව.

frangipani-003

කෙනෙක් සමලිංගිකත්වය වගේම විෂම ලිංගිකයන් කෙරේත් ඇති කරගන්නා ලිංගික හැඟීම, එහෙමත් නැතිනම් පුද්ගලයෙක් බයිසෙක්ෂුවල්වීම ජීව විද්යාත්මක කාරණාවක් ද නැතිනම් සමාජීය කාරණාවක්ද?

ඔය අහන්නෙ ද්වී ලිංගික වීම ෆැෂන් එකක් ද කියලද? එහෙම නැතිනම් කෙනෙක් හිටපු ගමන් උදේ නැගිටල අද මම යන්නනේ ගෑනියෙක් එක්ක නෙවෙයි, පිරිමියෙක් එක්ක කියල තීරණය කරනව ද කියලද? නෑ. ලිංගික නැඹුරුව කියන්නෙ ෆැෂන් එකක් වත්, තෝරා ගැනීමක් කරන්න තරම් විකල්ප කිහිපයක් තියෙන හැසිරීමක්වත් නෙවෙයි. ඉතා ස්වාභාවික වුත් පුදුගලයෙකුගේ ස්වපාලනයෙන් තොර වූත් උපතින්ම ලබන්නාවූත් තත්වයක්. ඉතා සුළු අවස්ථාවන්හිදී මේ නැඹුරුවේ වෙනස්කම් වෙන්න පුළුවන් හෝමෝන හෝ සමාජයෙන් ලැබෙන පිළිගැනීම හෝ කෙනෙකුගෙන් ලැබෙන ආදරය වැනි කාරණා මත. මම ආයෙත් කියන්නෙ මේකට පිළිතුරු දෙන්න පුළුවන් වන්නේ උගත් මනෝ වෛද්ය වරයෙකුටයි.

මේ වන විට සමලිංගිකත්වය නීති ගත කරලා තියෙන රටවල් එය නීතිගත කිරීමට කටයුතු කරලා තියෙන්නෙ ඇයි?

‘නීති ගත කිරීම’ කියන යෙදුම පිළිබඳව මට ගැටළුවක් තියෙනව. ඒ යෙදුමෙන් හරියට ‘අනිවාර්ය කිරීම’ එහෙමත් නැතිනම් පිළිගැනීමට ‘බල කිරීම’ වගේ අර්ථයක් කෙනෙකුට දැනෙන්න පුළුවන්. මම හිතන්නෙ නිවැරදි යෙදුම ‘decriminalisation’ කියන වචනයට සමාන අර්ථයක් දෙන ‘සාපරධී දණ්ඩණයෙන් ඉවත් කිරීම’ යි. ශත වර්ෂයකටත් පෙර බ්රිතාන්ය ජාතිකයන් ලංකාවට දණ්ඩ නීති සංග්රහ හඳුන්වා දෙන විට එකතු කරල තිබුන නීතියක් තමයි 365ඒ වගන්තියට අනුව ‘බරපතල අශෝබන’ ක්රියා පොදු ස්ථානයක පමණක් නොවෙයි, පුද්ගලික ස්ථාන වල – ඒ කියන්නෙ නිදන කාමරයක සිදු කිරීමත් වසර 10 ක් දක්වා සිරි දඬුවම් ලැබිය හැකි වරදක් වීම. ඊට අමතරව එතරම් ම පැරණි ‘පාදඩ ආඥා පනත’ මගින් අදටත් වරප්රසාද නැති ලාංකිකයන්ට එරෙහිව පොලිස් හිංසනය ක්රියාත්මක කිරීම කෙරෙනවා. එනම් වීථි කාන්තාවන්, යාචකයන් හා සමකාමී – සංක්රාන්ති ලිංගික පුද්ගලයන් පමණක් නොව වෙරලේ පෙම් කරන අහිංසක තරුණ තරුණියන්ව අත් අඩංගුවට ගැනීමටත් මේ නීතිය යොදා ගන්නවා. ලංකාවේ මානව හිමිකම් ක්රියාකාරිකයන් ඉල්ලා සිටින්නේ මේ නීති දෙක ඉවත් කරන්න කියල මිසක් කිසිවක් ‘නීති ගත කරන්න’ කියල නෙවෙයි. මේ වන විට බටහිර යුරෝපයේ හැම රටක්මත්, උතුරු අමෙරිකාව හා නවසීලන්තය වගේ රටවලුත් සමකාමී විවාහ හෝ සිවිල් එක්වීම් පිළි අරගෙන තියෙනවා. දකුණු අප්රිකාව, තායිවානය සහ නේපාලය යන බටහිර නොවන රටවල් සමකාමීන්ට සමාන ලෙස සැලකීමට අවශ්ය ව්යවස්ථාමය ප්රතිපාදන සකස් කරල තියෙනව. එහෙම කරන්නෙ සමකාමීන් යනු අනෙක් පුරවැසියන් භුක්ති විඳින වරප්රසාද ලැබිය යුතු සමානත්මතාවයෙන් සැළකුම් ලැබිය යුතු මනුෂ්යයන් කොටසක් හැටියට පිළි ගැනීමට ඒ රටවල් ශිෂ්ට සම්පන්න වීමයි. අනෙක් කාරණයනම් සමකාමීන්ට එරෙහි හිංසනය හා පහත් කොට සැළකීම් ඉවත් කිරීමෙන් ඒ රටවල් වලට ලැබෙන සාමාජීය හා ආර්ථික ප්රතාලභයි. ඒ කියන්නෙ අසමාන ලෙස සැළකුම් ලබන සමකාමීන් රටේ ආර්ථිකයට බරක් වෙන්න පුළුවන්. නිදර්ශනයක් ලෙස ඔවුන්ට නිදහසේ රැකියාවක් කරන්න නැති නිසා මානසික රෝගීන් වී සෞඛ්ය සේවයට බරක් වෙන්න පුළුවන්. නිදහසේ ඉගෙනීමක් කරන්න බැරි නිසා නිසි ප්රතිඵල නොලැබී යන්න පුළුවන්. ඇතැම් රටවල සමාජ විද්යාඥයන් මේ ‘බර’ ගනන් හදා බලා තියෙනව. මේ ගනන් හැදීම් වලට අනුව අපේ අසල් වැසි ඉන්දියාවේ සමකාමී හා සංක්රාන්තික ලිංගික ප්රජාවට එරෙහි වෙනස් කොට සැළකීම් (discriminaiton) නිසා එරට ආර්ථිකයට වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 32 ක පාඩුවක් සිදු වෙනවා.
(මේ සම්බන්ධයෙන් වැඩිදුර කියවීමට පහත ලිංකුවෙන් සම්බන්ධ වෙන්න)
https://www.weforum.org/agenda/2016/01/the-real-cost-of-lgbt-discrimination/

විශේෂයෙන්ම අපේ රටේ මිනිසුන්ගෙන් එක්තරා පිරිසක් කියන දෙයක් තමයි ‘සමලිංගිකත්වය කියන එක ඒ තරම් ප්රශ්නයක් නෙමේ. නමුත්ඒක අපේ රටේ සංස්කෘතියට ගැළපෙන්නෙ නෑ“ කියලා. මේ ගැන ඔබ මොකද හිතන්නෙ?

සංස්කෘතිය කියන්නෙ නිරන්තරයෙන් වෙනස් වන දෙයක්. බ්රිතාන්ය ජාතිකයන් ලංකාවට එන විට අපේ රටේ සමකාමීන්ට එරෙහි නීති තිබුනෙ නෑ. අපේ මිනිසුන් ලිංගිකත්වය හා චර්යාවන් ගැන විවෘත අදහස් තිබුන පිරිසක්. උඩරට සිංහල නීතිය බහු පුරුෂ හා බුහු භාර්යා විවාහ පිළි ගත්ත වගේම අන්යෝන්ය කැමැත්තෙන් දික් කසාදයකටත් ඉඩ දීල තිබුන. අනාචාරය කියන වෛවාහක වරද අපේ නීති පොත් වල තිබුනෙ නෑ. අඩ නිරුවත ප්රශ්ණයක් වෙලා තිබුනෙ නෑ. කාන්තාවන් බොහොමයක් උඩුකය නිරුවත් ව ඉඳල තියෙනව. ක්රිස්තායානි වටිනාකම් වලින් අභාෂය ලත් වික්ටෝරියානු යුගයේ පාරිපාලකයන් අපේ මේ විවෘත වූත් නිදහස් වූත් පිළිවෙත් සීමා කරමින් පැන වූ නීති අපේ රටේ ඇතැම් වැසියන් අද ‘අපේ සංස්කෘතිය’ හැටියට අර්ථ දක්වා ගන්නවා. අපේ සංස්කෘතියට එරෙහි සහ අපේ රටට නොගැලපෙන දේවල් තියෙනව. ඒව තමයි – තනි පුද්ගලයෙකුට බලය කේන්ද්රණය කරන විධායක ජනාධිපති ක්රමය, නාස්තිකාර මනාප ඡන්ද ක්රමය, නූගත් ඇමැත්තන්ගේ අතකොළුවක් වන රාජ්ය සේවය, රැකියා ස්ථානයේ හෝ අධ්යාපන ආයතන වලදී සිදුවන කාන්තාවන්ට එරෙහි හිංසනය, වයසක දෙමාපියන් ව දරුවන් විසින් මහ මඟ දමා යෑම, හන්දියක් ගානේ තැබෑරුම් විවෘත කිරීමට රාජ්ය නියෝජිතයින්ට බලපත්ර ලබා දීම, කෝටි ගනන් වියදම් කරමින් රාජ්ය නියෝජිතයන්ට සැප වාහන ගෙන්වීම, ගිනි ගහන උෂ්ණත්වයක් ඇති විට කාන්තාවන් සාරි පටලවා ගෙන සෙනඟ පිරි බස් රථ වල දුක් විඳීමට බල කරන ඇඳීම් ක්රම (dress codes) නියම කිරීම – මේ විදිහට දිග ලැයිස්තුවක් මට කියන්න පුළුවන්.

සමලිංගිකත්වය නීතිගත කිරීම මෙරට ක්රියාත්මක කළ යුත්තේ ඇයි?

නීති ගත කරන්න දෙයක් නෑ මම කලින් කිව්ව වගේ. අවශ්ය කරන්නෙ ‘සාපරධී දණ්ඩණයෙන් ඉවත් කිරීම’ යි. ඒ සඳහා 2. දණ්ඩ නීතිසංග්රහයේ 365 (අ) වගන්තිය සංශෝධනය කොට ‘පුද්ගලික ස්ථානය’ කදී සිදුවන ක්රියා වරදේ සීමාවෙන් ඉවත් කළ යුතුයි. ඒ කියන්නේ අපේ නිදන කාමර තුල සිදු වෙන දේවල් හොයන්න රජයට අවශ්ය විය යුතු නෑ එතකොට. දෙවනුව පාදඩ ආඥා පනත සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි. මීට අමතරවසමකාමී – සංක්රාන්ති ලිංගික (LGBT) පුජාව මුහුන පාන ප්රචණ්ඩත්වය සහ පහත් කොට සැළකීම් වැළැක්වීම සහතික කිරීමට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12 වන වගන්තියට ලිංගික දිශාන්ති (sexual orientation and gender) එකතු කළ යුතුයි. ඒ සේරටමත් වඩා වැදගත් වන්නෙ ඔබ – මම – අප සියළු දෙනාම මනුෂ්යයන්ට (සමකාමී – සංක්රාන්ති ලිංගික ප්රජාවද ඇතුළුව) මානුෂීය ගරුත්වය ලබා දී සැළකීමයි. ඔබ ඔබේ මිතුරන්ට, දරුවන්ට, අසල් වැසියන්ට කියා දිය යුතුයි එසේ වරප්රසාද නොලත් මනුෂ්යයන්ට මානුෂීය ලෙසත්, ගරුත්වයක් ඇතුවත් සැළකීමේ වැදගත් කම. කෙනෙකුට නිගරු කරන විට ඊට එරෙහිව හඬක් නැගිය යුතුයි.

අන්තිම දුම්රිය

නීතිඥ උපුල් කුමාරප්ෙපරුම

එක්දහස් නවසිය හැත්තෑ හතේ ජාතිවාදී කෝලාහල ආරම්භයත් සමගම යාපනය සරසවියෙහි සියලුම සිංහලයන්ට යාපනය හැර යෑමට සිදුවිය. යාපනයේ සරසවියේ සිටි සිංහලයෝ බස්රථ දහයකින් යුධ රථ කිහිපයක දැඩි ආරක්ෂා සහිතව අනුරාධපුරයට ගෙන ආහ. ඔවුන් යාපනයේ සිටගෙන ආවේ අද යුද හමුදා කඳවුරක්ව ඇති සුනාත විශ්‍රාම ශාලාවටයි. ශිෂ්‍යයන් මෙන්ම ඇදුරන්ද අනෙක් සේවකයන්ද ඒ අතර වූයේය.

ඔවුන් අනුරාධපුරයට ගෙන එද්දී ජාතිවාදි ගින්දර අනුරාධපුරයම වසා පැතිරෙමින් තිබුනේය. තැන තැන ගිනි ගන්නා කඩ සාප්පු, මිනිසුන්ගේ අඳෝනාවන්, අයැදීම්, වැඳ වැටීම් සමග තවත් කෙනෙකුගේ පරැෂ වචනයන්, බැන වැදීම්, තර්ජනයන් මේ සියල්ල එකවර ඇසුනේය පෙනුනේය. යාපනයේදී ඔවුන්ට එරෙහිව නැගී සිටි පීඩකයා අනුරාධපුරයේදී පීඩිතයා බවට පත්ව ඇත්තේය.

ඔවුන්ව රැගෙන පැමිණි ආරක්ෂක අංශයන්හි වගකීම අනුරාධපුරයෙන් අවසන්ව ඇත. එතැන් සිට තම ආරක්ෂාව තමන් සලසා ගත යුතුය. නගරය නීතියේ පාලනයෙන් මිදී ඇත්තේය. නීතිය රැකීමට බැඳී ඇත්තන්ද වගකීමක් ගැනීමට සූදානමක් නැති සේය. ගමනාගමනය නැවතී ඇත. කඩපිල් වැසී ඇත. ඇරී ඇති කඩපිල්වල බඩු මුට්ටු එකිනෙකාට රිසි සේ ගෙන යන්නේය. හිස්වූ කඩ සාප්පු ගිනි තබන්නේ ඒවා තවදුරටත් අවශ්‍ය නැති බව හඟවමිනි. තවත් තැනෙක මිනිසෙකුට පහර දෙයි. ඔහුව මරා දමයි, සිරැරට ගිනි තබයි. නගරයේ තැනින් තැන අහසට විහිදී ගිය කොත් කැරළි ගිනි ගෙන දැවෙන්නාවු මනුෂ්‍ය ශරීරයන්ගේ සහ ඒ මනුෂ්‍යයන්ට ජීවිකාව ගෙන දුන් දේපලෙන් නැගෙන්නාවූ ගිනි දැල් සහ දුම් රොටු වලින් අව පැහැ ගැන්වී අති සේය.

බස් රථ ගමනාගමනය නැවතී ඇත. පුද්ගලික වාහන හෝ ටැක්සි රථ වෙනදා මෙන් නගරයේ තිබුනේ නැත. කොලඹට යා හැකි එකම ක්‍රමය දුම්රිය බවට පත්ව තිබුනේය. යාපනයේ සිට පැමිණියවුන් අනුරාධපුර දුම්රිය ස්ථානයට පැමිණෙන්නට වූයේ කෙසේ හෝ හැකි ඉක්මනින් කොලඹට පැන ගැනීමටය. දුම්රිය ස්ථානයද පාලනයෙන් බැහැර වී ඇත. ද්‍රවිඩ ජාතික දුම්රිය ස්ථානාධිපතිවරයා දුම්රිය ස්ථානයේම ඝාතනයට ලක්වී ඇත. මගීන්ගෙන් මෙන්ම සාහසිකයන්ගෙන්ද දුම්රිය වේදිකාවන් පිරී ඉතිරී ඇත. දිවි බේරා ගන්නවුන් හමුදාවේ මැදිහත්වීමෙන් කච්චේරියේ වත්තට ගෙන යයි. කච්චේරි වත්තද පිරී ඉතිරී ඇත. කචචේරි වත්ත මැදට වනසේ දිවි ගලවා ගත්තවුන් එක් රොක් වී සිටින්නේ ජාති මාමකයෙකුගේ අතින් ගිලිහෙන ගල් පහරෙන් බේරීම සඳහාය.

කොලඹ සිට පැමිණි පළමු දුම්රිය සිසුන් සියලුදෙනට වෙන් වූයේය. දුම්රිය කොලඹ බලා පිටත්විය. තවත් දුම්රියක් පැමිණෙන වෙලාවක් හෝ තවත් දුම්රියක් පැමිණෙත්දැයි කවුරැන් හෝ දැන සිටියේ නැත. කොලඹ යන්නට තවත් බොහෝ දෙනෙකු බලා සිටියි. වේදිකාවෙහි මෙන්ම එයින් පිටත ද සෙනඟ රැඳී සිටිති.

දුම්රිය ස්ථානය අභියස බොහෝ දෙනෙකු රැඳී සිටියි. පොලු මුගුරැ ගත්තෝද ඒ අතර වෙති. ඔවුහූ ගොදුරැ සොයමින් සිටිති. ඔවුහූ ඉව අල්ලමින් ගොදුරැ හඳුනා ගන්නට බලති.

ගෙවෙන සෑම මොහොතක්ම භයංකාරය. එලැඹෙන සෑම මොහොතක්ම අවිනිශ්චිතය. කෙනෙකු ඊලඟ නිමේශයක දකින දෑ හෝ විඳින දෑ කව්රැන් හෝ දැන සිටියේ නැත. දුම්රිය ස්ථානය ඉදිරියේ එක් මිනිස් පොදියෙකි. කාට හෝ පහර දෙනු ඇත. පහර කන්නා ප්‍රහාරකයන්ගෙන් වැසී ඇත. ඔහු පෙනෙන්නේ නැත. මේ මිනිස් පොදිය අතරින් ගැහැණියක බිම දිගෙහි ඇදෙමින් එලියට ආවාය. ඇයද ප්‍රහාරයට ලක්වී ඇත. කොන්ඩය කැඩී අවුල්ව ඇඳිවත ඉරි ගැලවී සිරැරෙහි තැන තැන තුවාලයන් සමග ඈ ඒ මහා මිනිස් පොදිය අස්සෙන් මතු උනාය. එසැනින්ම ඈගේ එක් අතක් රලුව අල්ලා ගත් තරැණයෙකු ඈ සිටි තැනින් ඈතට ඇදගෙන යන්නට වූයේය. ඈ තරැණයාට හස්බන්ඩ්, හස්බන්ඩ් යැයි කියමින් පිටුපස බලමින් ඒ මහා මිනිස් පොදිය දෙසට නිදහස් අත දිගු කලාය. ඔහු ඇයව තවත් දෘඩ ලෙස ග්‍රහ‍ණය කර ගනිමින් දුවන්නට වන. ඒ පිටු පසින් මිනිස් පොදියෙන් කැඩී ගිය කිහිප දෙනෙකු හඹා එන්නට වූ නිසාය. මිනිස් පොදියෙන් කැඩී ආවුන්ගේ මුවින් පිට වන්නේ දෙමලුන් දෙදෙනා අල්ලන්නටයැයි බලා සිටින්නවුන්ට කෙරෙන විධානයයි. එහෙත්.ඒ අවට කිසිවකුත් ඔවුන් අල්ලන්නට පැමිණියේ නැත. ඔහු ඇය අත ග්‍රහණය කොට ගෙන දුවන්නේය,ඇයද ඔහු හා සමානවම දුවන්නීය. ඇය ඔහුගේ ස්පර්ශය හැඳින්නීය. එම ස්පර්ශයෙන් සංවේදනය වන්නේ ආරක්ෂාව බව ඈ හැඳින ගත්තීය. මරණ බය විසින් ඔවුනට මහත්වූ ජවයක් ලබා දී ඇත්තාක් මෙනි, මිනිස් පොදියෙන් ගැලැවී ආ උන්ට සොයා ගත නොහැකිවනසේ දුව ගොස් රේල් පාරට පැන ගත්තේය. නැවතත් දුම්රිය ස්ථානයෙහි කෙලවරකට පැමිණියාහුය. ඇය රැක ගත හැකි එකම සහ හොඳම අභය භූමිය ලෙස ඔහු දුටුවේ දුම්රිය සංඥා කුටියයි. ඔහු ඈ ඒ අසල සැඟවූයේය. පැහැදිලි කල හැකි උපරිමයෙන් පැහැදිලි කොටඑතැනආරක්ෂාව ගැන සහතික දුන්නේය. ඇය හඩමින් කල කන්නලව්වක ස්වරෑපයේ ඉල්ලීම ඔහුට වැටහුනේ නැත. ඔහු යන්නට සැරසෙත්ම ඇය හඩමින් ඔහුට ස්තූති කලාය. ඔහු නැවතත් වේදිකාව ඔස්සේ ඉදිරියට ගමන් කරන්නේය. ඈ ඔහු යන දෙස බලා සිටියේ ඈගේ අවසන් ආරක්ෂකයාද ඈගෙන් වෙන්වූ ශෝකය නිසා විය හැකිය.

ඔහු සමග උදෑසන සිට
සැරිසැරෑ ඔහුගේ මහාචාර්යවරයා ඔහු සොයමින් සීනි සම්බල් තැවරෑ පාන් භාගයක් අතැතිව වේදිකාවෙහි බලා සිටින්නේය. ඒ සමගම තවත් දුම්රියක් පැමිණ වේදිකාවෙහි නවත්වන්නේ ඉතිරි සරණාගතයන්ද කොලඹට ගෙනයන්නටය. එය දවසේ අවසන් දුම්රියයි. මහාචාර්යවරයා සහ ඔහු ද ඇතුලු සෙනග පිරී ඉතිරී ගිය දුම්රිය සෙමින් සෙමින් වේදිකාවෙන් නික්ම සංඥා කුටිය පසුකරයත්ම ඇය මොහොතකට පෙර සැඟවුනු ආකාරයෙන්ම ගුලිවී වාඩිවී ඇදී යන දුම්රිය දෙස බලා සිටිනු ඔහුට පෙනුනේය. දුම්රිය පැමිණීමත් සමග දුම්රිය වේදිකාවට පැමිණි නාවික හමුදා භටයෝ සංඥා කුටිය දෙසට පිය නගන සැටි කවුලුවෙන් දුටු ඔහු සුසුමක් හෙලා සීනි සම්බෝල තැවරෑ පාන් කැබැල්ල අතට ගත්තේය.

( යාපනය සරසවියේ සිට පලා ආ සෙනග අතර උන් මහාචාර්යවරයා සුචරිත ගම්ලත් මහතා වන අතර ඔහුගේ ගමන් සගයා වී ඇත්තේ එම සරසවියේම සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කල අසෝක පීරිස් මහතාය)

ප්‍රේමය, දේශපාලනය, සහ නන්නත්තාර වූ ජීවිතය…

නීතිඥ උපුල් කුමාරප්පෙරුම

බිම්ගෙයි සිරකරුවා

දෙල්කඳ හන්දියේ වික්‍රම හෝටලය අද එතැන නැත. වික්‍රම හෝටලය බිමට සමතලා කොට ඇත. වික්‍රම හෝටලය ජීවිතයෙහිම කොටසක් බවට පත්වන්නේ එක්දහස් නවසිය අසූ අට නවය කාලයේදීය. රැවන් සහ මාගේ බොඩිම් තිබුනේ දෙල්කඳ හන්දිය ආසන්නයේය. වික්‍රම හෝටලය තුල ඒවයසට නොගැලපෙන සහ ඔරොත්තු නොදෙන්නාවු බොහෝ දේකතා කලේය. ප්‍රේමය, දේශපාලනය, යම් ආකාරයකින් නන්නත්තාර වූ ජීවිතය සහ අවිනිශ්චිත අනාගතය ඒ අතර විය.

බිම් ගෙයි 2බිම් ගෙයි සිරකරුවා

වික්‍රම හෝටලයේ පැයක හමාරක සමාගමය සෑමදාම පාහේ සිදුවිය. එය සැනසිලිදායකය. එකල කොලඹ, අප හඳුනන්නේ නැත, අපද කොලඹ හඳුනන්නේ නැත. ඇති වූ දේශපාලන කැළඹීමකින් අපව කොලඹට කොටු කර ඇත්තේය.

මේ කාලයේ රැවන්ගේ මිත්‍රයෙකුගේ මිත්‍රයෙකු අප හා මිත්‍රවූයේය. ඔහුද අප සමග වික්‍රම හෝටලයේ සවස් කාලයේ පැයක් හමාරක් ගතකරන්නට ආවේය. ඔහුගේ නවාතැනද දෙල්කඳ බෝඩිමකි. ගම බදුල්ලයි. අනූව වසරේදි රැවන් ඔහු හා මිත්‍රත්වය ඉතා හොඳින් පවත්වාගෙන ගියේය. මා එකල ඒ සමීපයේ නොවීය. නැවත වතාවක් මේ දෙදෙනා හා මිත්‍රත්වය අලුත්වන්නේ ඊට පසු වසරේය.

ඔහු බොහෝ අවස්ථාවල දහවල් කාලය ගතකලේ අප නවාතැනේය. අපට වඩා හොඳ නවාතැනක් ගෙන දීමට ඔහු ඉදිරිපත් වූයේය. අලුත් නවාතැනකට ගියද ඔහු බොහෝ දිනවල එහි රාත්‍රිය ගත කලේ නැත. කුමන හෝ හේතුවක් කියා ඔහු රාත්‍රියේ පිටව ගියේය. ඔහුට හදිසි පනිවුඩයක් දෙන්නට අවශ්‍යනම් දෙල්කඳ හන්දිය ආසන්නයේ වූ කුඩා වෙළඳ සැලක හිමිකරැ අපට හඳුන්වා දුන්නේය.

ඔහු සමහර දිනවල විශේෂ කෑමක් රැගෙන එන්නේය. නිවෙසක පිලියෙල කල කෑමද සමහර දිනවල ගෙන එන්නේ අම්මා සහ අක්කා ඔහු බැලීමට පැමිණි බව කියමිනි. කොතෙක් කීවද අම්මා සහ අක්කා ඔහු නවාතැනට ගෙනාවේ නැත. වෙනත් කිසිදු යහලු මිත්‍රයෙකු ගෙනාවේද නැත. රැවන්ගේ ඥාතියෙකු වූ දේශපාලකයෙකු දිනක් පැමිණි අවස්ථාවකද ඔහු මගහැර ගියේය.

කාලය ගෙවී යන්නේය. අනූ එක වසර වැඩි කාලයක් මා සිටියේ ගමේය. මසකට වරක් දෙකක් කොලඹ ආවද වැඩි කාලයක් රැඳුනේ නැත. ඔහු වැඩි කාලයක් ගතකලේ රැවන් සමගය. ඔහු රැවන්ගේ පොතපත ඉතා ආශාවෙන් බලමින් සිටි අවස්ථා බොහෝය. එහෙත් ඔහුට ඒවයෙහි තිබූ දෑ අවබෝධ වූයේ නැත.

දිනක් රැවන් හදිසියේ මාතර ආවේය. කලබලයෙන් පැමිණි රැවන්, ඔහු දින කිහිපයක සිට අතුරැදන් යැයි කීවේය. රැවන් සමග මමද කොලඹ පැමිණියෙමු. එහෙත් සොයා යන්නට තැනක් නොදන්නේය. වෙළඳසැල හිමිකරැද කිසිත් නොදන්නේය. දිනපතා ඔහුගෙන් විමසුවද ලැබුනේ එකම පිලිතුරකි. ඔහුද නොදන්නා බවයි.

දින සති ගෙවී ගියද ඔහු ගැන ආරංචියක් නැත. අනූ දෙක වසරේ මුල්මාසයේ වෙලඳසැල් හිමිකරැ ඔහු ගැන තොරතුරක් කීවේය. එහෙත් අඩමානයටය.ඔහු අත්අඩංගුවේය. ජීවතුන් අතරද ඇත්ද නැත්ද යන්න නොදන්නා බව කීවේය. එසේ වූ හේතු කිසිවක් කවුරැන් හෝ දැන සිටියේ නැත. අසනන්නට හෝ කෙනෙකු නැත. නැවතත් කාලය ගෙවුනේ ප්‍රශ්න ගණනාවක්ද සමගිනි.

අනූදෙක වසරේ අප්‍රයෙල් මාසයේ මුල් සතියේ අහම්බෙන් තොරතුරක් ලැබුනේය. එය කෙසේ ලැබුනේදැයි දැන් අමතකය. කෙසේ වෙතත් ඔහු බූස්සේ රැඳවුම් කඳවුරෙහි රඳවා ඇති බව දැන ගත්තේය. ඒ වකවානුවේ ඔහු බලන්නට බූස්සට යන්නට ඇත්තෙන්ම බියවිය. ඒ එකල තිබූ මර්ධනය සහ අනෙකුත් සාහසිකකම් දුටු නිසාය. එහෙත් ඔහු දැක ගැනීමට අවශ්‍යය. ඔහුට සිදුවූ දේ අසා ගැනීමට අවශ්‍යය. අපි කල්පනා කලෙමු. දිනෙක තීරණයකට ආවෙමු. අප්‍රෙල් දොලහ යමු. ගෙදරට කියන බොරැව; කරාපිටියේ රෝහලෙහි රෝගියෙක් බලන්න යනව කියමු. මෙහෙයුම ක්‍රියාත්මක විය. අපි බූස්සට ගියෙමු. දොදොල් කෑල්ලක්, කේක්, බිස්කට් සහ කැවිලි මල්ලක් රැගෙන ගියෙමු.

එදා කඳවුරෙහි අමුත්තන්ගේ පෝලිම දිගුය. පෝලිමේ අති බහුතරයක් වැඩිහිටියන්ය. තරැණ තරැණියෝ සිටියද සිටියේ වැඩිහිටියන් සමගය. අප පෝලිමේ ගොස් අදාල නිලධාරියාට නම කීවේය. රණවීර, ගෙවල් බදුල්ලේ , සොරණාතොට; එහෙම හොයන්න බැහැ. බදුල්ලෙ රණවීරල පන්සීයක් විතර ඉන්නව. අංකය සහ ශාලා අංකය ඕන. අප මේ කිසිවක් දන්නේ නැත. ඔහු අප පැත්තකට කලේය. පෝලිම දහවල් වනවිට අඩුවිය. අප එතෙක්වේලා රැඳී සිටිනු දුටු අර නිලධාරියා නැවත අපට කතා කලේය. ඔහු පොත්පත් කිහිපයක් පෙරලා ඇතුලේ කාමරයකට යන්නට අපට අණ කලේය. අප කාමරයට වී දොරටුව දෙස බලා සිටින්නේය. ඔහු සරමක් සහ කමීසයකින් සැරසී දොරටුවෙන් ඇතුල්වූයේය.
ඔහු පලමුව අප දෙදෙනා වැලඳ ගත්තේ කඳුලු කැට අප දෙවුර මත ගලා යෑමට ඉඩ හරිමිනි. ඔහු පලමුව කීවේ කෙදිනක හෝ අප පැමිණේයැයි බලාපොරොත්තුවක් විශ්වාසයක් ඔහු තුල තිබුනු බවයි. අද පැමිණ ඇත්තේ අප බව පණිවුඩය ලද විගස සිතූ බවද කීවේය. ඔහු ජීවත්ව සිටීම ඔහුටද පුදුමයක් බවද කීවේය. පහර කෑමෙන් ඇතිවූ තුවාල කැලැල් ඔහු අපට පෙන්වූයේ ඒ තුවාලයන්හි වේදනාවන්ද මුහුණෙහි සනිටුහන් කරමිනි. අපගේ වෙලාව අවසන්වන තෙක් ඔහු සමග රැඳී සිටි අප වේදනාත්මක සමුගැනීමකින් ඔහුගෙන් වෙන්වූයේ නැවත ඔහු බලන්නට එන බවට පොරොන්දු වෙමිනි.

එසේ වෙන්වී දින කිහිපයකින් ඔහුගෙන් ලිපියක් ලැබුනේය. ඔහු අපට ස්තූති කොට තිබුනේය. අප අනාගතයට සුබ ප්‍රාර්ථනා කර තිබුනේය. නැවත පැමණෙන විට කොට කලිසමක් රැගෙන එන්නයයැයි ඉල්ලීමක් කර තිබුනේය. ඔහුව නැවත බලන්නට යන්නට කෙතරම් සැලසුම් සෑදුවද කුමන හෝ හේතුවක් නිසා එය අතපසු වූයේය. කාලයත් සමග අතපසූවීම් සාධාරණීකරනය කරගන්නට හැකියාවක් අපටම ලැබුනේය.

අනුතුන වසරේදී මා නීති විද්‍යාලයේය. දිනක් මා මහාධිකරණය දෙසට කුමන හෝ කාරණයකට ඇවිද ගියේය. වේලාව දහවල් දෙකට පමණ විය. දම්වැලකට අමුනා ගෙන සිර මැදිරිය වෙත ගෙන යන හිරකරැවන් කිහිප දෙනෙකු මා ඉදිරියට පැමිණියේය. ඒ සමග මාගේ නම කියා කවුරැන් හෝ අමතනු ඇසිනි. මම හැරී බැලුවෙමි. දම්වැලෙන් ගැටගසාගෙන ගෙන යන සිරකරැවන් අතර ඔහුද විය. ඔහු මා දැකීමෙන් මහත්සේ සතුටු වූ මුහුණකින් සිනහ සෙමින් සිටියේය. මා සිරකරැවන් පිටුපසින් සිර මැදිරියටදෙසට ගියේ ඔහු සමග කතා කරන්නටය. ඔවුන් මැදිරිය තුලට දැමූ පසු කම්බි කූරැ අතරින් මම ඔහුට කතා කලෙමි.

නඩුවෙහි ඔහුට එරෙහි සාක්ෂි නොමැති බව කීවේය. නිදහස් වුවහොත් විදේශ ගතවන බව කීවේය. ඔහු රඳවා ඇති බන්ධනාගාරය මට කීවේ නැත. නඩුවෙහි දිනයද කීවේ නැත. ඔහු කීවේ මා නීති ශිෂ්‍යයෙකු බැවින් ඔහු සමග ආශ්‍රය ගැටලුවක් විය හැකි බවයි. මා කොතෙක්දෑ කීවද ඔහු එය වෙනස් කලේ නැත. ඒ ඔහු සිතූ හැටියි. අවසන කූඩුවේ කම්බි අතරින් ඔහුගේ ඔහුගේ හිස අත ගා ඔහුගෙන් වෙන් වුනෙමි. ඉන්පසු කිසි දිනෙක ඔහු නැවත හමුවූයේ නැත, ඔහුට සිදුවූ දෙයක් හෝ දන්නේ නැත…..

අවුරුදු දහ අටක පුතෙකු වෙනුවෙන් උපන් මවකගේ කදුළු

මේ අම්මා ට උදව් නම් අවැසිය.. අවුරුදු දහ අටක පුතෙකු වෙනුවෙන් තවමත් අත දරුවෙකු ලෙස සෙවණ සදන සුජාතා රත්නායක මට හමුවන්නෙ මගෙ පාසලේ දරුවෙකුගෙ මවක ලෙසය . ටීච අපෙ ගෙදරට ඇවිත් බලන්න ..

ඇය බොහෝ විට ඉල්ලීම ක් කළාය. මම පසුගියදා ඇගෙ නිවසට ගියෙමි. ඒ අවුරුදු දහ අටක් නමුත් තවමත් කිරි සප්පයෙකු තරම් වත් නොවු ඇගෙ පුතුට රෝද පුටුවක් රැගෙනය. ඒ සඳහා මට රෝද පුටුව ලබා දුන්නෙ මහින්ද වීරසිංහ අයියා සහ යහළුවන් ය .

2 (2)3 (2)

 මම එහි යන විටද ඔවුන් සිටියෙ අසළ කුඹුරක වැඩට ගොසිනි. ජිවිතේ පුදුමය. ඔවුන්ගේ නිවස අසළ පසුගිය වසරක නාය යාමට ලක්වු පෙදෙසක්ය. අසළ නිවාස අතහැර බොහෝ අය ගොස්ය. මේ දරු පවුලට යන්න තවම තැනක් නැත. මේ නියඟය ඔවුන්ට සහනයක් ව ඇත්තේ වැස්ස ආවොත් ඔවුන්ගේ ගෙපැලෙ ඉරණම ගැන සිතන්නට නොහැකි නිසාමය. දැනට පදිංචි නිවස සෘජුවම නාය යා හැකි බව ඔවුන්ට අදාළ ආයතන හරහා ලිඛිතව දන්වා ද අැත. 

අබාධිත පුතු පමණක් නොව තවත් දරුවන් දෙදෙනෙක් සිටින මෙම පවුලෙ අනෙක් දරුවන් ඉගෙනීමට දක්ෂය. මොවුන් දිවි සරි කරන්නෙ කුලී වැඩවල නිරත වීමෙනි. ඒ යන අතරේ අබාධිත පුතු ඉන්නෙ තනිවමය. 

මේ අම්මා ඉන්නෙ ගිනි ගොඩක ය. කුලියක් මලියක් සොයන්නට එළියට බසින්නෙ නිවස අති අවධානම් බව දැන දැනම පුතු දමාය. ඒ දෛවයේ සරදමය. සුජාතා තම මව වන මාලනී ගෙ වැල්ලවායේ ඉඩමේ නිවසක් හදන්නෙ මේ නිසාම නමුත් තවම ඇයට තම දරුවන්ට ආරක්ෂිතව එහි යාමට ගෙන යා නොහැකිව ඇත්තෙ නිවසේ වැඩ අහවර නැති නිසාමය. 

සර්පයන් බහුල එම ප්‍රදේශයේ පදිංචිය ට පෙර එක කාමරයක් හො කපරාරු කර පුතු එහි රදවා තම ජීවිත සරි කරන්න ට ඇයට එළියට බහින්නට අවැසිමය. එහෙත් වත්කම බිංදුවය. ජලය විදුලිය වැනි අවම පහසුකම් ටිකවත් සරි කරගෙන යම් ආරක්ෂාව ක් සහිතව ඒ කාමර දෙක ඉදිකර ගැනීමට ඇයට උදව් කිරීමට ඔබට හැකි නම් එය මහා දානයක් වනු ඇත. ඒ සඳහා ඇයට සෘජුවම ඔබට දායක විය හැකි අතර කිසිදු අතරමැදි ගැටළුවක් නැත.
ඒ සඳහා
බණ්ඩාරවෙල මහජන බැංකුවේ 037-2-002-4-6535117
R.M. සුජාතා රත්නප්‍රිය (මේ දරුවාගෙ මව)ගිණුම ආරම්භ කර ඇති අතර
ඒ ආරම්භයද Sameera Sachithra Madushanka Rajapakshaසහෝදරයා දුන් මුදල යොදා ගත් බව කියන්නෙ පින් සිතිනි.
හැකිනම් කරන්න ට යමක්
ඔවුන් හිදිවී සතුටෙන් මොන දුක තිබුණත්…

වැඩි විස්තර ඕනි නම් 0714407095 මට කතා කරන්න ..
දන්න තොරතුරු කියන්නම්

කමතට පැයූ මංගලම් සුභ මංගලම්


මේ නම් අපූරු මගුලක්මය. නිලට නිලේ බබළන වෙල් යායේ සිසිලස මැද්දෙන් කමතට පෑයූ මංගල සීනු හඩක එකෝමත් එක කතානතරයක්ය.

රටටම ණය වී මංගල ගමන් ගොස් පහුවදා සිට පස්ස කැඩුණු කූහුඹුවන් මෙන් ණය ගෙවා ගැනීමට දස අතේ දුවන අයට අපූරු ආදර්ශයක් දෙන මේ මගුල් තුලාව වාර්තා වෙන්නේ  ගම්පොල යක්හටුව ප්‍රදේශයේ වෙල්යායකිනි.

weddingaweddingb

යසන්තත් – ඕෂිත් සිය මංගල දිනයේ අභිමානය සනිටුහන් කිරීමට තෝරා ගත්රාතේ ගමේ වෙල්යායේ කදිමට සැරසූ කමතකි. කමතේ ඉදිකළ ගොක්කොළ පෝරුවක් මත පුරාණ චාරිත්‍රානු කූලව යුගදිවියට එළබුණු නව යුවල වෙනුවෙන් මංගල කෑම මේසය රසගැන්වූයේද සිංහල රසකැවිලි වලිනි. පැමිණි සිටි පිරිස්ද හෙල කුල සිරිතට ගැලපෙන පරිද්දෙන් සැරසී මේ මගුල් තුලාවට සපැමිණිමට හැකිතාක් උත්්සහ දරා ඇත්තේ එහි ඇති අපූර්වත්වය තව තවත් රස ගන්වමිනි.

ඡායාරූප එලිගන්ට් ස්ටුඩියෝ – ගම්පහ 

wedding 2 weddingweddingc weddingd weddinge weddingg weddingh weddingi weddingj