බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නිශාන්ත නිරිඇල්ල විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.
Business
බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නිශාන්ත නිරිඇල්ල විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (25) නැවතත් ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව, අද ඩොලරයක ගැනුම් මිල රු. 323.03 ක් ලෙස හා විකුණුම් මිල රු 336.16 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (24) සැලකිය යුතු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 321.10 ක් ලෙස හා විකුණුම් මිල රු 334.55 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස්වල මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
වෙළෙඳපොළේ පවතින ලිට්‍රෝ ගෑස් මිල සහ ලාෆ්ස් ගෑස් මිල අතර වෙනස රුපියල් 708 ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡා කර ඇති බවත් ඉදිරි සතිය තුළ මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට එම සමාගම පොරොන්දු වී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මේ වන විට ලිට්‍රෝ ගෑස් මිල සඳහා පමණක් ක්‍රියාත්මක මිල සූත්‍රය ලාෆ්ස් ගෑස් සදහාද ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.
ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළා.
ඉන් අනතුරුව සුපිරි වෙළෙඳසැල් හරහා ආනයනික බිත්තර අලෙවි කිරිමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
තිරිඟු පිටි මිල අද (18) සිට සංශෝධනය කිරීමට සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් තීරණය කර තිබෙනවා.
ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද සිට රුපියල් 10කින් පහළ දමන බවයි එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (18) ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 314.95 ක් ලෙස හා විකුණුම් මිල රු 328.65 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 313.29 ක් ලෙස හා විකුණුම් මිල රු 327.16 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
හෙට (15) සිට බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000 කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව මේ වනවිට රුපියල් 15,000ක් වන MOP පොහොර මිටියක් හෙට සිට රුපියල් 14,000කට මිලදී ගත ගත හැකි බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (13) සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 308.16 ක් ලෙස හා විකුණුම් මිල රු 321.87 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.